පැරණිම ලිඛිත භාෂාවන් ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ ක්‍රි.පූ. 2000-3000 අතර ලියැවී ඇතැයි විශ්වාස කරන “අක්කාඩියන් සහ සුමේරියන්” ලියවිලි වේ. අක්කාඩියන්, අසිරියානු අධිරාජ්‍යයේ භාෂාව විය. එනමුත් පසුකාලීනව බැබිලෝනියානු අධිරාජ්‍යය ස්ථාපිත වූ පසු ඔවුන්ගේ භාෂාවවූ “පුරාතන ඇරමැයික්” භාවිතාවීම ඇරඹුනි. එම ලියවිලි වල “ලෝකය මැවීම සහ පෘථිවිය වසාගත් ජලගැල්මක්” සිදුවූ බව සඳහන් ඇත. එමෙන්ම ලිඛිත ඊජිප්තු භාෂාවේ ආරම්භය ක්‍රි.පූ. 1900 ගණන් වල සිදුවූයේ යැයි විශ්වාස කෙරේ.
මෝසෙස් විසින් බයිබලයේ මුල් ග්රන්ථ පහ ලියන ලද්දේ ක්‍රි.පූ. 1400 ගණන්වලය. ඒ මුලින්ම කිවූ ලියවිලි වලට වසර 1000 කටත් වඩා පසුවය. එනමුත් “මැවීම පිළිබඳවත් සහ එතැන් පටන් ජලගැල්ම” තෙක් පරම්පරා දසයක්ද ඇතුලුව බොහෝ විස්තර ඔහු සඳහන් කරයි. එම පරම්පරා දසයේ මුල් පියවරුණ්ද, ඔවුන්ගේ කුළුඳුල් දරුවන් ඉපදුනු වර්ෂයන්ද මෝසෙස් සඳහන් කරයි. ක්‍රි.පූ. 701 ට පෙර පෘථීවිය සූර්යයා වටා ගමන් කිරීමට (භ්රමනය වීමට) ගෙන ඇත්තේ දවස් 360 ක් පමණක් බව තාරකා විද්‍යාව මගින් හෙළිදරව් කර ඇත. එබැවින් මෙම වයස් ප්‍රමාණයන් දවස් 360ක වසරයන් ගෙන් සමන්විත ඒවාය. ඒ අනුව ජලගැල්ම සිදුවී ඇත්තේ මැවීමේ සිට වසර 1656 ක් සම්පූර්ණ වූ කල බව, බයිබලයේ පළමුවන පොත වන උත්පත්ති 7:11 ප්‍රකාර දැනගත හැකිවේ.
මිනිස් ඉතිහාසයේ නිෂ්පාදනය වුනු පළමුවන නෞකාව, නෝවා විසින් සාදනු ලැබුවේ, උත්පත්ති 6:14-16 පදවල මැවුම්කාර දෙවිඳුන් විසින් ඔහුට පැවසූ ද්‍රව්‍යයන් සහ “මිනුම්” ප්‍රකාරවය. වර්තමාන ලෝකයේ එම නෞකාවට වඩා මහත් විශාල නැව් නිෂ්පාදනය කරනු ලැබුවත්, ඒවා තැනීම සඳහා අදටත් භාවිතා වන්නේ, නෝවාට දුන්නාවූ මිනුම් මත පදනම්වූ ගණනය කිරීම් වේ. ලොව පුරා නැව් රක්ෂණය කෙරෙන “ලොයිඩ්ස්” නැමැති සමාගම රක්ෂණය කරන්නේ, එම සංඛ්‍යාවන් හා සබැඳි නැව් පමණි.
උත්පත්ති 6 වන පරිඡේදයේ 1-5 දක්වා පදයන්හි, මැවුම්කාර දෙවිඳුන් විසින් ජලගැල්මක් එවීමට ‘හේතුවූ කරුණු’ කෙටියෙන් සඳහන්වේ. එනමුත් එය සවිස්තරාත්මකව සඳහන් වන්නේ මැවීමේ සිට අවුරුදු 800 කට පසු ‘ඒනොක්’ යයි සාමාන්‍යයෙන් හඳුන්වන, “හනූක්” නැමති පුද්ගලයා විසින් ලියන ලද ග්රන්ථයෙහිය. එම ‘හේතූන්’ ක්‍රියාත්මක වීමට පදනම් වූ කරුණු මෙලෙස විස්තර කලයුතුව තිබේ.
මිනිස් ඉතිහාසයේ ‘මුල්ම මිනීමැරුම’ සඳහන් වන්නේද උත්පත්ති 4 වන පරිඡේදයේය. ඒ ‘කායින්’ නැමති වැඩිමහල් සොහොයුරා, ඔහුගේ බාල සොහොයුරුවූ ‘ආබෙල්’ ඝාතනය කිරීමයි. ඕනෑම කෙනෙකුගේ ක්‍රියාවල ප්‍රතිඵල, ‘යහපත් වුවත් අයහපත් වුවත්’, “මෙම ජීවිතයේදී පවා නෙලාගන්නා බව”, සෑම දර්ශනවාදියෙක් පාහේ පවසා ඇත. බයිබලය පුරාවටමද එය සඳහන් වන අතර, විශේෂිතව ගලාති 6:7 හි “නොරැවටෙන්න, දෙවිඳුන්ට සරදම් කිරීමට කිසිවෙකුට බැරිය. යමෙක් වපුරන්නේ කුමක්ද එයම ඔහු නෙලාගනියි” යැයි සඳහන්වේ.
එම ක්‍රියාවෙන් පසු, දෙවිඳුන් කායින් හට පැවසූ දේ උත්පත්ති 4:10 – 12 දක්වා මෙලෙස ලියා තිබේ, “නුඹේ සහෝදරයාගේ ලෙයේ ශබ්දය, භූමියෙන් මට හඬගසයි. දැනුදු නුඹේ අතින්, නුඹේ සහෝදරයාගේ ලෙය පිළිගන්නා පිණිස මුඛය විවර කල භූමියෙන්, නුඹ ශාපලද්දෙක් වන්නෙහිය. එහෙයින් නුඹ එම භූමිය වගාකරන කල, ඈ මෙතැන් පටන් ඇගේ සාරවත්කම නුඹට නොදෙන්නීය” යනුයි. ප්‍රථමයෙන් ගොවියෙක්ව සිටි කායින් හට, එතැන් පටන් ආහාර පිණිස, වෙන කෙනෙකුගේ වගාවන් සොරකම් කිරීමට හෝ සතුන් දඩයම් කිරීමට සිදුවිය. සොරකම් කර මිනිසුන්ගේ එදිරිකාරයෙක් වනවාට වඩා, දඩයම් කිරීමට ඔහු පෙළඹී ඇත.
එහෙත් ඒ සඳහා නිසි ආයුධ එකල නොතිබුණු හෙයින්, කුමන අයුරකින් හෝ අල්ලා ගන්නා සතුන් මැරීමටත්, පසුව හමගසා, කපා ගැනීමටත්, තියුණු ගල් ආයුධ භාවිතා කිරීමට සිදුවුනි. ‘ගල් යුගයේ’ ආරම්භය එලෙස සිදුවුනි. මිනිස් ඉතිහාසයේ සඳහන් වන්නේ ගල් යුගයේ අවසානය සිදු වූයේ ක්‍රි.පූ. 2000 දී පමණ කියායි. කායින් ජීවත් වූයේ ක්‍රි.පූ. 4000ස් ගණන් වල හෙයින්, එය මේ යුගය හා සැසඳේ. තව දෙයක් පැහැදිලි කල යුතුව ඇත. ‘ගල් යුගය’ යනුවෙන් සදහන් වන්නේ, ‘මිනිසුන් ගල් ගුහා වල ජීවත්වූ කාල පරිඡේදයක්’ යැයි සමහරුන් සිතනවා ඇත. එනමුත්, ඉතිහාසය ප්‍රකාර පළමු ශිෂ්ටාචාරය තිබූ, මැදපෙරදිග පිහිටි ‘මෙසපොතේමියාවේ’ හෝ මැදපෙරදිග කුමන පලාතකවත්, ගල් ගුහාවන් නැත. ‘වැලි ගුහා’ නම් බොහොමයක් තිබේ. “ගල් යුගය” යැයි භාවිතා වන්නේ, ඉහත සඳහන් කර ඇති ප්‍රකාරයට, ‘ගල් ආයුධ’ ප්‍රයෝජනයට ගත් කාලයයි.
කලින් සඳහන් කල ප්‍රකාරයට, මිනිස් ඉතිහාසයේ පළමු ග්‍රන්ථය හනූක් ආරම්භ කලපසු, ඔහුගේ පුත්‍ර මෙතුසෙලා අවසන් කර ඇතැයි යන මථයක්ද වේ. ඒ ග්‍රන්ථය පිළිබඳව ලොව වැසියන්ට එතරම් වැටහීමක්, විසිවන ශතවර්ෂය වන තෙක් නොවීය. “එස්සීන්” වරුන් යයි හඳුන්වනු ලබන, යුදෙව් මිනිස් කණ්ඩායමක් මගින්, මීට වසර 2000 – 3000 කටත් ඉහත පිටපත් කරන ලද, “මළ මුහුදේ ලියවිලි” ලෙස හඳුන්වන ග්රන්ථයන්, ප්‍රථමයෙන් 1946/47 දී සොයා ගන්නා ලදී. එම ලියවිලි, කැනීම් කරන පුරාවිද්‍යාඥයෝ අදටත් සොයා ගනිමින් සිටිති. බයිබලයේ “නව ගිවිසුම” ලෙස හඳුන්වන කොටසේ, ‘එස්සීන් වරුන්’ විසින් පිටපත් කරන ලද ග්රන්ථයන් ගෙන් “උපුටා ගත් කියමන්”, 200 කටත් වඩා තිබෙන බව, මේවන විට සොයා ගෙන තිබේ. ඒවායින් සමහරක් මේ ‘හනූක්ගේ’ පොතෙන් වේ.
බයිබලය හෝ වෙන කිසිම පුරාථන ග්රන්ථ, මුලින් පරිච්ඡේද හෝ පද ලෙස වෙන්කර නොතිබුණි. ඒවා සිදුකරන ලද්දේ පසුකාලිනව වේ. එනමුත් උත්පත්ති 6:4 හි සඳහන් “නෙෆිලිම්” වරු සහ ඔවුන්ගෙන් පැවතුනු යෝධයන් පැමිණි අයුරුත්, ඒනොක්ගේ පොතේද 6 වන පරිච්ඡේදයේම සඳහන්වේ. ඒ මෙලෙසය. මිනිසුන් සහ දේශයන් රැකබලා ගැනීමට ‘මුර දේවතාවුන්’ පත්කරන ලදි. මිනිසුන්, සතුන් සහ ගස් වැල් ‘බෝවී වර්ධනය වන සැටි’ ඒ අය දුටුවෝය. එනමුත් ඔවුනට එලෙස බෝවීමට නොහැකි විය. මිනිසුන් අතර දරුවන් වදන්නේ ස්ත්‍රී පක්ෂය බවද ඔවුන්ට පෙණුනි. එහෙයින් ස්ත්‍රීන් තුලට යම් ‘බීජයක්’ යෙදිය යුතු බව පැහැදිලිවූ මුත්, ඒ සඳහා මාර්ගයක් ඔවුන් හට නොතිබුණි.
කායින්ට සහ ඔහුගේ පරම්පරාවට මාංශ භක්ෂණයේ යෙදීමට සිදුවූ බව ඉහත පෙන්නුම්කර දී ඇත. ලේ තැවරී තිබූ මස්ද ඔවුහු ආහාරයට ගත්තෝය. එම නිසා මුර දේවතාවුන් 200 කට කායින්ගේ පිරිමින් තුලට පැමිණීමට අවකාශ ලැබුණි. වර්තමානයේ පවා නොයෙකුත් ‘අශුද්ධ ආත්මයන්’ ලෙස හඳුන්වනන් ‘ලේ ඉල්ලා සිටින බව’ නොරහසකි. එලෙස එම මුර දේවතාවුන්ට, එම මිනිසුන් තුළින් ‘තමන්ගේ බලපෑමද ඇතුව පැමිණි බීජයන්’ ස්ත්රීන්ගේ කුසයන්හි තැන්පත් කිරීමට හැකිවුනි. ලෙවි කථාව 17:12 සඳහන් ප්‍රකාර “ලේ තැවරුණු මස් නොකන ලෙස” දෙවිඳුන් අණ කිරීමට, එයත් තව හේතුවක් වන්නට පුලුවන. කෙසේ වූවත් ඒ කරණකොටගෙන උපන් දරුවන්, විශල යෝධයන් වූ බව
උත්පත්ති 6:4 සහ 5හේ මෙලෙස ලියා තිබීමෙන් පෙන්නුම් කෙරේ. “ඒ දවස්හී නෙෆිලිම් පොළවෙහි සිටියෝය. ඉන්පසුත් දේව පුත්‍රයන් මිනිස් දූවරුන් වෙතට පැමිණි කල, ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා වැදූ දරුවෝ, පුරාණයෙහි සිටි කීර්තිමත්වූ, බලසම්පන්න මනුෂ්‍යයෝ වූහ” “මිනිසාගේ දුෂ්ටකම පොළෝ තලයේ ඉමහත් බවත්, සිතේ කල්පනාවල් සහ අරමුණු නිරන්තරයෙන්ම නපුරුව තිබෙන බවත් දෙවිඳුන් දුටු සේක”. එලෙසම ලෝකයේ බොහෝ රටවල යෝධයන් සිටි බව ඉතිහාසයේද සඳහන්ව ඇත. දුටුගැමුණු රජුගේ හමුදාවේ යෝධයන් දස දෙනෙකු සිටියේ යැයිද සඳහන්ව ඇති බව, ලංකාවේ වසන අපි දනිමු.
එම මුර දේවතාවුන් අපායේ පහලම අදියරයේ විනිෂ්චය දවස දක්වා තබා ඇති බව, බයිබලයේ 2 පේතෘස් 2:4 සහ යූද් 1:6 යන පදවල සඳහන් වේ. මේ දෙදෙනා කරන්නේ ‘ඒනොක්ගේ පොතේ’ ඇති දෙය, උපුටා දැක්වීමකි. ඒනොක්ගේ පොතේ සඳහන් ප්‍රකාර එලෙස මුර දේවතාවුන් 200 ක් වැටී ඇත.
නායක 18කගේ නම්ද ලියා තිබේ. ඒ අතර, වෙන විෂයක් පිළිබඳව ලෙවි කථාවේ 16 වන පරිච්ඡේදයේ ලියැවී ඇති, ‘අසාසෙල්ගේ’ නමද වේ. මෙලෙස සාමාන්‍යය මිනිස් ස්වභාවයට වඩා උස මහතින් විශාල කණ්ඩායමක් බිහිවීමට මූලික හේතුව වූයේ “ජාන වල විපර්යාසයක්” සිදුවීමයි. “නෆාල්” යන හේබ්‍රෙව් වචනයේ අර්ථය වන්නේ ‘වැටීමයි’. “නෙෆිලිම්” යනු ‘වැටුනු අය’ වේ.
එහි 9 වන පදයේ සඳහන්ව ඇති දේ නිසි ආකාරව පරිවර්ථනය වී නැත. ඊට හේතුව විය හැක්කේ, පරිවර්ථන ප්‍රථමයෙන් කෙරුණු, මීට වසර 500 කට පෙර යුගයේ, “ජාන” (DNA) සොයාගෙන නොතිබීමයි. එම පදයේ සඳහන් වන “දූරේ” යන හේබ්‍රෙව් වචනයෙන් “කරකැවෙන” යන්න අර්ථවත් වේ. එම නිසා එහි මුල් භාෂාවේ ලියා ඇත්තේ, “නෝවා තුල සිදුවන ‘කරකැවිලි’ නිසි ආකාරව (‘සම්පූර්ණව’ යැයි පරිවර්තනයේ ඇත) තිබූ බවයි”. ‘ජාන’ එලෙස ‘කරකැවෙන’ බව වර්තමානයේ බොහෝ දෙනෙක් දනිති.
භාජනයක තිබෙන පළතුරු වලින් එකක් හෝ දෙකක් හැරෙන්නට අනෙක් ඒවා නරක් වී ඇත්නම්, එහි ඇති ‘හොඳ පලතුරුද’ නරක් නොවීම සඳහා ඉවත් කිරීමට සිදුවන බව පැහැදිලිය. ඒවා අප හට කසල ගොඩට දැමීමට පුළුවන. එනමුත් අහස්තලයේ එවැනි කසල ගොඩක් නැත. එහෙයින් නොගිලෙන අන්දමට, මිනුම් වලින් සමන්විත නෞකාවක් සෑදීමට දෙවිඳුන් නෝවාට කියාදුන් සේක. ලොව දිගු කලක්ම ජීවත්වූ (වසර 969 ක්) ඉහත සඳහන් මෙතුසෙලාගේද උපකාරය ඇතුව, නෝවා තම පුතුන් තිදෙනා සමග එම නෞකාව සෑදුවේය. ඒ සඳහා ඔවුනට අවුරුදු 120 ක් ගතවූ බව සඳහන්ව තිබේ. එකල ජීවත්වූ අය එලෙස දිගුකල් පැවතුනහ. නැව සෑදීම නිමකර නෝවා තම පවුලද, සියලුම සතුන්ගෙන් ජෝඩුවක් සහ පිරිසිඳු සතුන් ගෙන් ජෝඩු 7 බැගින්ද රැගෙන නැවට ඇතුලු වූ දවසේ, ඔහුගේ වයස අවුරුදු 600 යි, මාස 2, දවස් 17 ක් බව, උත්පත්ති 7:11 හි සඳහන්වේ. ජලගැල්මෙන් පසු ඔහු පිටතට පැමිණියේ වසර 601කේ, දෙවනි මස 27 වන දින බව උත්පත්ති 8:13 සහ 14 සඳහන්ය. එකල පැවතුනේ දින 360 වසරයන් බව ඉහත සඳහන් කර තිබේ. එහෙයින් දවස් 370 ක් ඔවුන් එම නැව තුල ජීවත්ව සිට ඇත. මිනිස් ඉතිහාසයේ “දෙවනි යුගය” ආරම්භ වූයේ ඉන් පසුවය.
වෙබ් අඩවියේ මෙම කොටසට අදාලව, ජර්මානු දාර්ශණික හේගෙල් පවසා ඇතිදේ, ඔහුගේ ඡායාරූපයක් සමග පෙන්නුම්කර ඇත. එනමුත් ඔහුට වසර 2500 කට පෙර, එකල යුදෙයාව ලෙස හැඳින්වුනු ඊශ්‍රායලයේ විසූ සාලමොන් රජ, මෙලෙස ලියා තිබෙන බව දේශනාකාරයා 1:9 හි සඳහන්ව ඇත. “මතු ඇතිවන්නේ තිබුණාවූ දේමය, කරන්ට තිබෙන්නේ කළාවූ දේ මය, මෙසේ ඉර යට අමුතු දෙයක් නැත”. එහෙයින්, මේ සියල්ලක් කරණකොටගෙන වර්තමානයේ වසන අපහට අදාල වන්නාවූ කරුණු, පෙන්නුම්කර දිය යුතුව තිබේ.
තමන් අහස් නැගී ප්‍රකාරයටම, වළාකුල් පිරිවරා ගෙන අහසින් බසිමින්, නැවත වරක් මෙලොවට වැඩම කරන බව, ක්‍රිස්තුස් වහන්සේ වදාළ සේක. ඊට ප්‍රථම, ‘ලෝකයේ තත්වය කෙබඳුව තිබේදැයි?’ එතුමන් කල විස්තර, ‘ශුභාරංචි’ ලෙස හඳුන්වන, එතුමන්ගේ ජීවිතය සහ ඉගැන්වීම් සඳහන් ග්රන්ථයන්හී ලියා තිබේ. වර්තමාන ලෝකයේ සහ මිනිස් සමාජයේ තත්වයන් ‘එම කියමන්’ කෙතරම් නිවැරදිදැයි සනාථ කරති.
මෙම ලිපියට අදාල කියමන වන “තවද නොවාගේ දවස් වලදී වූවාක් මෙන්ම, මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීමේ දවස් වලදීත් වන්නේය” යැයි ලූක් 17:26 සඳහන්ව ඇත. මතෙව් 24:12 හි “අධර්මිෂ්ඨකම සීඝ්රයෙන් වැඩිවන බැවින් බොහෝ දෙනෙකුගේ ප්‍රේමය හීනවන්නේය” යයි පැවසූ බවද සඳහන්ව තිබේ. එය විස්තර කිරීමට නම් අවශ්‍ය නැත. එනමුත් නෝවාගේ කාලයේ දී “ජාන වෙනස්වූ හැටි” කලින් පෙන්නුම් කරදිය යුතුව තිබුණි. වර්තමානයේ මුර දේවතාවුන් නොපැමිණියත්, මිනිස් ජාන වෙනස් කිරීමේ වෑයම, “ක්ලෝනීයකරණයෙන්” ආරම්භවී, මේ වන විට ඉතා විශාල ව්‍යාප්තියක් බවට පත්වී ඇති බව නම් නොරහසකි.