ලූක් කතුවරයා, ඔහු ලියූ ශූභාරංචිය මෙන්ම “ක්‍රියා පොතද” තියෝෆිලස් නැමැති කෙනෙකු වෙත ලියා ඇති බව, පොත් දෙකේම ආරම්භයේදීම දැකගත හැකි කරුණකි. ඒ තැනැත්තා කවුරුන් විය හැකිදැයි අපි ක්ර්රියා පොතේ 4 වැනි පරිච්ඡේදයට පැමිණි කල දැකගන්නට යන්නෙමුව.
යාඃෂුවා වහන්සේ මළවුන්ගෙන් උත්ථානව, දවස් 40ක් තුල, කළ කී දේ ‘ක්‍රියා’ 1:3 නේ සඳහන්වේ. එලෙසම ලූක් ශූභාරංචියේ 24:41 – 43 සහ යොහාන් 21:9 සහ 13 වෙනි පදද, එලෙසම එතුමන් කළ කී දේ සඳහන් කරමින්, ආහාර පවා අනුභව කල බවද පෙන්නුම් කරයි. එලෙසම අපද මරණින් නැගිටුනු පසු, ’‘ජීවන වෘක්ෂයෙන්ම’’ අනුභව කරන බව, එළිදරව් 2:7තේ යාඃෂුවා වහන්සේම පවසනසේක. එම පොතේම 19 වැනි පරිච්ඡේදයේ බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යයේ ‘භෝඡුන සංග්‍රහය’ [9] ගැන පවසයි. වැඩිපුරම උපුටා දක්වන බයිබල් පදය එළිදරව් 3:20 වේ. එහිදීද ‘ආහාර අනුභවය‘ සඳහන් වේ. එය මුලික වශයෙන් ඊශ්‍රායෙල් ඇතුළු මුළු මැද පෙරදිගටම අදාල වන්නේ, ‘‘සහභාගිකම්’’ සම්බන්ධවවේ. ලංකාවේ අපි “එන්න තේ එකක් බොමු” යයි පවසනවා සේ, අදටත් යුදෙව් මිනිසුන් තම මිතුරන්ට ආරාධනා කරන්නේ “එන්න රොටි කඩමු” කියායි.