මුලු ලෝකයේම අවධානය නැවතත් මැදපෙරදිග දෙසට යොමුව තිබෙන බව නොරහසකි. ඇමරිකාවේ බලය හීනවෙමින් පවතින අතර චීනය මහත් ලෙස බලසම්පන්න වන බවද මනාව පෙනේ. එමෙන්ම දුගී රටක් ලෙස සැලකුනු ඉන්දියාවද, එංගලන්තය අභිබවා පස් වන ආර්ථික බලවතා බවට පත්ව ඇත. මෙලෙස මුලු ලෝකයම මහත් පෙරලිකාර තත්වයකට පත් වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත.
කිසිම බලගතු රාජ්‍යයක්, තවත් රාජ්‍යයකට, ඉතා පහසුවෙන් තම බලය අභිබවායාමට ඉඩ නොදෙන බව ඉතිහාසයේ පෙනෙන්නට ඇති කරුණකි. පසුගිය ශතවර්ශයේ ලෝක සංග්රාම දෙකක්ම සිදුවූයේද එහෙයිනි. ‘තුන්වන ලෝක සංග්‍රාමයක්’ ඇතිවේයයි සමහරුන් අනතුරු ඇගවීම් කෙරෙන්නේද එම නිසාමය. එනමුත් තුන්වන යුද්ධයකට වඩා වෙනස් ආකාරයක විපර්යාසයක් සිදුවන්නට යන බව, බයිබලය අවංකව හදාරන ඕනෑම කෙනෙකු හට පැහැදිලිව දැකගතහැකි සත්‍යතාවයකි. ඒ පිළිබඳව අදාල වන්නාවූ කරුණු සමහරක් මෙම ලිපියෙන් පෙන්නුම් කෙරනු ලැබේ.
විශ්වයේ සෑම දෙයක්ම චක්රාකාරව සිදුවන බව බයිබලයේ පමණක් නොව විවිධ දාර්ශණිකයෝද පවසා ඇති දෙයකි.
“මතු ඇතිවන්නේ තිබුණාවූ දේමය; කරන්ට තිබෙන්නේ කළාවූ දේමය. මෙසේ ඉර යට අමුතු දෙයක් නැත” යැයි දේශනාකාරයා 1:9 හි සඳහන්ව ඇත.
මිනිස් ශිෂ්ටාචාරය මෙසපොතේමියාවෙන් ඇරඹුනු බව ලෝක ඉතිහාසයේ සඳහන්වේ. එය යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගාවන් අතර බව බොහෝ දෙනා දන්නා කරුණකි. මිනිස් පරපුර ව්‍යාප්ත වන කල ඔවුන් මිසර දේශයද පසුකරමින් ලිබියාව සහ ඉතියෝපියාව දක්වාද පැතිර ගිය ආකාරය, නොයෙකුත් කණ්ඩායම් වල නායකයන්ගේ නාමවල්ද ඇතුළුව, බයිබලයේ පළමු පොතේ 10 වන පරිච්ඡේදයේ සඳහන්ව තිබේ. මෙලෙස මැදපෙරදිගින් ඇරඹුනු මනුෂ්‍ය සංහතියේ ව්‍යාප්තවීම, රෝම අධිරාජ්‍යය කරණකොටගෙන බටහිරට ගලාගොස් වර්තමානයේ රූසියාව, චීනය සහ ඉන්දියාවද නොයෙකුත් අංශයන්හි බලවතුන් බවට පත්කර තිබෙන ආකාරය දැකගතහැකිය. මේ රටවල් තුනේම පුරාතනයේදී බලගතු අධිරාජ්‍යයන් තිබූ බව බොහෝ දෙනා දනිති. නුමුත් පසුකාලිනව එම රාජ්‍යයන් පිරිහී ගියහ. දැන් ඒවා බලගතුව ඇත්තේ ආර්ථික අංශයෙනි.
මේ අයුරින් බලපරාක්රම චක්‍රය සම්පූර්ණ වී ඇති ආකාරය මනාව දැකගතහැක. ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට ආසන්න අදියරයක සිටින බවට සාධක තිබෙන අතර, කටාර් සහ සෞදි අරාබිය යන රටවල්ද ආර්ථිකව බලවතුන් බවට පත්ව සිටිති.
ධනය සහ බලය උඩඟුව වර්ධනයකරයි. පුරාතනයේ අවිබලයෙන් ජාතීන් මැඩපැවැත්වූ අතර, වර්තමානයේ බහුල ලෙස එසේ කෙරෙන්නේ “ආර්ථික බලපෑම් මගින්” බව ප්‍රසිද්ධ රහසකි.
මෑතක් වන තුරුම එලෙස මුලු ලොවම මැඩපවත්වාගෙන සිටි ඇමරිකාවේ එම බලය පිරිහී ඇති අතර, වර්තමානයේ චීනය එම ස්ථානය අත්පත්කරගෙන තිබෙන බවද නොරහසකි.
මැදපෙරදිග වර්තමානයේ භාවිතා වන කියමනක් වන්නේ “ඇමරිකාව බෝම්බ දමයි. චීනය ගොඩනගයි” (America Bombs, China Builds) යන්නයි. ලෝකයේ නොයෙකුත් රටවල උද්ගෝෂන සහ ගැටුම් ඇතිවන බවද පෙනෙන්නට තිබේ.
එනමුත් ඉතාමත් භියකරු අදියරයක මැදපෙරදිග තිබෙන බව කොපමන දෙනෙක් දැනසිටීදැයි ප්රශ්නයකි. ඊට මූලික හේතුව වන්නේ, ඉශ්‍රායලය සහ එය අවට තිබෙන්නාවූ රාජ්‍යයන් වල ඇති “වාතාවරණයයි”.
1948 වර්ශයේ සිට 1973 දක්වා සිව් වතාවක් (4) නෙයෙකුත් අරාබි රාජ්‍යයන් ඉශ්‍රායලය ආක්‍රමණය කළහ. ඒ සියල්ලම ඉශ්‍රායලය ජයගත් බැවින් දෝ, ඉන්පසුව ත්‍රස්ත ක්‍රියාවල් වලට මුල්තැන ලැබුනි. ඊජිප්තුවේ හිටපු ජනාධිපති අබ්දුල් ගමාල් නසාර් ගේ අනුබලය ඇතිව එහි පුරෝගාමියා වූයේ යසාර් අර්ෆත් ය. වර්තමානයේ ලෙබනනයේ සිටින ‘හිස්බුල්ලා’ සහ ගාසා තීරයේ සිටින “හාමාස්, පලස්තීන ඉස්ලාමික ජිහාඩය (PIJ)ද’ ඇතුලුව, යෙමනනයේ ‘හූති’ ත්‍රස්ත කල්ලියටද ආයුධ, මුදල් සහ පුහුණුකිරීම් ඇතුලු සෑම සහයෝගයක්ම සපයන්නේ ඉරානය බවද බොහෝ දෙනා දනිති. ඒ සියලු ත්‍රස්ත කණ්ඩායම් හි එකම අරමුණ “ඉශ්‍රායලය නැමති රට ලෝක සිතියමෙන් අතුගා දැමීම” බවද ඔවුන් ප්‍රසිද්ධියේ පවසන දෙයකි.
වර්ත මාන ඉශ්‍රායලය ආර්ථික වශයෙන්ද, අවි ආයුධ සහ ආරක්ෂක විධිවිධාන අතින්ද “ඉහළම මට්ටමක” සිටින බවද, සෑම දෙනාම පාහේ දන්නා කරුණකි. එම නිසාම ඉශ්‍රායලයේ උඩඟුවද ඉමහත්ය.
ලොව මවා පාලනය කරන සර්වබලධාරී දෙවිඳුන් ඉතාමත් අකමැති දෙය වන්නේ ද ‘උඩඟුවයි’. එබැවින් ඉශ්‍රායලය ‘එම උඩඟු බවින් මුදා’ යටහත් අදියරටකට ගෙනෙන බව, එතුමන් පවසන බව, යෙසායා 29 වන පරිච්ඡේදයේ ලියා තිබේ.
‘සුන්නි සහ ෂියා’ යන ආගමික කොට්ඨාශයන් දෙක අතර නොයෙකුත් ගැටීම් ඉතිහාසය පුරාවටම සිදුව ඇත. ෂියා කන්ඩායමේ නායකයා වන්නේ ඉරානය වන අතර සුන්නි කාන්ඩායමේ නායකත්වය දරන්නේ සෞදි අරාබියාවයි. එනමුත් මෑතකදී චීනයේ මැදිහත්වීමෙන් එම රටවල් එකතුවී තානාපති සම්බන්ධතාද නැවත ස්ථාපිතකර ගත්හ.
එබැවින් තම ගුවන් තොටුපලට නොයෙකුත් පහරදීම් කර සිරභාරයේ සිටි ‘හූති ත්රස්තවාදීන්’ පවා “හොඳ හිත පෙන්වන පිණිස” සෞදි අරාබිය විසින් නිදහස්කර හැරියේය. සිරියාවේ උද්ගතවූ ගැටුම්කාරී වාතාවරණයට හේතුව ලෙස සැලකුණු, එහි නායක ඉස්ලාමික ‘අලවයිට්’ කල්ලියට අයත්, බෂාර් එල් අසාඩ් අරාබි සමුළුව මගින් පිළිනොගෙන සිටිය මුත්, පසුගිය මාසයේ රියාඩ් නුවර පැවති එම සමුළුවට, ඔහුටද ආරාධනා කර තිබුනි. එයට සහභාගීවූ ඔහු, නැවත එම කණ්ඩායම සමග එක්වීම ‘ඉමහත් ප්‍රීතියක්’ ලෙස සලකන බවද පවසා සිටියේය. මෙලෙස නොයෙකුත් ආකාරයට බෙදී තිබූ අරාබි රටවල් වර්තමානයේ එකමුතුවී සිටිති.
ලොව විශිෂ්ටතම රහස් ඔත්තු සංවිධානය ඉශ්‍රායලයේ “මොසාඩ්” බව බොහෝ දෙනෙකුගේ මතයයි. ඔවුන්ට රහස් ඔත්තු ලබාගැනීමට ඇති තාක්ෂණික උපාංග, CIA වැනි කණ්ඩායම් වලටද නොමැත. එමනිසා මෙම සෑම ත්‍රස්ත කණ්ඩායමකම ක්‍රියාපටිපාටීන් සහ අරමුණු පිළිබඳව, ඉශ්‍රායලයේ ආරක්ෂක අංශයන්ට මනා අවබෝධයක් ඇත. ලෙබනනයේ සිටින හිස්බුල්ලා ත්‍රස්ත කණ්ඩායමට නොයෙකුත් නවීන අවි ආයුධ ඉරානයෙන් නිතර පිටත්කරහරිනු ලැබේ. එම සෑම රථ කණ්ඩායමකටම (Convoys) ඉශ්‍රායලය විසින් මිසයිල මගින් හෝ ගුවන් යානා භාවිතා කරමින් පහරදෙනු ලැබේ. පසුගිය අගෝස්තු 13 වන ඉරිදා උදෑසන සිරියාවේ අගනුවර වන දමස්කයේ පිහිටි අවි ගබඩාවක් ගිණිබත් වූ අතර, කලින් එවැනි දෙයක් සිදුවූ විගසම ඉශ්‍රායලයට චෝදනා නගන සිරියානු මාධ්‍යය, මුලින් නිහඬව සිට සුපුරුදු කාලය ගතවූ පසුව, එය සිදුවුනේ ‘ඉශ්‍රායලයේ ප්‍රහාරයකින්’ බව කියා සිටියේය. එලෙස චෝදනා නැගීමට ප්‍රමාද වීමට හේතුව, එම ගිණිබත් වීම වෙනත් හේතූන් නිසා සිදුවන්නට ඇති දෙයක් නිසා යැයි, මෙම තත්වයන් පිළිබඳව විමසිලිමත්ව සිටින ස්වාධීන විශාරදයන්ගේ මතයයි.
ඒ කෙසේ නුමුත්, දමස්කය නටබුන් නගරයක් වන බව යෙසායා 17:1 හි ලියා තිබේ. ඉහත දැක්වූ තත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ ඉශ්‍රායලයේ පහරදීමකින් තොරව වූවත් දමස්කය විනාශවූ විට, ඉශ්‍රායලයට චෝදනා කරමින්, අවට තිබෙන රටවල් පහරදීමකට එළඹෙන බවයි.
එවිට යෙසායා 29:1-3 දක්වා ලියා තිබෙන අනාවැකි සම්පූර්ණ වනු ඇත. ගීතාවලිය 83 හි ලියවී ඇත්තේ, ඉන්සුව “පහත්කරනලද” ඉශ්‍රායලය මගින්, දෙවිඳුන් වෙත කරනු ලබන ආයාචනයයි. එකල සර්වබලධාරී දෙවිඳුන් දක්වන ප්‍රතිචාරය ලියා තිබෙන්නේ, යෙසායා 29:4-8 දක්වායි.
ලෙබනනය, එහි පිහිටි පුරාතන වරායන් වන තීර් සහ සීදොන් සමග සෙකරියා 9:3-4 හි සඳහන්වේ. තීර් වල පවුර මුහුදේ හෙළා දමන බව එම 4 වන පදයේ සදහන්ව ඇත.
ක්‍රි.පූ. 332 දී ඇලෙක්සැන්ඩර් රජ එලෙසින්ම එම නගරය යටපත් කරගත් ආකාරය ඉතිහාසයේ සදහන්ව තිබේ. තවද එම නගරයන් ගිනිබත් වන්නට යන බවද ලියා ඇත.
සෙකරියා 9:5 හි සදහන්ව ඇත්තේ එම නගරයන්ගේ විපත්තිය දකින “අෂ්කෙලොන්, ගාසා සහ එක්‍රොන්” භිය වී වේදනා විඳින ආකාරයයි. ක්‍රි.පූ. 332 එවැන්නක් සිදු නොවීය.
එහෙයින් එම අනාවැකිය නුදුරු අනාගතයේදී සම්පූර්ණ වියහැකි බවට දැන් පවතින තත්වය මැනවින් පෙන්නුම් කෙරේ. ලෙබනනයේ මහා ගින්නක් ඇතිවී කිහිරි ඇතුලු අනෙකුත් වෘක්ෂයන්ද විනාශ වන බවද සෙකරියා 11:1-2 හි ලියා තිබේ.
වර්තමාන ඉශ්‍රායලයේ අර්බුදකාරී තත්වයන් නොයෙකුත් අංශයන්ගෙන් ඉස්මතුව ඇත. පලස්තීන අධිකාරිය යටතේ පවතින හුවාර් (Huwar) නගරයේ ලැගුම්ගෙන සිටින ත්රස්තවාදීන්, සෑම දිනකම පාහේ යුදෙව්වන්ට පහරදෙමින් බොහෝ දෙනෙකු මරණයට පත්කරමින්ද සිටිති.
දේශපාලනික ලෙසද වාමාංශික සහ දක්ෂිනාංශික වශයෙන් වර්තමාන ඉශ්‍රායලය, මීට පෙර නොතිබූ ආකාරයකට බෙදී සිටිති. එයට ප්‍රථමයෙන් මුල් වූයේ වසර දෙකක් තුල මැතිවරණ කිහිපයක් පැවැත්වීමයි.
එහි ප්‍රතිඵලයක් ලෙස නෆ්තාලි බෙනට්, යයීර් ලපීඩ් සහ වර්තමානයේ නැවත වරක් පත්ව සිටින බෙනියාමින් නෙතානියාහු යන තිදෙනා ඉතා කෙටිකාලයක් තුල අගමැති ධූරයන් ඉසිලුවෝය. එඬේරුන් තිදෙනෙකු ‘එකට මාරුකරන’ බව සෙකරියා 11:8 හි සඳහන්ව තිබේ.
පරිවර් තනයන්හී “එක මාසයක්” ලෙස සඳහන් වූවත්, මුල් භාෂාවේ කියැවෙන්නේ ‘මාසයක්’ නොව “කඩිනමින් මාරුකරන” යන අදහසයි. එහි දැක්වෙන්නේ “සංගීත පුටු ක්‍රීඩාවේ” සිදුවන ආකාරයේ දෙයක් ලෙසිනි.
යයීර් ලපීඩ් අන්ත වාමාංශික පුද්ගලයෙකි. ඔහු වර්තමාන ඉශ්‍රායලයේ විරුද්ධ පක්ෂයේ නායකයා වේ. ඉශ්‍රායලයේ මේතාක් බිහිවූ දක්ශිනාංශිකම ආණ්ඩුව, නෙතානියාහුගේ නායකත්වයෙන් පිහිටි වර්තමාන ආණ්ඩුව බව සෑම දෙනාම පාහේ කියාසිටින දෙයකි. “කෙනෙසෙට්” නමින් හැඳින්වෙන ඉශ්‍රායලයේ පාර්ලිමේන්තුව තුල එම ආණ්ඩුව ශක්තිමත්ව සිටින නිසාම, දසදහස් ගනන් සෙනඟ මහපාරට බස්වා, රට පුරාම විරෝධතා පැවැත්වීම වාමාංශික අයගේ ක්‍රියාපටිපාටියයි. ඇමරිකාවේ වර්තමාන ජනාධිපතිද වාමාංශික හෙයින්, එම රටේ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉශ්‍රායලයේ මෙම ක්‍රියාවලියට‘මුදල් සැපයෙන බවද’ බොහෝ දෙනෙකු දන්නා කරුණකි.
හිටපු වාමාංශික ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ බාරක් ඔබාමා වැනි අයගේ කාලවලදීද, එවැනිම නෙතානියාහුට එරෙහි විරෝධතා, මෙලෙසම ඇමරිකානු මුදල් උපයෝගී කරමින් පැවැත්වූ බවට, එම දෙදෙනාම පසුකාලිනව ප්‍රසිද්ධියේ පවසා ඇත.
මෙලෙස පිටස්තරව සහ අභ්‍යන්තරවද, ඉශ්‍රායලය සිටින්නේ ඉතාමත් අවිනිෂ්චිත තත්වයකයි.
ක්‍රි.ව. 70 දී තීතස්ගේ නායකත්වයෙන් රෝම හමුදා යෙරුසලම, එහි තිබූ දේවමාලිගාවද සමග විනාශකිරීමට පෙරාතුවද, මෙවැනිම අර්බුදකාරී තත්වයක් එහි තිබූ බව ඉතිහාසඥයෝ පවසා ඇත.
ඉහත සැකෙවින් පෙන්නුම්කර ඇත්තේ, බයිබලයේ අනාවැකි ඉතා නුදුරේදීම සම්පූර්ණ වීම උදෙසා, මැදපෙරදිග උද්ගතවී ඇති වර්තමාන තත්වයයි.