මැද පෙරදිග පිහිටි කුඩාම රට වන ඉශ්‍රායලය වෙත, මුළු ලෝකයේම අවධානය උපරිම ලෙස, ‘දීර්ඝ කලකට’ යොමුවී තිබීමම පුදුමයට කරුණකි. සිංගප්පූරුව වැනි කුඩා රටක සිදුවන දේ හෝ දූපත් සමූහයකින් සමන්විත වූ ‘ත්‍රස්තවාදී ක්‍රියාද’ කෙරෙන පිලීපීනය වැනි රාජ්‍යයකට පවා, මේ හා සමාන දිගු කාලින අවධානයක්, ජාත්‍යන්තර වශයෙන් කිසි කලෙකත් යොමුවූයේ නැත.
තව උදාහරණයක් ගතහොත්, කොවිඩ් උවදුරට ප්‍රථම, ආසියාවේ බලවතුක වන ඉන්දියාව, කාෂ්මීර දේශයට යම් බලපෑම් කළේය. ඉන්දියාව එසේ කලේ කාශ්මීරයෙන් ‘එක රොකට්’ එකක් වත්, ඉන්දියාවේ කිසිම නගරයක් වෙත යොමුකර නොකරය. කාෂ්මීර වැසියන් හට එවැනි ආයුධ නැත. යම් අන්දමිකින් හෝ ලබාගෙන, ඔවුන් ‘එක රොකටයක්’ හෝ එල්ල කළේ නම්, ඉන්දියාවේ ප්‍රතිචාරය කෙබඳු? විය හැකිදැයි කාහට වුවත් සිතාගන්නට පුළුවන. එනමුත් ‘ලෝක මාධ්‍යය’ එය කුමන කෝණයකින් වාර්තා කරාවිද? යන්න, වෙනම ප්රශ්නයකි. ඒ කෙසේ වෙතත් එම සිද්ධින් සම්බන්ධව ලෝක මාධ්‍යයෙන් එතරම් විශාල ප්‍රචාරයක් නොවීය. ඉන්දියාවෙන් පිට ‘සමාජ මාධ්‍ය’ තුල පවා වැඩි පලවීමක් දකින්නට නොතිබුණි.
ජාත්‍යන්තර මාධ්‍ය වේවා, යම් රටක දේශීය මාධ්‍ය වේවා, වැඩි වශයෙන් ප්‍රචාරය කරන්නේ, තම හිමිකරුවන්ගේ ‘න්‍යාය පත්‍රයට’ අදාල තොරතුරු බව, බුද්ධිමත් අය දනිති. එලෙසම හටගන්නා සිද්ධීන් ‘උලුප්පවා’ දක්වමින්, ආර්ථික වාසි උදෙසා තම ශ්‍රේණිගත කිරීම් (Ratings) ‘ඉහල’ දමා ගැනීමේ ප්රයත්නයක්ද තිබෙන බවද නොරහසකි. මෙවැනි හේතූන් නිසා ඕනෑම කාරණාවක් පිළිබඳව “සැබෑ තත්වය” කුමක්දැයි? අවංකව සොයන අය හට පවා, එය දැනගැනීම අසීරු කරුණක්ව තිබේ. මෙම ලිපිය එවැනි අය හට යම් අන්දමිකින් හෝ උපකාරයක් වේවා.
ලොව සිදුවන සෑම දෙයකටම “ඉතිහාසයක්” ඇති බව, පළමුව ඒත්තු ගත යුතුව තිබේ. එම ඉතිහාසය පිළිබඳව නිසි වැටහීමකින් තොරව, සිදුවන ‘කුමණ දෙයක්’ පිළිබඳ උවද, නිවැරදි අවබෝධයක් ලබා ගත නොහැකිය.
අක්කාඩියන්, ඊජිප්තු සහ අරාමියන් (සිරියානු) ලියවිලි වල මෙම දේශයපිළිබඳව සඳහන් වන්නේ, එම රාජ්‍යයන් මෙම දේශය හා සටන් වැදුනු අවස්ථා සම්බන්ධව පමණි. එම ලියවිලි වල, පුරාතනයේ මෙම දේශයේ විසූ මිනිසුන්ගේ ‘ජනවාර්ගික නාමයන්’ සඳහන් වූවත්, වැඩි විස්තර නැත.
එම නිසාම, බොහෝ අවස්ථාවන්හීදී මැදපෙරදිග ‘කැණීම්’ කරන පුරාවිද්‍යාඥයන් පුරුද්දක් ලෙස කරන්නාවූ කාර්ය්යක් අපටත් කිරීමට සිදුව ඇත. එම පුරාවිද්‍යාඥයෝ බහුතරයක් කියා සිටින්නේ, ඔවුන් අලුතින් යම් ස්ථානයක් සොයාගත් කල, එය “කුමක් විය හැකිදැයි?” සලකා බැලීම සඳහා, ප්‍රථමයෙන් යොමුවන්නේ “බයිබලය වෙත” බවයි. එයින්ම බයිබලයේ සඳහන් දේවල්, මෙම “දේශය” වෙත කෙතරම් අදාලදැයි පෙන්නුම් කෙරේ.
එහෙයින්, මෙම දේශයත්, එහි විසූ ජනවාර්ගික කොටස් ගැනත්, සවිස්තරාත්මකව සඳහන් වන්නාවූ “බයිබලය” වෙත අපගේ අවධානය යොමු කිරීම වඩා උචිත වේ.
බයිබලයේ මුල් පොත වන ‘උත්පත්ති’ 10 වන පරිච්ඡේදයේ, නෝවාගේ පුතෙක් වූ හාම් කරණකොටගෙන පැමිණියාවූ පරම්පරාව, එම දේශයෙන් පිටත්ව, වර්තමානයේ “මැදපෙරදිග” ලෙස හඳුන් වන ප්‍රදේශයට පැමිණ පදිංචි වූසැටි ලියැවී ඇත. ඒ අයගෙන් සමහරුන් අප්‍රිකානු මහද්වීපයේ ඉතියෝපියාව, සෝමාලියාව වැනි රටවල් වන තෙක් ගමන් කල සැටිද සඳහන්ව තිබේ.
අප විසින් ඒත්තුගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ, පුරාතනයේ යම් භූගෝලීය ස්ථාන වලට “නම් තැබුවේ”, එම ස්ථානයන්හී කලක් පදිංචිව සිටි මිනිස් කංඩායම් වල, ප්‍රධාන පවුල්හී ආදිපිතෘන් නැතහොත් නායකයන් ලෙස සැළකුණු අයගේ “නාමයන් ආශ්‍රිතව” බවයි. ඒවා වර්තමානයේ බොහෝ විට වෙනස්වී තිබෙන බවද මතක තබා ගත යුතුව ඇත.
උත්පත්ති 10:6 හි “කුෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන්” යන අය පැමිණ එලෙස ‘මැදපෙරදිග’ පදිංචි වූ බව සඳහන්වේ. ‘කුෂ්’ යනු ඉතියෝපියාව වන අතර, ‘මිශ්‍රයිම්’ (මැද පෙරදිග උච්චාරණය ‘මිට්ස්රයිම්’) සිංහලෙන්ද කියැවෙන පරිදි මිසරය වේ. ‘පූට්’ ලිබියාව වන අතර, ‘කානාන්’ යනු වර්තමානයේ විශාල අර්බුදයකට මුහුණ දී තිබෙන ඉශ්‍රායලය පිහිටි ‘දේශයේ’ එවකට ‘නාමය’ වේ. ‘පලස්තීනය’ යනුවෙන් නමක් බයිබලයේ එම කොටසේ සඳහන් නොවේ.
මැවුම්කාර දෙවිඳුන් ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ්ට හට දුන් පොරොන්දු:-
ඉන් වසර 300ට පමණ පසු, වර්තමානයේ ආගම් 3 ක ‘ආදිපිතෘන්’ ලෙස සලකන්නාවූ “ආබ්‍රම්” [උත්තම පියා] නැමති පුද්ගලයාව සර්වබලධාරී දෙවිඳුන්, ඔහුගේ පියාගේ නිවසෙනුත්, පවුලෙනුත්, භූමියෙනුත් පිටත්ව, එතුමන් පෙන්වන්නාවූ “දේශයකට” පැමිණ, එහි පදිංචි වන ලෙස කැඳවන ආකාරය උත්පත්ති 12:1-4 දක්වා සඳහන්ව ඇත. ඔහුට එම ‘කැඳවීම’ ලැබෙන විට ඔහුගේ වයස අවුරුදු 75 ක්ව තිබිණ. එලෙස පැමිණි ආබ්රම්ටත්, ඔහුගේ වංශයටත් “එම දේශය ප්රදානය කෙරෙන බවට, දෙවියන් වහන්සේ වදාළ සේකැයි” එහි 7 වන පදයේ සඳහන්වේ. එමෙන්ම උත්පත්ති 13:14-17 දක්වාද, දෙවියන් වහන්සේ ‘එම පොරොන්දුව’ නැවතත් පවසා වදාළ බව ලියා තිබේ.
එනමුත් උත්පත්ති 15:13-16 දක්වා දෙවිඳුන් ඉතා ‘විශ්ම හෝ ශොක ජනක’ යැයි සැලකිය හැකි ප්රකාශණයක් කරණ සේක. එය නම් “ඔබගේ වංශය විදේශ රටක (තවත් රටක) අවුරුදු 400 ක් දුක්විඳීන බවත්, ඉන්පසු ඒ අයව නැවතත් ‘මෙම දේශයට’, එනම් ආබ්‍රම්ට පොරොන්දු වූ දේශයට, ගෙන එන බව” වේ. උත්පත්ති 17 වන පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ ‘ආබ්‍රම්’ යන නාමය “ආබ්‍රහම්” [සමූහයකගේ පියා] ලෙස වෙනස් කෙරූ බව ලියා තිබේ. එය හේබ්‍රෙව් බසින් “ආබ්රහිම්” වන නමුත්, වර්තමාන ඉශ්‍රායලයේ එය උච්චාරණය වන්නේ “අව්රාහිම්” යනුවෙනි. එලෙස දෙවියන්වහන්සේ ඔහුගේ ‘නම’ වෙනස් කරමින්, “චර්මච්ඡේදනයේ ගිවිසුමක්ද” ඔහු සමග කල බව එම පරිච්ඡේදයේ ලියා තිබේ.
ඉන්පසුව දෙවියන්වහන්සේ, ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ටද “ඔහුගේ පියාට ‘දිවුළ ප්‍රකාර’, මෙම දේශය දෙන බවට” පොරොන්දුවූ බව උත්පත්ති 26:1-4 දක්වා සඳහන්ව තිබෙණ අතර, ආබ්‍රහම්ගේ මුණුපුරා වන යාකොබ්ටද ඒ ආකාරයෙන්ම “මෙම දේශය දෙන බවට” දෙවියන්වහන්සේ පොරොන්දුවූ බව, උත්පත්ති 28:13-15 දක්වා ලියැවී ඇත.
දෙවියන්වහන්සේ “මෙම දේශය” සම්බන්ධව ආබ්‍රහම්ටද, ඔහුගේ පුත්‍රයාවූ ඊසාක්ට සහ මුණුපුරා වන යාකොබ්ට දුන්නාවූ “පොරොන්දු”, බයිබලයේ එලෙස සඳහන්ව ඇත.
මෙම දෙවිඳුන් පිළිබඳව යම් වැටහීමක් නොමැති අයහට, මේ අවසථාවේදී ඇතිවිය හැකි ප්රශ්නය විය හැක්කේ, “එලෙස භුමි කොට්ටාස වෙන්කර දීමට”, එතුමන් හට ඇති ‘අයිතිය’ කුමක්ද? යන්නයි.
යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නාවූ කෙනෙකුහට, එම භාණ්ඩය “කාහට ප්රදානය කල යුතුද?” යන අයිතිය ඇති බව, අවිවාදයකින් තොරව පිළිගැණේ. එලෙසම ඉඩම් හිමි කෙනෙකුට හට, තමන් සතු බිම් කොට්ටාස, “කෙළෙස බෙදා දියයුතුද?” යන අයිතිය තිබෙන බවද නොරහසකි.
සමහර විද්‍යාඥයන් මෙම පෘතුවිය සහ විශ්වයේ ‘පැවැත්ම’ පිළිබඳව නොයෙකුත් මත ඉදිරිපත් කර තිබෙන බවද බොහෝ දෙනෙකු දනිති. එනමුත් එම ‘මතයන්’ “විද්‍යාත්මකව පවා”, අවිවාදයෙන් තොරව නිෂ්චිත ලෙස ඔප්පු කර නොමැති බව ප්‍රකාශ කරන විට, බොහෝ දෙනෙකු විමතියට පත්වනු නොඅනුමානයි. නමුත් සත්‍යය එයවේ. එය වෙනම විෂයක් හෙයින් මෙම ලිපියේ ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් නොකරෙන අතර, මෙම කෙටි උදාහරණය පමණක් සඳහන් කිරීම යෝග්‍යවේ.
විද්යයානුකූලව පිළිගෙන ඇති ස්ථාවරය වන්නේ, “ජීවයක්” නොමැති ‘ද්‍රව්‍යයකින්’ ‘ජීවය ඇති’ දෙයක් උත්පාදනය විය නොහැකි බවයි. එසේ නම් “ජීවය ඇතිවූයේ කෙළෙසද?” යන පැණයට ඔවුන් දෙන පිළිතුර, “පිට සක්වළින්” පැමිණ ඇති බවයි. “මිල්කිවේ” ලෙස හඳුන්වන අපගේ මන්දාකිණියට සමීපම අනෙක් මන්දාකිණිය “ඇන්ඩ්‍රොමීඩා” වේ. එහි සිට වුවත් ‘මිල්කිවේ’ කරා “ආලෝකයේ වේගයෙන්” පැමිණියත්, අජටාකාශයකට වසර 1000ටත් වඩා ගතවන බව සාමාන්‍ය පිළිගැනීමයි. එසේ නම්, ‘වසර දහස් ගණන් ජීවත්වන’ ස්වභාවික ජීවීන් ඇති බවට මේතාක්, කිසිදු “ස්ථීර සාක්ෂි” නොමැති හෙයින්, එලෙස පැමිණෙන අයහට, මගදී විනාශ නොවී පෘතුවිය දක්වා, තමන් ‘බෝ කරගනිමින්’ පැමිණීමට සිදුවේ. ඒ සඳහා ‘කොලෝනියක්ම’ පැමිණිමද අවශ්‍ය වන්නට පුලුවන. ඒ අයහට, ඒතාක් කල් අභ්‍යාවකාශය තුළින් පැමිණෙන කල, ජීවත්වීම පිණිස අවශ්‍ය වන්නාවූ ආහාර, ජලය, වාතය යනාදි දේවල්ද ගබඩා කෙරෙන වාහනද පැමිණිය යුතුවේ.
එම ‘මතය’ පිළිබඳව මේහා සමාන ‘ප්‍රායෝගික ප්‍රශ්න’ රාශියක් මතුවීම හේතුකොටගෙනම, ‘සාමාන්‍ය’ පිළිගැනීමක් වත් නොමැත. කාහට වුවත් වටහාගත හැකි එම සරල උදාහරණයෙන්, බොහෝ දෙනෙකු ‘සත්‍ය’ යැයි සිතා සිටින ‘මතයන්ගේ’ දුර්වලතාවයන්කෙතරම් තිබිය හැකිදැයි මනාව පෙන්නුම් කෙරේ.
“කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි” යන සිංහල ප්රස්ථා පිරුල, අද සමාජයට කෙතරම් අදාලදැයි කදිමට පෙන්නුම් කෙරේ. එලෙසම මෙම වෙබ් අඩවියේ ලියා ඇතිදෑ පිළිබඳවද, හැකි තරම් දුරට “තමන්ගේම සොයා බැලීම්” කරන ලෙස පවසා සිටීමටද කැමැත්තෙමි.
අප වසන මෙම පෘතුවිය සහ මුලු විශ්වය, ඉබේ ‘උත්පාදනය’ නොවූ බවට මේහා සමාන, කාහට වූවත් ඒත්තුගත හැකි කරුණු බොහෝමයක් ඇත. එනමුත් මෙම ලිපිය ඒ පිළිබඳව නොවන හෙයින්, ඒවා මතුලිපියක් මගින් ඉදිරිපත් කෙරෙණු ඇත.කෙසේ වුවත් ‘දැන හෝ නොදැන’ ඉහත සඳහන් පරිදි, සමහර අය පවසා සිටින එක සත්‍යතාවයක් ඇත. එය නම්, “ජීවනය” සැබවින්ම ‘පිට සක්වලින්’ පැමිණි බවයි.
ඒ “සර්වබලධාරි මැවුම්කාර දෙවිඳුන්” ගෙන්වේ. එතුමන් මැවූ දෑ “කාහට දෙන්නේදැයි?” තීරණය කිරීමට එතුමන් හට සෑම අයිතියක්ම ඇත. එනමුත් එලෙස ප්රදානය කෙරෙන සෑම දෙයක්ම, “ලැබීමට සහ තමන් සතුව තබා ගැනීම” පිණිස, ඒ ලබන අයගේ “සුදුසුකම” පෙන්නුම් කිරීමටද, දෙවිඳුන් අවස්ථා සලස්වා දෙන සේක. එය වටහා නොගන්නා හෙයින් බොහෝ අය, එම ‘ප්‍රදානයන්’ අහිමි කර ගනිති. කදිමම නිදසුන ආදි මව්පියන්වූ ‘ආදම් සහ ඒවට’ සිදුවූ දෙයයි. එයද වෙනත් විෂයකි.
ඉශ්රායලයටත් සමහර අවස්ථාවන්හීදී ඒ දේම සිදුවිය. පළමුවෙන්ම, ඔවුන්ගේ ආදි පිතෘවූ ආබ්‍රහම් හට, ඔහුගේ ‘වංශය’ විදේශගතව අවුරුදු 400ක් “පීඩා විඳින” බව දෙවිඳුන් පවසා සිටියේ එහෙයිනි. ඒ “පොරොන්දු දේශය” ලැබීම පිණිස ඔවුන් විසින් “ගෙවිය යුතුව” තිබූ ‘වැය’ කිරීමයි. එනමුත් පසුකාලිනව, දෙවිඳුන්ගේ අණ පණත් නොපැවැත්වීම හේතුකොටගෙන, ඔවුන් එම දේශයෙන් බැහැරව, නොයෙකුත් රටවල්හීදී “පීඩා විඳිමින්” සිටි සැටිද, ඉතිහාසයේ සඳහන්ව ඇත. පහත ලියා ඇත්තේ, ඒ අය පෙන්නුම් කළාවූ සමහර “සුදුසුකම්වේ”.
මිනිස් ඉතිහාසයේ සඳහන් ප්‍රථම බිම් කොටස් මිළදී ගැනීම්:-
‘පළමු වැන්න’ පිළිබඳ විස්තර උත්පත්ති 23 වන පරිච්ඡේදයේ ලියැවී තිබේ. දෙවිඳුන් මුලු දේශයම ඔහුහට “දෙන බවට” පවසා සිටිය මුත්, ආබ්‍රහම්ගේ භාර්යාව වන සාරා මියගිය කල, ඇයගේ මෘත දේහය භූමදාන කිරීම පිණිස, බිම් කොටසක්“මිලදී ගැනීමට” ඔහුහට සිදුවීය. මක්පේලාහි තිබුණු ‘කෙතක් සහ ගුහාවක්’, එය හිමිව සිටි එඵ්රෝන් නැමැත්තෙක්කුට රිදී ෂෙකෙල් 400 ක්දී මිලට ගත් සැටිත්, එය එම නුවර දොරටුව අභියස සිටි සියලු දෙනා ඉදිරියේ, ආබ්‍රහම්ට ‘අයිති බවට’ “ස්ථිර කරනු” ලැබූ සැටිත්, එහි 16-18 දක්වා සඳහන්ව තිබේ. “ලියවිලි” නොතිබුණු එම අවදියේ, සෑම ප්‍රධානතම කරුණක් “ස්ථීර කරනු” ලැබුවේ, ඕනෑම නුවරකට ඇතුලු වන දොරටුව අසල හිඳ සිටි, නුවර ‘වැඩිමහල්ලන්’ අභියස හෙයින්, ඒ භූමිය ඒ ආකාරව “අයිතියක් ලෙස ස්ථීරවූ” බව එහි 18 වන පදයේ සඳහන් ඇත. එම ‘බිම් කොටස’ “හෙබ්‍රොන්” ලෙසද හැඳුන්වුනු බව 19 වැනි පදයේ ලියා තිබේ.
මෙය මිනිස් ඉතිහාසයේ ‘වාර්තා ගතව’ ඇති “පළමුවන ඉඩම්මිලදී ගැනීමයි”.
ඉන් වසර 87 කට පමණ පසු, ආබ්‍රහම්ගේ මුනුපුරාවූ යාකොබ්, තම පියාගේ අණ ප්‍රකාර [උත්පත්ති 28:1-5] තම මවගේ දේශයට ගොස් විවාහවී, තම දරුවන් 11 දෙනා සමග “පොරොන්දුවූ දේශයට”, අවුරුදු 20ක් ගතව ආපසු පැමිණියේය. එසේ පැමිණ, හාමෝර්ගේ පුත්‍රයන්ගෙන්, “තමාගේ කූඩාරම පිහිටුවාගැනීම” සඳහා, රිදී කෑලි 100ට බිම් කැබැල්ලක් මිලදී ගත් සැටිත්, එහි පූජාසනයක් ගොඩනගා, එයට “ඉශ්‍රායලයේ දෙවිඳුන්” යන අර්ථය ඇති “එල්-ඒලෝහේ-ඉශ්රායෙල්” යන නාමය තැබූ සැටිත් උත්පත්ති 23:18 – 20 වන පද වල සඳහන්ව ඇත.
එය මිනිස් ඉතිහාසයේ සඳහන් “දෙවන ඉඩම් මිලදී ගැනීමයි”.
ඉශ්‍රායලය සමග නිතරම සටන් වැදුනු පුරාතන පිලිස්තිවරුන් සම්පූර්ණයෙන්ම මැඩපැවැත් වූයේ, ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම රජ ලෙස අදටත් සැළකෙන දාවිත් රජුයි. ඔහුගේම වැරදි තීරණයක් හේතුවෙන් ජනතාව වෙත වසංගතයක් පැමිණි කල, එය නතර කිරීම පිණිස, තම දෙවිඳුන් හට “පූජාසනයක්” ගොඩ නැගිය යුතුවූ විට, ‘මුලු දේශයම ඔහු යටතේ පැවතියත්’, ඔර්නාන් නැමැති පුද්ගලයකු ගෙන් නිසි භූමි කොටස, දාවිත් රජ රන් ෂෙකෙල් 400 කට (රණ් කිලෝග්‍රෑම් 7ක් පමණ) මුදලකට මිලදී ගත් සැටි 1 ලේකම් 21:18- 25 දක්වා සඳහන්ව ඇත.
ඒ මෙම භූමිය හා සම්බන්ධව වාර්තා ගතව ඇති “තුන් වන ඉඩම් මිලදී ගැනීමයි”.
සර්වබලධාරි මැවුම්කාර දෙවිඳුන්, මුලු දේශයම “ආබ්‍රහම් සහ ඔහුගේ වංශයට දෙන බවට පොරොන්දුව තිබියදීත්”, භූමදානය, වාසය කිරීම සහ පූජාසනයක් ඉදිකිරීම වැනි ‘මූලික අවශ්‍යයතාවයන් 3ක්’ සඳහා ආබ්‍රහම්, යාකොබ් සහ දාවිත් රජ බිම් කොටස් මිලට ගෙන ඇති සැටි, එලෙස බයිබලයේ සඳහන්ව තිබේ.
පළමුවන සහ තුන්වන ස්ථාන, එවකට හිමිකරුවන් නොමිළේ ප්රදානය කල විට, ආබ්‍රහම් සහ දාවිත් රජ විශාල මුදල් ප්‍රමාණයන් ගෙවා ඒවා මිළදී ගෙන තිබියදීත්, වර්තමානයේ එම ස්ථාන දෙකම “මතභේදාත්මක ස්ථානයන්” බවට පත්ව ඇත. යොහාන් 4 : 5 සහ 6 වන පදවලද සඳහන් ‘දෙවන ස්ථානය’ පිහිටුවා ඇත්තේ, “ඔස්ලෝ ගිවිසුම” ප්‍රකාර, එවකට ඉශ්‍රායලයේ අගමැතිව සිටි යිට්සැක් රබීන් විසින් කිසිම මුදලක් අය නොකර 1993දී ‘පලස්තීන අධිකාරයට’ පවරන ලද භූමියෙහිය.
උත්පත්ති 15:13 සහ 14 සඳහන් පරිදි, හතරවන පරම්පරාවේදී, පොරොන්දු වූ දේශයට පැමිණි ඉශ්රායෙල් සෙනගට එය අත්පත් කර ගැනීම සඳහා සටන් කරන්නට වූ සැටි, එම ක්‍රියාවලියට නායකත්වය දුන් යොෂුවාගේ පොතේ සඳහන්ව තිබේ. මෙලෙස “සෑම අංශයකින්ම” භූමියට “හිමිකම් කීම” සඳහා යම් “වැයකිරීමක්” ඔවුණට සිදුකිරීමට වූ සැටි, බයිබලයේ පැහැදිලිව පෙන්නුම් කෙරේ.
රාජධාණි:-
වර්තමානයේ ලොව පුරා භාවිතා වන දින දර්ශනය ප්‍රකාර, ඉශ්‍රායලයේ පළමුවන රජවූ සාවුල් පත්කරණු ලැබුවේ ක්‍රි.පූ. 1050දීය. ඔහු මිය යාමෙන් පසු, දාවිත් රජ ක්‍රි.පූ. 1010 රජකම් කිරීම ඇරඹීය. ඔහු පළමු අවුරුදු 7 ½ රජකම් කළේ, ආබ්‍රහම් මිළදී ගත් ‘හෙබ්‍රොන්’ සිටය. ඉන්පසු යෙරුසලම ආක්‍රමණය කළ විට, එහි සිටි යෙබූසිවරු “නුඹ මෙහි ඇතුලු වන්නේ නැත.අන්ධයින් සහ කොරුන්ට උවත් නුඹ පහ කර දැමිය හැක” ලෙස පවසා ඇත්තේ, යෙරුසලම ‘උස් භූමියක’ පිහිටි හෙයින්, එය යටපත් කරගත නොහැක යන අදහසිනි. එනමුත් ගිහොන් උල්පතින් ගලා එන ඇලට උඩින් තිබූ උමගක් හා සමාන කුහරයක් දාවිත් දැන සිටියේය. ඒ ආශ්රයෙන් යෙරුසලම අල්ලා ගත් දාවිත් රජතුමා, එය ඔහුගේ අගනුවර ලෙස පත්කර ගෙන, එහි සිට අවුරුදු 33ක් රජකම් කළේය. එයට ‘දාවිත්ගේ නුවර’ යන නාමයද භාවිතා වුණු අතර, අනෙක් නාමය “සියොන්” විය. මේ සියලුදේ බයිබලයේ පැහැදිලිව සඳහන් වේ. දාවිත් රජතුමා එලෙස “යෙරුසලම” ඔහුගේ අගනුවර කර ගත්තේ ක්‍රි.පූ. 1003 නේ හෙයින්, ඒ දැනට වසර 3024ට ඉහතවේ.
එතුමාගේ ආඥාව පරිදි, ඔහු ජීවත්ව සිටියදීම, ක්‍රි.පූ. 970දී, පුත් සාලමොන්, රජ ලෙස අභිෂේක කරණ ලදී. ක්‍රි. පූ. 930දී සාලමොන් රජුගේ අභාවය සිදුවිය. එවිට ඔහුගේ නිලධාරියෙක්ව හිඳ, මිසර දේශයට පලාගොස් සිටි යෙරොබොවම්, නැවත ඉශ්රායෙල් දේශයට පැමිණියේය. අහියා අනාගතවක්තෘ ඔහුට කලින් වදාරා තිබූ ප්‍රකාර, ඔහු ඉශ්‍රායලයේ උතුරු දිසාවේ රජකමට පත්වුණි. “ඉශ්රායෙල් සහ උතුරු රාජ්‍යය” යන නම් වලින් හැඳින්වුනු එම “බිම් ප්‍රමාණය”, උතුරේ දාන් නගර සීමාවේ සිට දකුණීන් යෙරිකෝ නගර සීමාව දක්වා වුණි. නැගෙනහිරින් යොර්දාන් ගංගාව පසුකොට, වර්තමානයේ යොර්දානය ලෙස හැඳින්වන දේශයේ භුමි කොට්ටාශයන් දක්වා පැතිර තිබුණු අතර, බටහිරින් සශ්‍රීක යෙශ්‍රෙයෙල් මිටියාවතද ඇතලුව මධ්‍යධරණි මුහුද දක්වා දිස්වුණි. සමාරියා (වර්තමාන නේබ්ලුස්) නගරය, එම රාජ්‍යයේ අගනුවර ලෙස යෙරොබොවම් ප්‍රකාශ කළේය.
සාලමොන් රජුගේ පුත් රෙහොබොවම් දකුණු රාජ්‍යයේ රජුවූ නුමුත්, ඔහුට අයත් ‘භූමි ප්‍රමාණය’, කුඩාවිය. එය උතුරින් යෙරිකෝ නගර සීමාවේ සිට දකුණින් කාදෙෂ් නගර සීමාව තෙක් වූ අතර, නැගෙනහිරින් මැද පෙරදිග අය “ලුණු මුහුද” නමින් හඳුන්වන, ‘මළ මුහුද’ ලෙස ලොව ප්‍රකට සීමාවේ සිට, බටහිරින් ‘පුරාතන පලස්තීනුවන්’ පදිංචිව සිටි සීමාව දක්වා වුණි.
එය “දකුණු රාජ්‍යය” ලෙසද හැඳින්වුනු අතර, රෙහොබොවම් සහ ඔහුට පසු පත්වූ එම රාජ්‍යයේ සෑම රජෙක්ම, දාවිත් රජුගේ වංශයේ අයවූ හෙයින්, ඔහුගේ ගෝත්‍රයවූ “යුදා” යන නාමයද ඉතිහාසය පුරාවටම ඊට භාවිතා වුණි. එයාකාරයෙන්, දාවිත් රජ තමන්ගේ රාජ්‍යයේ අගනුවර ලෙස පත්කරගත් යෙරුසලම නොකඩවාම “යුදා රාජ්‍යයේ” අගනුවරව පැවතුණි. කෙසේ වූවත්, මුලු ඉශ්රායෙල් දේශයේම පිහුටුවා තිබූ “ඒකීය රාජ්‍යය”, එලෙස දෙකඩ වුණි.
ක්‍රි. පූ. 722දී ෂල්මනෙසෙර් අසීරියානු අධිරාජ්‍යයා ‘උතුරු රාජ්‍යය’ ආක්‍රමණය කර, හෝෂෙයා රජ සිරකර, එහි වැසියෝ ඔහුට යටත් අනෙකුත් ප්‍රදේශවල පදිංචි කළේය. ඔහුගෙන් පසු නායකයෝද එසේම කළෝය. අසීරියානුවෝ එය පුරුද්දක් ලෙස කළේ, එලෙස මිශ්‍රවන මිනිසුන්, ‘ඒකාබද්ධව’ කැරලි ගැසීමට පෙළඹීම අවම වන හෙයිනි.එසේ විදේශගතවූ ‘උතුරු රාජ්‍යයේ’ ඉශ්රායෙල්වරු ඒ රටවල ‘අන්‍ය ජාතින්’ හා විවාහ වීම හේතුවෙන්, තමන්ගේ ‘අනන්‍යතාවය’ නැතිකර ගත්හ. අනෙකුත් රටවල වැසියෝ ගෙනැවිත් උතුරු රාජ්‍යයට හිමිව තිබූ භූමියේද පදිංචි කරවන ලදී. “සමරිතානුවන්” ලෙස හඳුන්වනු ලබන්නේ, උතුරු රාජ්‍යය භූමියේ ඉතුරුව සිට, එලෙස විදේශ රටවලින් පැමිණි අය හා විවාහ වුනු, ඉශ්රායෙල් වරුන්ගෙන් පැවතෙන්නන් වේ.
බැබිලෝනියානු අධිරාජ්‍යය නෙබුකද්නේශර් තෙවරක් ‘යුදා රාජ්‍යය’ ආක්‍රමණය කෙළේය. ක්‍රි. පූ. 605දී යුදා රාජ්‍යයේ ඉස්තරම් අය, තම දේශයට ගෙන ගියේය. දානියෙල් සහ ඔහුගේ මිතුරන් තිදෙනා ඒ කංඩායමට අයත් වූහ. ක්‍රි. පූ. 597 තේ, ඉතිරිව සිටි අයගෙන් වැදගත්ම කොටස ගෙන ගියේය. ප්රපේතවර එසකියෙල් ‘ප්‍රථම කොටසට’ අයත් වියමුත්, දෙවැනි සමූහයට ඇතුලුවූයේ, දේව සැලැස්ම ප්‍රකාර බව, සිතාගත හැක. ක්‍රි. පූ. 586දී සාලමොන් රජු සෑදූ දේව මාළිගාවද විනාශ කොට, අසරණම අය හැරෙන්නට, ඉතිරිවූවන් ගෙන ගියේය. බයිබලයේ සඳහන් ප්‍රකාර, එම රාජ්‍යයන් දෙකම එලෙස නැතිවි ගියහ. එනමුත් යුදා රාජ්‍යයයේ වැසියෝ අන්‍ය ජාතීන් හා මිශ්‍ර නොවී තමන්ගේ ‘අනන්‍යතාවය’ රැකගත්හ. එහෙයින් කළින් අනාගතවක්තෘ යෙරමියා විසින් පවසා තිබූ ප්‍රකාර, වසර 70ට පසු ඔවුන්ගෙන් ‘කොටසක්’, සෙරුබ්බාබෙල්ගේ නායකත්වය යටතේ නැවත පැමිණ යෙරුසලමේ දේව මාළිගාවක්ද ඉදිකළහ. ඔහුගේ නමද ඇතුලුව එලෙස නැවත පැමිණ පදිංචිවූ අයගේ නායකයන්ගේ නාමයන් මතෙව් 1:13-16 දක්වාද සඳහන්ව තිබේ.
‘වර්තමාන පලස්තීනුවන්’ සාමාන්‍යයෙන් කියා සිටින්නේ, ඔවුන් ‘පුරාතන පිලිස්තිවරුන්’ ගෙන් පැවත එන බවයි. එමෙන්ම සමහර අවස්ථාවන්හීදී ‘යෙබුසිවරුන්’ ගෙන් පැවත එන බවද පවසා ඇත. ඊට හේතුවිය හැක්කේ, දාවිත් රජ යෙරුසලම ආක්‍රමණය කල අවධියේ, එහි වාසය කලේ යෙබුසිවරුන් වීම වන්නට පුලුවන. එම හේතූන් නිසා පුරාතන ‘පිලිස්තිවරුන්’ සම්බන්ධ කරුණු දැනගැනීම පිණිස, “විකිපීඩිආ (Wikipedia)නම් විශ්වකෝශය”, වෙත යොමුවීම යෝග්‍යවේ. එහි ඔවුන් පිළිබඳ ලිපියේ මුල් පරිච්ඡේදයේ සඳහන් අදාල කරුණු මෙලෙස සිංහලට පරිවර්තනයවේ.
“පිලිස්තිවරු ක්‍රි. පූ. 12 වන ශතවර්ෂයේ සිට ක්‍රි. පූ. 604 දක්වා කානාන් දේශයේ නිරිතදිග ඉවුරේ, රාජ්‍යය පිහිටුවාගෙන වාසය කලහ. අසිරියානු අධිරාජ්‍යට යටත්ව කලක් සිටි පසු, නෙබුකද්නේශර් අධිරාජ්‍යයා ඔවුන් ‘බැබිලෝනියාවට’ ගෙන ගියේය. එහිදී කලකට ඔවුන් එම රාජධානියේ කොටසක්ව සිටි නුමුත්, පර්සියානු අධිරාජ්‍යය සමයේ, තම ‘අනන්‍යතාවය’ නැතිවීම හේතුවෙන්, ක්‍රි. පූ. 5 වන ශතවර්ෂයේ අවසාන භාගයේදී “ඉතිහාස සහ පුරාවිද්‍යා” වාර්තා වලින් අතුරුදහන්ව ඇත.”
“පිලිස්තිවරු පිළිබඳ ‘ප්‍රධානතම මූලාශ්‍රය’ හේබ්‍රෙව් බයිබලය වන අතර, මිසරයේ ‘මෙදිනට් හාබුහී’ (Medinat Habu) පිහිටි 3 වන රමසෙස්ගේ දේවාලයේ තිබී සොයාගන්නා ලද ලියවිල්ලේ, ඔවුන් හඳුන්වනු ලබන්නේ ‘පෙලෙසෙත්’ ලෙසිනි. අසීරියානු නාමය ‘පලස්තු/පිලිස්තු’ වේ. ඔවුන්ගේ ‘මුල් ආරම්භය’ පිළිබඳව නොයෙකුත් අදහස් ඇති අතර, හේබ්‍රෙව් බයිබලයේ ස්ථාන දෙකකසඳහන් වන්නේ ඔවුන් ‘කප්තෝර්’ (ක්‍රීට්/මිනෝආ) වලින් ආ අය බවයි”. (උපුටා දැක්වීම අවසන්).
ඉහත උපුටා දැක්වීමේද සඳහන් වන්නේ, පිලිස්තිවරුන් පිළිබඳ වැඩිපුරම විස්තර ඇත්තේ “හේබ්‍රෙව් බයිබලයේ” බවයි. ‘කප්තෝර්’ යනු මධ්‍යධරණි මුහුදේ පිහිටි ‘ක්‍රීට්’ නැමැති දූපත යැයි සැළකේ. එහි කියා ඇති ප්‍රකාර “බයිබලයේ සඳහන් ස්ථාන දෙක” ද්විතීය කථාව 2:23 සහ ආමොස් 9:7 වේ.
බොහෝ ඉතිහාසඥයන්ගේ මතය වන්නේ, පුරාතන පිලිස්තිවරු ක්‍රීට් දූපතෙන්, පළමුවමිසර දේශයට ගොස් ඇති බවයි. නුමුත් ඔවුන් ආක්රමණාකාරි අයවූ හෙයින්, 3 වන රමසෙස්ගේ දේවාලයේ තිබී සොයාගන්නා ලද ලියවිල්ලේ සඳහන් ප්‍රකාර, මිසරයෙන් පලවා හැරිය කල, කානාන් දේශයේ නිරිතදිග මධ්‍යධරණී මුහුදුබඩ භුමිය යටපත් කරගෙන එහි පදිංචිවී ඇති බවයි.
ඒ කෙසේ වූවත්, ඉහත උපුටා දක්වීම ප්‍රකාර ‘පුරාතන පිලිස්තිවරු’ අතුරුදහන්වී ඇත. කුමන හෝ අන්දමකින් ‘වර්තමාන පලස්තීනුවන්’, එම අයගෙන් පැවතෙන්නන් බව, අනාගතයේදී ‘නිෂ්චිත සාක්ෂි’ ඇතිව ‘ඔප්පු කරගත හැකිවූවත්’ එවිට, ඔවුන් වර්තමාන ඊශ්‍රායෙල් අයට කරණ චෝදනාව, ඔවුන්හටද අදාල වනු ඇත. එම චෝදනාව වන්නේ, “ඊශ්‍රායෙල් ජාතිකයින් වෙනත් දේශයන් ගෙන් පැමිණ, එම භූමිය අත්පත් කරගත් බවයි”. පුරාතන පිලිස්තිවරු කර ඇත්තේද එම දෙයමය. ඒ හැර අනෙක් අදාල “සත්‍යතාවය” වන්නේ, ‘පුරාතන පිලිස්තිවරු’ කිසිම කලක “යෙරුසලමේ” සිට නැති බවයි.
යුදෙව් ජනතාවගේ ‘අවසාන විසිරයෑම’ පැවසුවේ ක්‍රිස්තුස් වහන්සේයි:-
වසර 2000ට පමණ පෙර, දැනට ලොව ප්‍රසිද්ධතම “යුදෙව් තැනැත්තා”, තම සේවාව ඇරඹුවේය. එනමුත් එතුමන්ගේ අනුගාමිකයන් බහුතරයකගෙන් පවා, එතුමාගේ එම ‘යුදෙව්කම’ වැසී තිබෙන බව පෙන්නුම් කෙරේ. ඊට ප්‍රධාන හේතුවක් විය හැක්කේ, පසුකාලිනව එතුමන්ගේ “නාමය” ‘ග්‍රීක කරණය’ වීම වියහැක. සිංහලෙන් ‘ජේසු ක්‍රිස්තු’ සහ ‘යේසුස් ක්‍රිස්තුස්’ යන නාමයන් භාවිතා වීමෙන්ම, එම “නාමය” පිළිබඳ ඇති මිශ්‍ර ‘ආමණ්ත්රණ ක්‍රමය’ පෙන්නුම් කෙරේ. ඉතිහාසය පුරාවටම වෙන කිසිම නායකයකු, දර්ශනවාදියකු හෝ වෙනයම් පුද්ගලයකුගේ ‘නම’ මෙලෙස වෙනස්වී නැත. අනෙක් අපූරු කරුණ වන්නේ, ඕනෑම කෙනෙකුගේ ‘පදවිය, තානාන්තරය’ පළමුව සඳහන් කර පසුව “නාමය” පැවසීම වූවත් මෙතුමන්ගේ නාමය පළමුවත්, ‘තානාන්තරය’ පසුවත් පැවසීමයි. උදාහරණ වන්නේ, “ජනාධිපති/අගමැති ‘අහවලා’, තානාපති හෝ සභාපති ‘අහවලා’ යැයි භාවිතාවීම සාමාන්‍ය සිරිතවීමයි. එහෙයින් ‘ක්‍රිස්තුස්’ යනු එතුමන්ගේ ‘වාසගම’ යැයි සිතා සිටින අයද වෙති.
මුල් බසින් එතුමන්ගේ නාමය “යාඃෂුවා” වේ. සෑම හේබ්‍රෙව් නාමයකටම අර්ථයක් ඇත. ‘යාඃෂුවා’ යන නාමයේ අර්ථය වන්නේ, මතෙව් 1:21 සඳහන් ප්‍රකාර “යාඃ වහන්සේ හරවන නැතහොත් මුදනසේක” යන්නවේ. එහෙයින් හේබ්‍රෙව් බසින් එතුමන් අමතනු ලබන්නේ “යාඃෂුවා හාමෂියඛ්” කියායි. ‘මෂියඛ්’ යනු ‘තානාන්තරයයි’. එය තානාන්තරයක් හෙයින් ‘මෙසියස්’ ලෙස පරිවර්තනයවීම සාමාන්‍යවේ.
ඉහත දක්වා ඇති ප්‍රකාර, හේබ්‍රෙව් භාෂාව අනූව ‘තානාන්තරය’ යෙදෙන්නේ අගටය. එහෙයින් සෑම බසකින්ම, සාමාන්‍යය සිරිතට ප්රතිවිරුද්ධව, එතුමන්ගේ ‘නාමයට’ පසුව ‘තානාන්තරය’ භාවිතා වීමෙන් පවා යාඃෂුවා වහන්සේගේ “යුදෙව්” කම, තවත් ආකාරයකටද විදහා දැක්වේ. ‘මෂියඛ්’ සහ එහි ග්‍රීක් අනුවාදය වන ‘ක්‍රිස්තුස්’ යන වචනයන්වල අර්ථය “ආලේප ලත්” ලෙස සාමාන්‍යයෙන් දැක්වේ. එය සත්‍යය බවට තර්කයක් නොමැත. එහෙත් සෑම භාෂාවකම තිබෙන වචන වලට ‘එක අර්ථයකට’ වඩා ඇති බවද බොහෝ දෙනා දනිති.
ඊශ්‍රායලයේ රජවරුන්වූ සාවුල්, දාවිත් සහ සාලමොන් “ආලේප” කළ සැටි, බයිබලයේ විස්තරාත්මකව සඳහන්වේ. ඒප්රකාර ‘රජවරුන්’ හා සම්බන්ධව වඩා සුදුසු ‘වචනය’ වන්නේ “අභිෂේක ලද” වේ.
මෝසෙස් පටන් සියලුම යුදා අනාගතවකතෘන්, යම් “ප්රපේතමය, අභිෂේක ලද” කෙනෙකුගේ පැමිණීම පවසා තිබේ. නොයෙකුත් අවස්ථාවන්හීදි, තමන් ‘එම තැනැත්තා’ යයි පවසමින්, විවිධාකාර පුද්ගලයින් පැමිණ ඇති බවද නොරහසකි. එහෙත් යාඃෂුවා වහන්සේ එම ‘මෙසියස්’ බවට, තමන්ගේ ජීවිත කාලයේදීම බහුතරයක්ම පිළිගත් එකම තැනැත්තා වනසේක.
ඒකෙසේ වූවත් එතුමන් පවසා වදාළ විශේෂිත “අනාවැකි දෙකක්” පිළිබඳව, එකල එතුමන්ගේ යුදෙව් අනුගාමිකයන් පවා මහත් ආන්දෝලනයකට පත්වන්නට ඇත. හෙරොද් රජ විසින් අලංකාර ලෙස ප්‍රතිසංස්කරණය කර තිබූ “දේව මාළිගාව”, සමස්ත යුදෙව් ජනතාවගේ කේන්ද්‍ර ස්ථානයක් විය. එය සහ ඒ අවට ඇති සියලු දෑ “ගලක් පිව ගලක් නොතිබී” විනාශ වන්නට යන බව වරක් එතුමන් වදාළ සේකැයි මතෙව් 24:2 කේ සඳහන්වේ. අනෙක් කියමන ඊටත් වඩා භියකරු එකක් විය. ලූක් 21:24 මෙලෙස ලියා තිබේ, “ඔවුහු කඩුමුවහතින් වැටෙන්නෝය. සියලු ජාතින් අතරට ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වනතෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය”. යාකොබ්ගේ වංශය කෙරෙහි “රජකම් කිරීමට” පැමිණෙන තැනැත්තා, යුදෙව් ජනනාව ඇසීමට කිසිසේත් අකමැති ‘එවැනි වැදෑරීම්’ කරන්නේ යැයි, ඔවුන් කෙලෙසවත් බලාපොරෙතේතු නොවූහ. අවම වශායෙන් යෙරමියා අනාගතවක්තෘ, ඔවුන් වසර 70 කින් ආපසු පැමිණෙන බව ප්‍රකාශ කර සිටියත්, ඔවුන් බොහෝමයක් ‘යම් බලාපොරොත්තු’ තබා සිටි “මෙම තැනැත්තා”, ඔවුන්හට ඒත්තුගත හැකි කිසිම නිශ්චිත කාල පරිච්ජේදයක්වත් සඳහන් නොකළේය.
එහෙත් එම කියමන්වල සත්‍යතාවය ඉතිහාසයෙන් ඔප්පුවී ඇත. ක්‍රි.ව. 70දී රෝම හමුදාපති තීතස් කරණකොටගෙන දේව මාළිගාව සහ අනුබද්ධ ෙගාඩනැගිලි “ගලක් පිට ගලක් නොතිබී විනාශවිය”.
ක්‍රි.ව. 132දී රබ්බී අකීවාගේ මැදහත්වීම හේතුවෙන්, “බාර් කොඛ්බා” ගේ නායකත්වය ඇතිව යුදෙව්වන්ගේ ‘දෙවැනි කැරැල්ල’ ඇරඹුණි. ක්‍රි.ව. 135හේ එය අවසන් වූයේ “මසාඩා” බලකොටුව මත එම නායකයන් ඇතුලු පිරිස සියදිවි නසාගනිමිනි.එවකට රෝම අධිරාජ්‍ය හේඩ්රියන්, යුදෙව් ජනයාට කෙතරම් වෛර කලාද කිවහොත්, ඔවුන්ව ‘එම දේශයෙන්’ පන්නා දැමීය. ක්‍රි.පූ. 586දී සහ ක්‍රි.ව. 70 දීත් තිබූ දේව මාළිගා දෙකම විනාශවූයේ යුදෙව් කැලැන්ඩරයේ එකම දිනය වූ ‘අව්’ මස 9දා හෙයින්, එම විනාශයන් පිළිබඳව වැළපීම සඳහා එදින පමණක් පැමිණීමට අවසර දුන්හ. ඊශ්‍රායෙල් ඉතිහාසය පුරාවටම ඔවුන්ට සතුරුකම් කලේ ‘පිලිස්තිවරු’ නැමැති ජනකායක් බව දැනගත් ඔහු, ඔවුන්ට පාඩමක් උගන්වන පිණිස, එතෙක් කල් “යුදෙයාව” ලෙස හැඳින්වුනු එම දේශයේ ‘නම’ ලතින් බසින් ‘සිරිඕ/පිලිස්තිආ’ ලෙස වෙනස් කර, යෙරුසලෙම් නුවර නාමයද‘එයිලියා කැපිටොලිනා’ ලෙස වෙනස් කලේය. එය වැඩිකල් භාවිතා නොවුනත්, 1948 දක්වා එම දේශයට ‘පලස්තීනය’ යන නාමය භාවිතාවුනි.
ඉහත දක්වා ඇත්තේ, “මෙම භූමිය” පිළිබඳ පැරණි ඉතිහාසයෙන් අදාල කරුණු සමහරෙකි.
දැනටමත් මෙම ලිපිය දීර්ඝ හෙයින් මෙතනින් නතර කෙරෙනු ලැබේ. බයිබලයේ නොයෙකුත් ස්ථානයන්හී සඳහන් ප්‍රකාර, ඊශ්‍රායෙල් ජනතාවගේ නැවත පැමිණීම දැන් සිදුවී හමාරය. එනමුත් ඝට්ටන බොහොමයක් ඇති බවද සත්‍යයකි. එමනිසා ඔවුන්ෙග් “නැවත පැමිණීම” සහ එම අර්බූදයන් වලට තුඩුදුන් පසුබිම් සහ අනෙකුත් අදාල කරුණු දැක්වෙන ලිපියක් ඉදිරියේදී පළකෙරෙණු ඇත.