ලෝක ඉතිහාසය අනුව ප්‍රථම ශිෂ්ඨාචාරය “මෙසපොතේමියාවෙන්” වේ. එම වචනයේ තේරුම ‘ගංගා දෙක අතර’ යන්නයි. එම ගංගා දෙක වර්තමාන ඉරාක සහ ඉරාන ප්‍රදේශයන්හි පිහිටි “ප්‍රාත් සහ ටීග්රිස්” වේ.
දේව වචනය අනුවද එය එසේමය. බයිබලයේ එම ප්‍රදේශය උදෙසා ව්‍යවහාර වන්නේ “ෂීනාර්” යන නාමයයි. යෝෂුවා 10:13 හි සඳහන් යාෂාර් නැමති තැනැත්තා විසින් ලියා ඇති පොත ප්‍රකාර, ෂීනාර් යන නාමය තබා ඇත්තේ, ‘බාබෙල් කොත’ ඉදිකල නිම්රොද්ය. බයිබලයේ ප්‍රථම ග්‍රන්ථය වන “උත්පත්ති” 2:10 හි, ඒදන් උයනෙන් පැමිණ අතු හතරකට බෙදුන ගංගාවක් සඳහන් වේ. පීෂොන් සහ ගීහොන් නැමැති අතු ගංගාවන් දෙකට කුමක් වූයේදැයි අපි නොදනිමු. එනමුත් අනිත් ගංගාවන් දෙකේ නම් “හිද්දේකෙල් හෙවත් ටීග්රිස්” සහ “ප්‍රාත්” යැයි එහි සඳහන්ව ඇත.
පුරාතන අධිරාජ්‍යයන්ද බිහිවූයේ මැදපෙරදිග බව, ලෝක ඉතිහාසයේ පෙන්නුම් කරයි. ඒවා නම් ඊජිප්තු, අසිරියානු, බබිලෝනියානු, මේද\පර්සියානු වේ. මැදපෙරදිග හා සම්බන්ධ මකදෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ උපත සිදුවීමෙන්, ග්‍රීක අධිරාජ්‍යය ස්ථාපිත විය.
රෝම අධිරාජ්‍යය බිහිවූ පසු, බටහිර යුරෝපය ඉස්මතුවීම හේතුකොටගෙන, ‘බටහිර බලපෑම’ ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්ත වූයේය. එය මේ දක්වාම මුලු ලොව හටම මහත් බලපෑමක් දක්වයි. ඒ සඳහා මූලික වශයෙන් උපකාර වූයේ ‘දාර්ශනික සහ ආගමික’ අඩිතාලම්ය. ග්‍රීසියේ ඇතන්ස් නුවර උපත ලැබූ සොක්රටීස්, බටහිර දර්ශනවාදයට ඉමහත් දායකත්වයක් දුන් කෙනෙක් ලෙස පිළිගනු ලැබේ. එම සොක්රටීස්ද, ඔහුගේ ප්‍රධානතම ගෝලයාවූ ප්ලේටෝ සහ ඇලෙක්සැන්ඩර්ගේ ගුරුවරයාවු, ප්ලේටෝගේ ශිෂ්‍ය ඇරිස්ටෝටල් යන තිදෙනා ‘බටහිර දර්ශනවාදයේ සහ අධ්‍යාපනික ක්ෂේත්රයේ’ පුරෝගාමීන් ලෙස අදටත් සැලකේ.
ක්‍රිස්තුස් වහන්සේ, තමන් වහන්සේගේ සේවාව කලේ ඉශ්රායෙල් දේශයේ පමණි. ‘පෙන්තකොස්ත මංගල්‍යය දින’, පේතෘස් නැමති යුදෙව් මිනිසා, යෙරුසලමේ කල දේශනාව කරණකොටගෙන, ‘කිතුණු දහමේ’ ව්‍යාප්තිය ඇරඹුණි. එනමුත් ‘බටහිරකරණයවූ’ “කිතුණු ආගමක්”, අද ලොව බොහෝ රටවල පැතිර ඇත. මැදපෙරදිග සේවය කර ඇති ලාංකිකයන් වුවත් දන්නා ප්‍රකාර, ‘ග්‍රීක් සම්ප්‍රදායික’ ලෙස හැඳින්වෙන තවත් “කිතුණු අංශයක්ද” ඇත.
මේ ආකාරයෙන් එම ‘ව්‍යාපෘතීයේ’ මූලික “යුදෙව් පිංතූරය” බොහෝ දුරට වැසී ඇත. උදාහරණයක් ලෙස, ඉහත සඳහන් ‘පෙන්තකොස්ත’ යැයි කිතුණුවන් හඳුන්වන ‘මංගල්‍යය’, ක්‍රි.පූ. 1400-1500 කාලයන්හි ලියවුනු බයිබලයේ තුන්වන පොත වන ‘ලෙවීකථාවෙහි’ 23 වන පරිඡේදයේ, “දෙවියන් වහන්සේගේ මංගල්‍යයන්” ලෙස, මෝසෙස් හට එතුමන් ප්රකාශකල “මංගල්‍යයන් හතෙන්” එකකි. අවුරුදු 3500ක පමණ කාලයක් පුරා යුදෙව්වන් “සති මංගල්‍යය” ලෙස සමරා ඇති ‘එම මංගල්‍යය’, කිතුණුවන් හඳුන්වන්නේ ‘පෙන්තකොස්ත මංගල්‍යය’ ලෙසයි.
‘ලෝක මාධ්‍යයේ’ අවධානය මැදපෙරදිග වෙත යොමුවන්නට ඇරඹුනේ පසු ගිය ශතවර්ෂයේදීය. මෙලෙස “මිනිසාගේ ප්‍රගතිය ඇරඹුනු” මැදපෙරදිග වෙත, ‘චක්‍රයක් සම්පූර්ණ වන පරිදි’, මිනිස් අවධානය නැවතත් යොමුවන හෙයින්, ගිය සියවසේ “එහි කුමක් වූයේ දැයි?” කෙටියෙන් හෝ දැන සිටීම අත්‍යාවශ්‍යවේ.
1517 සිට වසර 400ක් පුරා, මැදපෙරදිග පාලනය වූයේ ‘ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය’ මගිනි.
1914 ඇරඹුනු “පළමුවන ලෝක සංග්‍රාමය” හේතුකොටගෙන, මුළු ලොවම ‘එතෙක් කල් පැවතුනු තත්වය’ වෙනස් වීම ඇරඹුණි.
1915 අවසාන භාගයේදී ‘මිත්‍ර හමුදා’ (එංගලන්ත, ප්‍රංශ සහ රුසියානු), ජර්මනියට විරුද්ධව කෙරුනු මෙම යුද්ධය ජයගන්න බව පැහැදිලිවිය. තුර්කි අධිරාජ්‍යය සටන් කලේ ජර්මනිය හා එක්වයි. එහෙයින් රුසියාවේ එකඟත්වය ඇතිව, එංගලන්තය සහ ප්‍රංශය “මැදපෙරදිග කෙලෙස වෙන්කල යුතුද?” කියා ‘රහස් ගිවිසුමක්’ සැලසුම් කලෝය. බ්‍රිතාන්‍ය ජාතික මාර්ක් සයික්ස් ලෙබනනයේ බේරූට් නගරයට පැමිණ, ප්‍රංශ ජාතික ජෝර්ජ් පිකෝ සමඟ සාකච්ඡා ඇරඹීය. 1916 ජනවාරි මස 3 වන දින, එම දෙදෙනා “අවසාන කෙටුම්පතට” අත්සන් තැබූහ. බ්‍රිතාන්‍ය රාජ්‍යය එය මැයි 9 වනදා ‘සම්මත’ කල අතර, ප්‍රංශ රාජ්‍යය එය මැයි 16 වනදා ‘සම්මත’ කලේය. ඒ එම යුද්ධය අවසන් වීමටත් ප්රථමයි. එය අදටත් හඳුන්වනු ලබන්නේ “සයික්ස් – පිකෝ ගිවිසුම” ලෙසයි. මාර්ක් සයික්ස් නැවත එංගලන්තයට ගිය කල, එවකට ‘ස්වදේශ කටයුතු භාර ලේකම්’ ලෙස තනතුරු දැරූ වින්ස්ටන් චර්චිල්, මේ දෙදෙනා ‘ආගමික සහ ගෝත්‍රික අසමානකම්’ සැලකිල්ලට ගත්තේ දැයි? ඔහුගෙන් ප්‍රශ්න කලත්, පැහැදිලි පිළිතුරක් දුන් බවක් සඳහන් නොවේ.
මැදපෙරදිග ‘මිත්‍ර’ හමුදාපති ලෙස කටයුතු කල ශ්‍රීමත් එඩ්මන්ඩ් ඇලන්බි බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත භටයන්ගෙන් සෑදුනු තම හමුදාව සමඟ, 1917 ඔක්තෝම්බර් මස ඊජිප්තුවේ කයිරෝ නුවරින් ගමන් අරඹා, ඉශ්‍රායලයේ දකුණේ පිහිටි බියෂීබා අත්පත් කරගෙන, මධ්‍යධරණී මුහුදු බඩින් පැමිණ, තොටුපල නගරයක් වූ යොප්පාවද අත්පත්කර ගත්තේය. ඉන්පසු යෙරුසලම දෙසට හැරී තම හමුදාවන් සමඟ පැමිණ, දෙසැම්බර් මස 11 වන දින ‘යොප්පා’ දොරටුවෙන් ඇතුල්වී, එවකට යෙරුසලම භාරව කටයුතු කල ‘මුෆ්ටී නායකත්වයෙන්’ යටත්වීමේ පත්‍රය භාරගත්තේය. ඉන්පසු යොර්දාන් තැනිතලාවේ කල්ගත කර, 1918 ග්‍රීෂ්ම සෘතුවේ, තුර්කි හමුදාවන් පරදවා, දමස්කයද අත්පත්කර ගත්තේය.
ශ්‍රීමත් එඩ්මන්ඩ් ඇලන්බි
ලෝක සංග්රාමයෙන් පසු “සයික්ස් – පිකෝ ගිවිසුම” ක්‍රියාත්මක කෙරුණි. ඊජිප්තුව සහ තුරුකිය පුරාතනයේ අධිරාජ්‍යයන් ලෙස පැවතුනත්, වර්තමානයේ සාමාන්‍ය රටවල් ලෙස, යම් භූගෝලීය වෙනස්වීම් සහිතව නැවතත් ‘නම්’ කෙරුණි. ඒවායින් සමහරක් ප්‍රකාශ වුනු අවුරුදු මෙසේය. ඊජිප්තුව – 1922 දී; තුර්කිය – 1923 දී; ලෙබනනය – 1930 දී (ඔවුන් ප්‍රංශයෙන් ස්වාධීනත්වය ලැබුවේ 1943 දීය); තුර්කිය – 1932 දී සහ සිරියාව – 1937 දීය. එනමුත් ‘ලේවාන්ට්’ ලෙස දැනටත් හැඳින්වෙන එම රට, ප්‍රංශයෙන් තම නිදහස ලැබුවේ 1945 දීය. දෙවන ලෝක සංග්රාමයෙන් පසු 1945 සැප්තැම්බර් 2වන දින, පළමුවන අබ්දුල්ලා යටතේ යොර්දාන් රට, බ්‍රිතාන්‍ය භාර ‘ආරක්ෂිත රාජ්‍යයක්’ ලෙස ප්‍රකාශ කරන ලදි. 1946 යේ ස්වාධීනත්වය ලැබූ පසුව එය හඳුන්වනු ලබන්නේ, “ට්‍රාන්ස් යොර්දානයේ හෂමයිට් රාජධානිය” ලෙසයි. ඉහත සඳහන් ‘පළමුවන අබ්දුල්ලා’, යොර්දානයේ වර්තමාන අබ්දුල්ලා රජුගේ මී මුත්තා (සීයාගේ පියා) වේ.
1917 දී ශ්‍රීමත් එඩ්මන්ඩ් ඇලන්බි, ඉහත සඳහන් ප්‍රකාර ඊශ්‍රායලය, බ්‍රිතාන්‍යය යටතට ගත්තත්, එංගලන්ත ආණ්ඩුව ප්‍රසිද්ධ කල “බැල්ෆෝර් ප්රකාශණය” ක්‍රියාත්මක නොවුණි.
එසේ වූවානම්, ‘යොර්දානය’ නමින් රටක් බිහි වන්නේ නැත. ඒ කෙසේ වෙතත්, එවකට එම මුළු ප්‍රදේශයම බ්‍රිතාන්‍යය භාරව පැවතුණි.
ප්‍රායෝගික වශයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එම භූමිය පිළිබඳව නිසි අරමුණක් ඇතිව ක්‍රියා නොකල හෙයින්, අවසානයේදී එය විසඳීමේ වගකීම ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය’ වෙත පවරන ලදි. ඒ හේතුකොටගෙන “විසර්ජන 181” වැනි යෝජනාව, 1947 නොවැම්බර් 29 වන දින සම්මත වුනි. ඉන්පසු 1948 මැයි 14 වන දින, වර්තමාන ඉශ්රායෙල් රාජ්‍යයේ ප්‍රථම අගමැති වූ ‘ඩාවිඩ් බෙන් ගූරියන්’ විසින්, එම “රාජ්‍යය ස්ථාපිතවීමේ ප්රකාශනය” කරණ ලදි.
වැදගත්ම දෙය වන්නේ මේ සියලු දෙයක්ම සිදුවන බව, මීට වසර 2000 කට පෙර ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශකර තිබීමයි.
ලූක් ශුභාරංචියේ 21:29-31 දක්වා මෙලෙස සඳහන්ව ඇත.
“තවද එතුමන් ඔවුන්ට උපමාවක් පවසමින්, අත්තික්කා ගසද, සියලු ගස් දිහාද බලන්න. ඒවා දළුලන කල, ග්‍රීෂ්ම සෘතුව සමීප බව ඔබ දැනගන්නහුය. එලෙසම මේ දේවල්ද සිදුවන කල, දෙවියන් වහන්සේගේ රාජයය කඩිනමින් පැමිණෙන බව දැනගන්න”.
දේව වචනය පුරාවටම ‘අත්තික්කා ගස’ ලෙස සංඛේත වන්නේ “ඉශ්‍රායලය” බව, බයිබලය හදාරා ඇති අය මනාව දන්නා දෙයකි. එය පිහිටා ඇත්තේ ‘මැදපෙරදිග’ හෙයින්, ‘අනෙකුත් ගස්’ වන්නේ එහි එවකට පවා තිබුණු අනෙකුත් රාජයයන් වේ. ලංකාවේ වසන අප හට පුරුදු නොවුනත්, ලෝකය පුරාවටම සෘතු 4 ක් ඇත. සරත් සෘතුවේ ගස්වල ඇති කොළ හැලී යයි. ශීත සෘතුවේදී එම කොළ නැති ගස් හිමෙන් වැසී යයි. වසන්ත සෘතුවේදී දළු ලා නැවත පිබිදේ. මෙම උපමාවේ පෙන්නුම් කෙරෙන ප්‍රකාර ‘ඔටෝමන් තුර්කි අධිරාජයය’ කාලයේදී දකින්නට නොලැබුනු රාජ්‍යයන්, වසන්තයේ ගසක දළු දමන්නක් මෙන්, පසුගිය ශතවර්ශයේදී නැවත බිහිවුනි.
නොයෙකුත් බාධකයන් මධ්‍යයේ, ‘අත්තික්කා ගස’ වන ඉශ්රායලයද, නැවතත් ස්ථාපිතව ස්ථීර වුනි.
දැන් ප්රශ්නය වන්නේ, “ඊළඟට කුමක් වේවිද” යන්නයි?
අනිත් අංශය අවසානයේදී, “මුලු මැදපෙරදිග වර්තමාන තත්වය මුළුමනින්ම වෙනස්වනු ඇත” යි සඳහන් කළෙමි.
එය ‘කෙසේ සිදුවිය හැකිද?’ යන්න, ඉහත ප්‍රශ්නයටද පිළිතුර වේ. එහෙයින්, සහශ්‍රයන් 2ටත් කලින්, එම දේවල් සිදුවන ආකාරය, අනර්ඝ ලෙස සඳහන් බයිබලයේ ඇතිදෑ පෙන්වා දක්වමින් ලියැවන ලිපි, ඉදිරියේදී එම අංශයේ [මොනවා වේවිද?] පළකරනු ලැබේ.