ඕනෑම භාෂාවක වචනයන්ගේ අර්ථයන්, කාලාන්තරයක් යන කල වෙනස් වන බව කා හට වුවත් දැකගතහැකි දෙයකි. ජාත්‍යාන්තර භාෂාවක් වන ඉංග්රීසිහී එය බහුලව දැකිය හැකි දෙයක් හෙයින් පහත සඳහන් උදාහරණයන් එය මනාව පෙන්නුම් කරයි.
උදාහරණ:
- අතීතයේ ඉංග්‍රීසි බසින් ‘ගේ’ (Gay) ලෙස අර්ථවත් කළේ ‘විනෝදකාමී’ යන අදහසයි. නමුත් වර්තමානයේ ‘ගේ’ (Gay) ලෙස භාවිතා වන්නේ ‘සමලිංගික’ වෙනුවෙනි.
- එලෙසම අතීතයේ ‘පෙන්’ (Pen) යන වචනයෙන් අදහස් වූයේ ලිවීමට භාවිතා කරන ‘පෑන’ වූවත්, වර්තමානයේ ‘පෙන්’ (Pen) ලෙස බහුලවම භාවිතා වන්නේ, පරිගනක ආශ්රිත ‘Pen Drive’ වෙනුවෙනුයි.
එමෙන්ම භාෂාවන් හට අලුත් වචනද එකතු වේ. එමනිසා නොයෙකුත් දෙනාගේ මනස්වල, විවිධ විෂයන් පිළිබඳව, නොයෙකුත් ආකාර ‘පිංතූර’ සෑදී තිබීමද පුදුමයට කරුණක් නොවේ. මේ හේතූන් නිසා වර්තමානයේ ජීවත් වන අයහට, මීට අවුරුදු 50 කට ඉහත දී වුවත් ගොනු කෙරුණු ලියවිල්ලක් කියවන කල පවා, මුලින් එම ලියවිල්ල සකස් කළ අය ‘අර්ථවත් කළ දේවල්’ “වැසී” තිබෙන්නට පුළුවන. මේ හේතූන් නිසා, අපගේ මාතෘකාවට අයත් කරුණු, පුරාතන ලිපි වලින්ද උපුටා දක්වනු ලබන හෙයින්, පහත සඳහන් දෙය පළමුවෙන් කිව යුතුව තිබේ.
1960 ගණන් වන තුරු ‘පලස්තීනුවන්’ ලෙස හඳුන්වනු ලැබූ මිනිස් කොට්ඨාශයක්, එම භූමියේ නොවූහ. එහි වාසය කළ අයව මූලිකව හැඳින්වූයේ “අරාබින්” හැටියටයි. ඒ හැරෙන්නට “ෆෙලාහින්” (Fellahin) නමින් හඳුන්වනු ලැබූ ‘කම්කරු පිරිසක්’, එම භූමියේ වාසය කළහ. ඔවුනට අමතරව, “බෙඩුඉන්” නමින් හැඳින්වුනු ‘කාන්තාර වාසික’ අහිකුණ්ඨක කණ්ඩායමක්ද වූ අතර, ඔවූහූ වර්තමාන ඉශ්‍රායලයේ ද එම නමින්ම සිටිති. එම භූමිය ක්‍රි.ව. 135 සිට ‘පලස්තීනය’ නමින් හැඳින්වූවත්, එහි වාසය කළ මිනිසුන් කිසිම කොටසක්, පුරාතනයේදී ‘පලස්තීනුවන්’ ලෙස නම් කෙරුනේ නැත.
මීට අනර්ඝතම උදාහරණය වන්නේ, පළමුවන කිතුණු සියවසේ ලියවුනු “නව ගිවිසුම” නැමති බයිබලයේ ලිපිවල, කිසිම ස්ථානයක ‘පලස්තීනුවන්’ හෝ ‘පිලිස්තිවරු’ යන වචන, එක් වතාවක් හෝ සඳහන් නොවීමයි.
එයින් පෙන්නුම් කෙරෙන්නේ, මෙම වෙබ් අඩවියේ ජූනි මස 10දා පළවුනු ලිපියේ උපුටා දැක්වුනු අන්තර්ජාලයේ විකීපීඩියා (Wikipedia) ලියවිලි වල සඳහන් පරිදි, බැබිලෝනියානු නෙබුකද්නේසර් රජ විසින් එවකට සිටි ‘පිලිස්තිවරු’, ක්‍රි.පූ. 500 ගණන් වලදී බැබිලෝනියාවට ගෙනගිය පසු, මේද පර්සියානු අධිරාජ්‍යය කාලයේදී ‘එම මිනිස් කණ්ඩායම’, අන් අය සමග මිශ්‍ර වීම හේතුවෙන්, ඉතිහාස ගත ලියවිලි වලින් ‘මුලුමනින්ම ඉවත්ව ඇති බව’, සනාථ වීමයි. එසේ නොවු වූයේ නම්, “නව ගිවිසුමේ ලියවිලි” වල, කුමන හෝ ස්ථානයක, අවම වශයෙන් එක් වතාවක් හෝ ඔවුන් ගැන සඳහන්ව තිබිය යුතු වේ.
එමෙන්ම 1960 ගණන් වල අවසාන භාගය වන තෙක්, කිසිම ‘පලස්තීන නායකයෙක්’ ගැනද ඉතිහාසයේ සඳහන් නොවේ. නුමුත් ඉන් පසුව, එලෙස හඳුන්වනු ලැබූ පළමු නායකයා ගැන පසුව සඳහන් කෙරෙණු ඇත. ඊට පෙරාතූව එසේ කෙනෙක් සිටියා නම්, ඔහු ජීවත් වූයේ කොහේද, පාලනය කළේ කුමන නගරයේ සිටද? යන කිසිම පෙන්නුම් කිරීමක් ඉතිහාසයෙන් සොයාගත නොහැක.
එමෙන්ම එලෙස යම් කෙනෙක් පාලනය කලේ නම්, එම නුවර මුලු දේශයටම අගනුවරක්ද වනු ඇත. එනමුත් එලෙස නගරයක් හෝ අගනුවරක් ගැන කිසිම සඳහනක්ද නැත.
“යෙරුසලම” යන වචනය පවා, අරාබිවරුන් අතර වැඩි වශයෙන් භාවිතාවීම ඇරඹුණේද 1967න් පසුවවේ.
තවද එවැනි ‘රාජ්‍යයක්’ පැවතියේ නම්, ඔවුන් භාවිතා කළ ‘මුදල්ද’ තිබිය යුතුවේ. එවැන්නක් තිබුනේ නම්, එම ‘කාසි හා නෝට්ටු’ වල, ‘රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප හා මුද්‍රාවන්ද’ තිබිය යුතුය. නුමුත්, එවැනි කාසි හා නෝට්ටු හෝ නායකයකු පිළිබඳව හෝ, කිසිම ‘හොඩුවාවක්’ වත් නැත. එම සියලු දෙයින් පෙන්නුම් කෙරෙන්නේ, වර්තමානයේ ජීවත් වන ‘පලස්තීනුවන්’ ලෙස හඳුන්වනු ලබන අය, ‘පුරාතන පිලිස්තී වරුන්’ හා සමග කිසිඳු සම්බන්ධතාවයක් නොතිබූ අය බවයි.
“පලස්තීනු විමුක්ති සංවිධානය” (PLO) 1964දී පිහිටුවනු ලැබූවේ, ‘පලස්තීන ජනතාව’ උදෙසා ‘පලස්තීනු භූමිය මුදා ගන්නා පිණිසය’. එවැනි අරගලයන්හී නියුතු නොයෙකුත් සංවිධාන ඒවන විට බිහිව තිබුණි. මෙම සංවිධානය කළේ, ඒ සැම ‘එක ආවරණයක්’ තුළට ගෙන ඒමයි. එනමුත් සාමාන්‍යය වශයෙන් හෝ එතරම් බලපෑමක් කිරීමට ඔවුනට මුලින් නුපුළුවන් වුනි. 1969 දී ‘ෆටාහ’ සංවිධානයේ නායක යසර් අරෆට් PLO සභාපතිවූ පසු, එය ඉමහත් බලපෑමක් කිරීමට පටන් ගත්තේය. ඉහත කී ප්‍රකාර, ‘පලස්තීනුවන් හා පලස්තීන නායකයන්’ යන වචන, ‘එම ජනතාව උදෙසා’ ව්‍යවහාර වන්නට වූයේ ඉන්පසුවය. එම නිසාම යසර් අර්ෆට් ඊජිප්තුවේ උපන්නෙක් වූවත්, ඔහුගේ අභාවය වනතෙක්ම, එම සංවිධානයේ සභාපති ධූරය දැරුවේය. ඔහු කයිරෝ නුවර විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරුවෙකු ලෙස උපාධියක්ද ලබා තිබුණි.
එනමුත්, මෙම භූමියේ ‘අයිතිවාසිකම්’ පිළිබඳව සඳහන් කරන කල, ඒ වන තෙක් කිසිඳු පලස්තීන නායකයෙක් සිටි බවට, කිසිම සාක්ෂියක් නොමැත.
එපමණකුදු නොව, පුරාතන ලියවිලි ප්‍රකාර එම ‘දේශයට’ වුවත්, අරාබි නායකයන් ‘පලස්තීනය’ ලෙස ආමන්ත්‍රණය කිරීමට පවා කැමැත්තක් නොතිබූ බව, පහත සඳහන් උපුටා දැක්වීම් වලින් මනාව පෙන්නුම් කෙරේ.
1919 පළමුවන මුස්ලිම් – ක්‍රිස්තියානි සම්මේලනයේ යෝජනාවක මෙලෙස සඳහන්ව තිබේ. “පලස්තීනය යන කොටස අප සලකන්නේ ‘අරාබි සිරියාව’ ලෙසයි. එම දේශය කිසි කලෙකත් ‘අරාබි සිරියාවෙන්’ වෙන්වූයේ නැත. අප එම දේශය සමග ජාතිකව, ආගමිකව, භාෂාව අනුව, ආර්ථිකව හා භූගෝලීයවද බැඳී සිටිමු” (පලස්තීන අරාබි ජාතික පෙරමුණ).
තව අරාබි නායකයෙක් ‘පීල් (Peel) කමිටුව’ ඉදිරියේ සාක්ෂි දෙමින්, 1937 දී මෙලෙස පවසා ඇත. “පලස්තීනය කියා රටක් නොමැත. ‘පලස්තීනය’ යනු සයනිස්ට් [Zionist] වරුන්ගේ නිර්මාණයකි. ‘පලස්තීනය’ ලෙසින් දේශයක් බයිබලයේ නැත. අපගේ දේශය ‘සිරියාවේ කොටසක්’ පමණි”. (1999 නොවැම්බර් 2 දින නිකුත්වූ පුවත් පතකින්).
ඔහු පැවසූ එක් දෙයක් නම් නියත වශයෙන්ම සත්‍යය වේ. එය නම් බයිබලයේ කිසිම ස්ථානයක ‘පලස්තීනය’ නමින් ‘දේශයක්’ නොමැති බවයි.
එමනිසාම කිතුණු දේශකයන් තමන්ගේ දේශනා වලදී මෙම භූමියට ‘පලස්තීනය’ ලෙස තවමත් ව්‍යවහාර කිරීම, ශෝකජනක කරුණකි. ඉශ්‍රායලය පිළිබඳව අසුභවාදී (සෘණාත්මක) ප්‍රකාශයන් කරන ලෝක මාධ්‍යයන් පවා, වර්තමානයේ එම දේශයට ‘පලස්තීනය’ යන නාමය ව්‍යවහාර නොකරති.
එසේ තිබියදීත්, කිතුණු දේශකයන් ‘එම නාමය’ භාවිතා කිරීම කණගාටුදායක වේ. එපමණකුදු නොව, කිතුණු බයිබලයන්හී අවසානයේ ඇති සිතියම් වලින් එක් සිතියමක්, “ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ පලස්තීනය” නමින් හැඳින්වේ. ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ ‘පලස්තීනය’ නමින් දේශයක් තිබුණේ නැත.
එය එතුමන් ස්වර්ගයට වැඩමකර වසර 100 කට පමණ පසු, හේඩ්රියන් නැමති රෝම අධිරාජ්‍යයා එම දේශයට තැබූ ‘නාමයයි’. ඒබව කලින්ද මෙම වෙබ් අඩවියේ පෙන්වාදී ඇත.
ඉහත උපුටා දැක්වුනු ප්‍රකාර, පීල් කමිටුව ඉදිරියේ සාක්ෂි දුන් අරාබි නායකයා ඒ බව දැනහිඳ නැත. මක්නිසාද කිවහොත්, එය දැන සිටියේ නම්, කයිසාර් හේඩ්රියන් ‘සයනිස්ට් කෙනෙකු’ ලෙස හැඳින්වීමට, ඔහු කිසිසේත් පෙළඹෙන්නේ නැත. වර්තමානයේ එම දේශයට ‘පලස්තීනය’ කියා යම් අන්දමකට හෝ පවසන්නේ හාමාස්, ඉස්ලාමික් ජිහාඩ් හා හිස්බුල්ලා යන ත්‍රස්ත කණ්ඩායම් පමණි.
‘එංගලන්ත – ඇමරිකානු කමිටුව’ ඉදිරියේ, ආචාර්ය ෆිලිප් හිට්ටී නැමැති ‘අරාබි/ඇමරිකානු’ ඉතිහාසඥයා විසින්, 1946දී කරණ ලද මෙම ප්රකාශනයද උපුටා දැක්විය යුතුව ඇත, “පලස්තීනය කියා ‘දේශයක්’ නැත. කොහෙත්ම නැත”.
මේ සියලු දෙයින් පෙන්නුම් කෙරෙන්නේ, වර්තමානයේ ‘පලස්තීනුවන්’ යන නාමය බහුලව ව්‍යවහාර වූවත්, මීට අවුරුදු 50 කට ඉහත පවා, එවැනි ‘මිනිස් කණ්ඩායමක්’ ගැන සඳහන් කිරීමක්, සාමාන්‍ය වශෙයන් හෝ සිදුවී නොමැති බවයි.
අප මාතෘකාව වන “භූමිය අත්පත් කරගැනීම” පිළිබඳව, ඉතා වැදගත්ම ප්රශ්නය වන්නේ, “යුදෙව්වන් විසින්, දේශයේ සිටි ‘අරාබි මිනිසුන්’ පන්නා දමා, බලහත්කාරයෙන් එම භූමිය අත්පත්කර ගත්තේද?” යන්නයි. එම ‘චෝදනාවද’, මාධ්‍යයන් විසින් බහුල ලෙස ප්‍රකාශ කරන්නකි.
එමනිසා නැවතත්, ලිඛිත ඉතිහාසගත වාර්තා වෙත යොමුවීම අත්‍යාවශ්‍යවේ.
ජූලි 8 වැනිදා මෙම වෙබ් අඩවියේ පළවු ලියවිලිලේ, ඇමරිකානු ගත්කරු මාර්ක් ට්වේන් උපුටා දක්වමින්, ‘එවකට මෙම ප්‍රෙද්ශය කාන්තාරයක්ව තිබූ බව’ පෙන්නුම් කෙරුණි. ‘නැවත පැමිණි’ යුදෙව් මිනිසුන් මිලදී ගෙන ඇත්තේද, ඒහා සමානම බිම් කොටස් බවට අදටත් සාක්ෂි සහිත ලියවිලි ඇත.
“1880-1948 දක්වා පලස්තීනයේ ඉඩම් හිමිකම්” නැමැති මයිකල් කර්ටිස් නම් තැනැත්තා විසින් ලියා, 1952දී පළකරණ ලද ග්‍රන්ථයක, 25වන පිටුවේ මෙලෙස සඳහන්ව තිබේ. “යුදෙව් මිනිසුන් අධික මිල ගණන් ගෙවා, අරාබි ‘ඉඩම් හිමියන්ගෙන්’, පලස්තීනයේ වැලිකතරයන් වූ භූමීන් මිලට ගෙන ඇත”. ධනවත් අරාබි ඉඩම් හිමිකරුවන් එවකට වාසය කර ඇත්තේ කයිරෝ, දමස්කස් සහ බීරූට් නැමැති, මෙම භූමියෙන් පිට පිහිටා තිබෙන නගරවල බවද, එම ග්‍රන්ථයේ සඳහන්ව තිබේ. එහෙයින් ඔවුන් ලබාගත් මුදලින් කිසි කොටසක්, එම භූමියේ පදිංචිව වගාවන් කල, දුගී ෆෙලාහින්ට නම් ලැබෙන්නට නොමැත.
එම පොතේ 13 වන පිටුවේ මේ දෙයද ඔහු විසින් ලියා තිබේ. “1944දී, යුදෙව්වන් පලස්තීනයේ ‘වැලිකතරයන්’, එක අක්කරයක් ඇමරිකානු ඩොලර් 1000-1100 කටත් ගන්නා කල, ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ සශ්‍රීක භූමීන් විකිණී ඇත්තේ, අක්කරය ඩොලර් 110 ක් බැගිනි”.
“පළමුවන අබ්දුල්ලා රජුගේ සිහිවටන” නැමති ග්‍රන්ථයේ, ඔහු මෙලෙස ලියා ඇත. “සිම්සන් සහ පීල් කොමිසම් ඉදිරියේ ඇති ‘සිතියම් සහ කියමන්’ ප්‍රකාර, සෑම දෙනාහට දැකගත හැකි දෙය වන්නේ, තමන්ගේ භූමියන් විකුණා දමමින් වැළපීම, අරාබිවරුන්ගේ පුරුද්දක් බවයි”. (88, 89 පිටු).
මෙලෙස අධීක මිළ ගණන් ගෙවමින් මිලදී ගත් බිම් කොටස්හී, ‘පොකුර’ යන අර්ථය ඇති, “කිබුට්ස්” නැමති වාසස්ථාන ඉදි කරගෙන, භූමිය සශ්‍රීක කිරීම ඔවුන් ඇරඹූහ.
1952 ප්‍රසිද්ධ කරන ලද “පලස්තීනයේ යුදෙව් ඉඩම් හිමිකම්” වාර්තාවෙහි 278 වන පිටුවේ, දත්ත ලෙස, එහි අක්කර 462,000 ක් යුදෙව්වන් හට ලැබුණු ආකාරය මෙලෙස දක්වා ඇත.
“අක්කර 30,000 ක් නොයෙකුත් කිතුණු සභාවන් ගෙන් මිලදී ගෙන ඇත.
අක්කර 387,000 ක් අරාබිවරුන් ගෙන් මිලදී ගෙන ඇත.
අක්කර 45,000 ක් බ්‍රිතාන්‍ය රාජ්‍යය මගින් ‘රාජ්‍ය ඉඩම් ලෙස’ ඔවුන්ට දී තිබේ.
මෙලෙස 1880 සිට 1948 දක්වා කාලය තුලදී, යුදෙව් මිනිසුන්ට අයත් භූමිවලින් 73% ක් අරාබි ඉඩම් හිමියන්ගෙන් මිලදී ගෙන ඇත”.
තව බොහෝ උපුටා දැක්වීම් කල හැකි වුවත් සත්‍ය වන, එවකට විසූ අරාබිවරුන් ‘පන්නා දමමින්’ යුදෙව්වන් ‘භූමිය අත්පත් කර’ නොගෙන ඇති බව පැහැදිලි වීම සඳහා, ඉහත දක්වා ඇති ප්‍රමාණය සෑහෙන බවට සැකයක් නැත. එපමණකුදු නොව බොහෝ අවස්ථාවන්හීදී, සාමාන්‍ය මිලයන්ට වඩා අධික මුදල් පවා ගෙවමින්ද, මිලට ගෙන ඇති බවත් පෙන්නුම් කෙරේ. .
අවධානය යොමු කලයුතු අනෙක් වැදගත් කරුණ වන්නේ, මෙම සෑම ලියවිල්ලකම භාවිතාවී ඇති ‘වචනය’ වන්නේ “අරාබින්” යන්න බවයි. ඊට හේතුවූයේ, මෙම ලිපිය මුලදීම පෙන්නුම් කරදුන් ප්‍රකාර, එවකට මෙම භූමියේ විසූ ‘මිනිස් කොට්ටාශය’, ‘පලස්තීනුවන්’ ලෙස හැඳින්වුනු නොලැබීමයි.
මේ අවස්ථාවේදී එසකියෙල් 36:8-10 දක්වා උපුටා දැක්වීම යෝග්‍යය වේ.
“නුමුත්, එම්බා ඊශ්‍රායෙල් කඳු, නුඹලා වනාහි නුඹලාගේ අතු ලියලවා, මාගේ සෙනඟවූ ඊශ්‍රායෙල් හට නුඹලාගේ ඵල දරාදෙනවා ඇත; ඔවුන් එන්ට ළඟය. මක්නිසාද මම නුඹලා උදෙසාය, නුඹලා වෙතට හැරෙන්නෙමි, නුඹලාද අස්වද්දා, වපුරනු ලබන්නහුය. මම නුඹලා පිට මනුෂ්‍යයන්, එනම් ‘මුළු ඊශ්‍රායෙල් වංශයම’, වැඩිකරන්නෙමි. නුවරවල් ජනගහනය වෙනවා ඇත, පාළු තැන්ද ගොඩනගනු ලබනවා ඇත”.
වර්තමාන ඉශ්‍රායලයේ ඉදිවූ, ප්‍රසිද්ධතම නගරය පිළිබඳව පෙන්නුම් කිරීමද යෝග්‍යය වේ.
1909දී (ඒ පළමු ලෝක සංග්රාමයටත් පෙරයි) මෙඉයාර් ඩිසෙන්ගොෆ් නැමැත්තාගේ මූලිකත්වයෙන්, යොප්පා නගරයට යාබදව, අක්කර 32 ක ‘වැලිකතරක්’ මිලදී ගත් යුදෙව් කණ්ඩායමක්, යුදෙව්වන් ගෙන්ම පිරි නුවරක් ගොඩනැගීම ආරම්භ කළේය. එය අවසන් වූ පසු ‘අස්වැන්නේ හෙල’ නැමැති අරුත ඇති, ටෙල් අවීව් යන නාමය එයට තැබීය.
පහත පෙන්නුම් කෙරෙන්නේ (i) එකල පැවති භූමිය; (ii) එවකටවූ පුරද්ද පරිදි ඔටුවන් මත භාණ්ඩ ගෙන ඒම සහ (iii) නව නගරය පිළිබඳ ඡායාරූප වේ.
මෙම ඡායාරූප වලින්, යුදෙව් මිනිසුන් වියලි කාන්තාර භූමි, නවීනතම ජනාවාස නගරයන් බවට පරිවර්ථනය කළ හැටි කදිමට දිස්වේ.
අන්තර්ජාලයේ විකීපීඩියා (Wikipedia) හි සඳහන් ප්‍රකාර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 181(II) වන සංශෝධනයේ මෙලෙස සඳහන්ව තිබේ.
“දෙවන ලෝක සංග්‍රාමයට පසුව, එම භූමියේ ප්රචන්ඩත්වය වර්ධනය වීම හේතුවෙන්, බ්‍රිතාන්‍යවරු එය විසඳීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර දුන්හ. එහි ප්‍රතිඵලය වූයේ 181 (II) වැනි සංශෝධනයයි. ඒ ප්‍රකාර මෙම භූමිය ‘අරාබි සහ යුදෙව්’ රාජ්‍යයන් දෙකක් ලෙස බෙදා වෙන්කිරීම සහ යෙරුසලම ‘අන්තර්ජාතික නගරයක් ලෙස විශේෂිත පාලනයකට නතුකිරීමට’ යොජනා වුනි. යුදෙව්වන්ට දේශයෙන් 56% ක් වෙන් කෙරුණු අතර, එහි වාසය කරන යුදෙව් ජනතාව 82% ක් බවද සඳහන්ව තිබුණි”. නුමුත් ‘යෙරුසලම’ මේ දෙපාර්ශවයටම අයත් වූයේ නැත. එම යෝජනාව යුදෙව් මිනිසුන් පිළිගත්තද, මුලු අරාබිකරයම ප්‍රතික්ෂේප කළේය”.
“එහෙයින් එය 1947 නොවැම්බර් 29 වන දින ඡන්දයකට යොමුකරන ලදි. එහිදී එම යෝජනාවට පක්ෂව රටවල් 33 ක්ද, විරුද්ධව රටවල් 13 ක්ද ඡන්දය ප්‍රකාශ කල අතර, රටවල් 10 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ”.
එහි 3 වන වගන්තියේ මෙලෙස සඳහන් වුනි. “ස්වාධීන අරාබි සහ යුදෙව් රාජ්‍යයන් දෙකක් ස්ථාපිත වන අතර, යෙරුසලම ‘විශේෂිත අන්තර්ජාතික පාලනයකට’ නතුවේ. එසේ වන්නේ, එවකට එම භූමිය භාරව සිටි බ්‍රිතාන්‍ය හමුදා ඉවත්වී මාස දෙකකට පසුවය. ඒ කෙසේ වෙතත් එම කරුණු සියල්ල, 1948 ඔක්තෝම්බර් මස පළමුවෙනිදාට පෙර, සිදුවී හමාර විය යුතුවේ”.
ඉහත සඳහන් එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පෙන්නුම් කෙරෙන්නේ, මුල සිටම ඔවුන් දැන් මොර ගසන ‘රාජ්‍යයන් දෙක’ ලබාගැනීමට අවස්ථාව තිබුණු බවයි. එනමුත් ඔවුන් එය එපා කල හෙයින්, අද ඒ පිළිබඳව අරගලයක් කිරීමට ඔවුන්ට සිදුව ඇත.
එම යෝජනාවේ “අරාබි රාජ්‍යයක්” යැයි සඳහන් වන්නේ, ඉහත පෙන්නුම් කරදී ඇති ප්‍රකාර, ‘පලස්තීනුවන්’ නැමැති “මිනිස් කොට්ටාසයක්”, එවකට එම දේශයේ හඳුන්වනු නොලැබීමයි.
1948 දී එම දේශයේ විසූ යුදෙව් ජනතාව ලක්ෂ හයක් පමණ යැයි ඇස්තමේන්තු කර ඇත. වටකරින් තිබෙන අරාබි රටවල්හී මිලියන ගණන් මිනිසුන් සිටි හෙයින් ඔවුන් සිතුවේ, “එම යෝජනාව සම්මත වූවත්, යුදෙව් මිනිසුන්ව නෙරපා දමා භූමිය අත්පත් කරගැනීමට හැකිවේ” යන්නයි.
1948 මැයි මස 14 වැනිදා, ඉශ්‍රායලයේ ස්ථාපිත වීම, ප්‍රථම අගමැති වූ ඩේවිඩ් බෙන් ගූරියන් විසින් ප්‍රකාශ කළ බව සහ ඊට පසුවදාම, අරාබි රටවල් 5 ක් ආක්‍රමණය කළ හැටිද, ඉතිහාසයේ සඳහන්ව ඇත.
එසේ වුවත් ඉශ්‍රායලය සුරක්ෂිත වීමෙන්ම, “ඉශ්‍රායලයේ දෙවිඳුන්” ලෙස හඳුන්වනු ලබන දෙවිකෙනෙක් “සිටින බව” මනාව ඔප්පු වේ.
මෙහිදී යෙසායා 66:8 උපුටා දැක්වීම ඉතාමත් යෝග්‍ය වේ.
“මෙබඳු දෙයක් ඇසුවේ කවුද? මෙබඳු දේ දුටුවේ කවුද? එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? නොහොත් සෙනඟක් එකවිටම බිහි වනවා ඇද්ද? සියොන් ප්‍රසව වේදනා වින්ද ඇසිල්ලෙහිම, ඇගේ දරුවන් බිහිකළාය”.
වර්තමාන ඊශ්‍රායෙල් ‘භූමිය’ මුලින්ම යුදෙව් ජනතාවට හිමි වූයේ එලෙසිනි.