මේ ශතවසරේ මුල් වකවානුවේම ඇමරිකාව පුරා ‘සූර්යග්‍රහණයන්’ දෙකක් සිදුවන බව දැන් කවුරුත් දන්නා කරුණකි. පළමුවැන්න 2017 අගෝස්තු මස 21 වන දින සිදු වූ අතර, දෙවැන්න 2024 අප්‍රේල් මස 8 වන දින සිදුවනු ඇත.
මෙම සූර්යග්‍රහණ දෙක ඇමරිකාවේ යෝධ “X සලකුණක්” ද ඇති කරයි. එයින් අදහස් කළ හැක්කේ කුමක්ද? ඉශ්රායෙල් දෙවිඳුන් ඇමරිකාවට මෙයින් කුමක් පවසනවා විය හැකිද?
උත්පත්ති 1:14 පවසන්නේ දෙවියන්වහන්සේ ඉර, සඳ සහ තාරකා සාදා ඇත්තේ “ලකුණු සහ සෘතු හෝ නියමිත වේලාවන්” ලෙස මෙන්ම දින සහ අවුරුදු දැක්වීමටත් බවයි.
සාමාන්‍ය අවබෝධය නම්, ‘සූර්යග්‍රහණ’ යනු ‘සූර්ය දින දර්ශනය’ අනුගමනය කරන අය (සියලුම අන්‍ය ජාතීන්) සමඟ දෙවියන් වහන්සේගේ ගනුදෙනු කිරීම් වන අතර, ‘චන්ද්‍ර ග්‍රහණ’, ‘චන්ද්‍ර දින දර්ශනය’ අනුගමනය කරන අය සමඟ දෙවියන් වහන්සේගේ ගනුදෙනු කිරීම් වන බවයි. ප්‍රායෝගිකව ගත්කළ මැදපෙරදිග සියලුම ජාතීන් සහ විශේෂයෙන්ම ඊශ්‍රායලය විසින් චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කරනු ලබයි.
2017 වසරේ සිදුවූ සූර්යග්‍රහණය, ඇමරිකාවේ “සාලෙම්” නම් නගර 7ක් හරහා ගමන් කලේය. ඉන් දින 4 කට පසු “හාවි සුළි කුණාටුව” පැමිණ විශාල විනාශයක් සිදුවිය. 2017 දෙසැම්බර් 6 වැනිදා (මාස 3ක් ඇතුළත) ඇමරිකාව විසින් “ජෙරුසලම”, ඊශ්‍රායලයේ ‘සදාකාලික අගනුවර’ ලෙස පිළිගන්නා බවට වන ‘ප්රකාශනයට’ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අත්සන තැබීමෙන් පසු, ඇමෙරිකානු තානාපති කාර්යාලයද ‘ටෙල් අවිව්’ සිට ජෙරුසලමට ගෙන යන බව ප්‍රකාශ කළේය. එම සිදුවීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂයෙන්ම ආර්ථිකය සහ ජීවන තත්වය සම්බන්ධයෙන් දේවල් වැඩිදියුණුවූ බවද එවකට පෙනී ගියේය.
උත්පත්ති 14:18 හි සඳහන් “සාලෙම්” යනු, දාවිත් රජු කල සිට “ජෙරුසලම” ලෙස හැඳින්වන නගරයේ, පැරණි නම බව මෙහිදී සඳහන් කළ යුතුය.
පොදුවේ මුළු ලෝකය පිළිබඳව සලකන විට, එම සූර්යග්‍රහණයෙන් වසර කිහිපයකට පසු ‘කෝවිඩ් වසංගතය‘ ප්‍රායෝගිකව සෑම කෙනෙකුගේම ජීවිතයන්ට මහත් බලපෑම් කළේය.
2024 අප්‍රේල් මස 8 වන දින සිදුවන සූර්යග්‍රහණයේ වැදගත්කම වන්නේ, එයද ඇමරිකාවේ පිහිටි “නිනිවය” නම් නගර 7 හරහා ගමන් කිරීමයි.
නිනිවය – ටෙක්සාස් නිනිවය – මිසූරි නිනිවය – ඉන්ඩියානා
නිනිවය – ඔහයෝ නිනිවය – පෙන්සිල්වේනියා නිනිවය – වර්ජීනියා
නිනිවය – නිව් යෝක්
මෙම “අනතුරු ඇඟවීම” කුමක් විය හැකිද? දෙවියන්වහන්සේගේ විනිශ්චය ඇමරිකාවට පැමිණෙන්නේද?
කැනඩාවේද, නෝවා ස්කෝටියා Nova Scotia නම් ප්‍රදේශයේ “නිනවේ ” නම් ස්ථානය හරහා ද, මෙම සූර්යග්‍රහණය ගමන් කරනු ඇත. කනගාටුදායක දෙය වන්නේ, මෑත වසරවලදී කැනඩාවද ‘දේව-විරෝධී’ වීමය.
සූර්යග්‍රහණයෙන් පීඩාවට පත්වන ඇමරිකාව, කැනඩාව සහ සමහර විට ලෝකයේ අනෙකුත් ජාතීන් “පසුතැවිලි විය යුතු” වන්නේ, කුමන දේවල් පිළිබඳව විය හැකිද?
වසර 2000කට පෙර බයිබලය පුරෝකථනය කළ ආකාරයටම, ‘නපුර, අයුක්තිය සහ දුෂ්ටකම’ ලොව පුරා පැතිරී ඇති බව, ඕනෑම සාධාරණ මනසක් ඇති පුද්ගලයෙකුට දැකිය හැකි දෙයකි.
ඊට අමතරව, “විශේෂිත යමක් තිබිය හැකිද?”
වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා, අපි බයිබලයේ අන්තර්ගත යෝනාගේ පොත වෙත හැරී, පුරාතණ නිනිවයට යෝනාගේ පණිවිඩය “කුමක් වූයේදැයි?” සළකා බැලිය යුතුය.
යෝනා මත්සයාගේ බඩින් එළියට පැමිණි පසු, දේව අණට කීකරුව අසීරියානු අධිරාජ්‍යයේ අගනුවරවූ ‘නිනිවයට’ ගොස්, දෙවියන්වහන්සේ ඔහුට මඟපෙන්වූ පරිදි, “පසුතැවිල්ලේ පණිවිඩය” දේශනා කළ බව යෝනා 3:4 හි සඳහන් වේ. එය මෙසේය. “එවිට ඔහු කෑගසමින්, ‘තව දින හතළිහකින්’ නිනිවය පෙරලා දමනු ලැබේ!”
එකල “දින 40 ක ගණන් කිරීමක්” ඇරඹුනු හෙයින්, එහි රජ “වැසියන් සහ මෘගයන් පවා නිරාහාරව සිට සෑමකෙනෙක්ම තමන්ගේ “නපුරු මාර්ග සහ අත්වල ප්රචණ්ඩත්වයන් ගැන” ඉක්මන්ව පසුතැවිලි විය යුතු” යන නියෝගය ප්‍රකාශ කළේය – යෝනා 3:6 – 8.
නිනිවය පිළිබඳව සතුටුදායක කරූණ වන්නේ, එහි පුරවැසියන් එම නියෝගයට කීකරුවීම හේතුකොටගෙන, පුරාතන නිනිවය විනාශ නොවීමයි.
කිසිවකු විනාශවීම දෙවිඳුන්ගේ කැමැත්ත නොවන නිසාම, එතුමන් මේ ආකාරයෙන් අනතුරු ඇඟවීම් නිතර කරණසේක. ඒවාට නිසි ප්‍රතිචාර දක් වන්නේ නම්, මිනිසුන් හට බොහෝ අනවශ්‍ය තත්වයන් හට මුහුණ නොපා සිටීමට හැකිවනු ඇත. නුමුත් කණගාටුදායක කරුණ වන්නේ, නොයෙකුත් කරුණු හුවා දක්වමින්, මිනිසුන් එම “අනතුරු ඇඟවීම්” නොසළකා සිටීමයි.
සාමාන්‍යයෙන් බොහෝ මනුෂ්‍යයන් නොදන්නා කරුණක් වන්නේ, පුරාතන ‘අක්කාඩියානු ලේඛනවලට’ අනුව, යෝනාගේ සංචාරයට පෙර ඇසිරියාවේ “සූර්යග්‍රහණ දෙකක්” සිදුවී ඇති බවයි.
“නාසා ආයතනයට” සහ නවීන තාරකා විද්‍යාඥයින්ට අනුව ඒවා සිදුවී ඇත්තේ ක්‍රි. පූ. 791 ජුනි 24 සහ 763 ජූනි 15 යන දිනවල ය.
ඇමරිකාවේ ‘නිනිවය’ නම් නගර 7ක් ආවරණය වන පරිදි, අප්‍රේල් මස 8 වන දින සූර්යග්‍රහණය සිදුවීමෙන්, එම රටට ද “දින 40ක අනතුරු ඇඟවීමක්”, හේබ්‍රෙව් බසින් “ඔත්” [אוֹת] ලෙස සඳහන්, උත්පත්ති 1:14 ට අනූව, දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා විය හැකිද?
ලෙවී කථාව 25:23 ට අනුව, ඉශ්රායෙල් සෙනඟ “පොරොන්දු දේශයට” ඇතුලු වීමට පෙර පවා, “දේශය හැමදාටම විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද දේශය මාගේය ” ලෙසින් දෙවියන්වහන්සේ පවසා ඇත.
යෝවෙල් 3:2 හි දෙවියන් වහන්සේ පවසන්නේ “එතුමන් අන්‍ය ජාතීන් (හෙබ්‍රෙව් ‘ගොයිම්’) “යෙහෝෂාපාට් [යෙහෝවා විනිශ්චය කරන සේක]” නිම්නයට රැස් කර, “තමන් වහන්සෙගේ දේශය” බෙදීම පිළිබඳව, ඔවුන්ව විනිශ්චය කරනු ලබන බවයි”.
දැනුදු ඇමරිකාවේ බයිඩන් පාලනය “ද්වී රාජ්‍ය විසඳුම” (Two State Solution) ලෙස හඳුන්වන දෙය ඉදිරියට ගෙනයමින් සිටී. එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ ‘නොකළ යුතු’ යැයි පැවසූ දෙයට, පටහැනිව ගොස් ‘භූමිය බෙදීම’ යන්නයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ලෝකයේ අනෙකුත් බොහෝ රටවල් ද ‘එම තේමාවම’ පක්ෂපාති ප්‍රතිචාර දක්වති.
පුරාතන ලෝකයේ වැඩිපුර ප්‍රදේශයක් නිනවේ අගනුවර තිබූ සිරියානු අධිරාජ්‍යය පාලනය කළා සේම,දැනුදු ‘ඇමරිකානු බලපෑම්’ බොහෝ ජාතීන් කෙරෙහි පවතින බවද නොරහසකි.
මෙම පැමිණෙන සූර්යග්රහණයද, අප සැම හට, ‘අපගේම වැරදි ගැන පසුතැවිලි වීමට’ අමතරව, අපගේ ‘කුඩා සැලසුම්’ වලින් මිදී, එතුමන්ගේ අනර්ඝතම සැලැස්මට අනුගත වීම සඳහා, දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ආයාචනයක් වියහැකිද?