මෙම වෙබ් අඩවියේ “පැමිණෙන්ට තිබෙන දේවල්” අංශයේ පළමුවන ලිපි දෙකෙන් පෙන්නුම් කෙරුනේ, මැදපෙරදිග මීළඟට සිදුවීමට නියමිත ‘ගීතාවලිය 83 හි සඳහන් යුද්ධය’ සහ ඉන් අනතුරුව ස්ථාපිත වීමට නියමිත, නායකයන් දස දෙනෙකුගෙන් යුත් “ගෝලීය රාජ්‍යය” පිළිබඳවයි.
එමෙන්ම එම කොටසේ අවසාන ලිපිය නිම කෙරුණේ, එම ගෝලීය රාජ්‍යයට අයත් නායකයන් දස දෙනාගෙන් ‘තිදෙනෙකු ඉවත්වීම’ පිළිබඳව කෙටියෙන් සඳහන් කිරීමෙනි. එම තිදෙනා කවුරුන්ද යන බවට නොයෙකුත් අර්ථ කථනයන් ඇත.
එසකියෙල් 38:6 වැනි පදයේ සඳහන් ‘උතුරේ’ යන වචනය සමහරුන් ‘තුර්කිය’ ලෙස අර්තකථනය කරති. නමුත් එම පදයේ එම වචනයට පසු, “දුරස්ථානවල” යන වචනය ඇත (උතුරේ දුරස්ථානවල). තුර්කියට උතුරින් තව බොහෝ රටවල්, ‘දුරස්ථරව’ රුසියාව තෙක්ම ඇත.
තවද, දානියෙල් 7:23 හි සඳහන් වන්නේ ‘මුළු පොළොවම’ පාලනය කරන “ගෝලීය රාජ්‍යයක්” ඉදිවන බවයි. එබැවින් ‘උතුරේ’ යන්නෙන් අදහස් වන්නේ ‘තුර්කිය’ ලෙස ගතහොත්, “මුලු පොළොවම” යන කියමන සම්පූර්ණ නොවේ.
එමෙන්ම එසකියෙල් 38 හා 39 හි සඳහන් නම් වලින් පෙන්නුම් කෙරෙන්නේද, රුසියාව සහ පෙර තිබූ ‘සෝවියට් රුසියාවට’ අයත් රටවල් බවටද සැකයක් නැත. එමෙන්ම දැනට පවතින ‘රුසියානු – යුක්රේන යුද්ධය’, එම කලින් තිබුණාවූ සෝවියට් රුසියාව නැවත බිහිවීමේ පෙරනිමිති මෙන් පෙනේ.
බටහිර මාධ්‍යයෙන් ‘කුමන ප්‍රකාශණ’ සිදුකලද, රුසියාව ඉතා සූක්ෂම ලෙස යුද්ධය ජය ගනිමින් ඉදිරියට යමින් සිටින බව, දැන් කාහට වුවත් පැහැදිලි වන කරුණකි. රුසියාව ‘චෙස් ක්‍රීඩාවට’ ඉතාමත් දක්ෂ රටක්ෙව්. එම ක්‍රීඩාවේ අන්තර්ගත ස්වභාවයක් වන්නේ, ‘එක් අතකින්’ පරාජය වන බවක් ‘පෙන්වා’, වෙනත් අංශයකින් සූක්ෂමව ජයගැනීමයි. රුසියාව මෙම යුද්දයේදී කළේද ඒ ආකාරම දෙයක් බව, දැන් බොහෝ දෙනෙකුට පැහැදිළි වෙමින් තිබෙන කරුණකි.
රුසියාවට අවශ්‍යවූයේ, යුක්රේනයේ උතුරේ පිහිටි ‘කිව්’ අගනුවර අල්ලා ගැනීමට පැමිණෙන බවක් ‘පෙන්වා’, දකුණු පසින් තිබෙන, කළු මුහුද ආසන්න මාරියෝපෝල් සහ ඔඩේසා වරායන් අල්ලා ගැනීමටයි. එසේ කළේ, මුහුදු මගින් වෙළඳ කටයුතු කිරීම රුසියාවේ පාලනයට නතු කරගනිමින්, යුක්රේනයේ ආර්ථිකයට මාරාණ්තික පහරක් එල්ල කිරීමටයි. එවිට යුක්රේනයට, රුසියාවේ කොන්දේසි අනූව කටයුතු කිරීමට සිදුවේ.
එම යුද්ධය වෙනම විෂයක් වුවත්, මේ සියළු දෙයින් පැහැදිලි වන්නේ, නැවත වරක් සෝවියට් රුසියාව බලගතු රාජ්‍යයක් වන බවයි.
මෙලෙස එසකියෙල් 38 වන පරිච්ඡේදයේ සඳහන් ප්‍රකාර, ඉවත් වන නායකයන් තිදෙනා වන්නේ, රුසියාව, ‘මුළු යුරෝපයේම’ නායකත්වය ගන්නා ජර්මනිය සහ ‘මැදපෙරදිග රටවල’ නායකත්වය ගන්නා ඉරානයයි.
එසකියෙල් පොතේ [38:5] පමණක් නොව, මුළු බයිබලය පුරාවටම ‘පර්සියාව’ යනුවෙන් හැඳින් වෙන්නේ ඉරානය වන අතර, වර්තමානයේද ඔවුන්ගේ භාෂාව වන්නේ ‘පාර්ෂියන්’ වේ. එලෙසම බයිබලයේ ‘ගෝමෙර්’ යනුවෙන් හැඳින් වෙන්නේ ජර්මනිය බවද බොහෝ දෙනෙකු දන්නා දෙයකි.
‘යුරෝපීය පොදු හවුල’ ඇරඹුණු කල, පුරාතණ රෝම අධිරාජ්‍යය ‘නැවත ස්ථාපිත’ වන බවට ‘මථයක්’ පැතුරුණි. එනමුත් දානියෙල් 7:23 හි පෙන්නුම් කෙරෙන්නේ, ‘යම් සීමිත ප්‍රදේශයක්’ පාලනය කරන රාජ්‍යයක් නොව, ‘සමස්ථ ලෝකයම පාලනය කරන’, ගෝලීය රාජ්‍යයක් ස්ථාපිත වන බවයි.
එසේ නම්, ඇමරිකාවේ සිට ජපානය දක්වාත්, රුසියාවේ සිට ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය දෙසටත්, සමස්ථ ලෝකයම ආණ්ඩුකරන ‘පාලන තන්ත්රයක්’ බිහිවිය යුතුවේ.
දානියෙල්ගේ දර්ශනයේ ඔහු දකින්නේ “අං තුනක් ඉවත් වූ පසු, ඇස් සහ කටක් ඇති අඟක්, දේව අපහාස වචන කියමින්” නැගී සිටින බවයි [7:8]. ඒ ඉහත පෙන්නුම් කරදුන් නායකයන් තිදෙනා ඉවත් වූ පසු පැමිණෙන ‘ගෝලීය නායකයා’ පිළිබඳව බව, අර්ථ කථනය දෙන දේව දූතයා විසින්, දානියෙල් 7:24-25 පෙන්නුම්කර දෙනු ලබේ.
එම දර්ශනය ප්‍රකාර ඉදිවන, ”දේව අපහාස වචන කියන අඟ” වන්නේ, සාමාන්‍යයෙන් ‘අන්තඃ-ක්‍රිස්තුස්’ ලෙස හඳුන්වනු ලබන, මෙම ලිපියේ මාතෘකාවට අදාල “පැමිණෙන ගෝලීය දේශපාලන නායකයා” වේ.
මෙම තැනැත්තාට අදාල එළිදරව් 13 වන පරිච්ඡේදයේ, නායකයන් දෙදෙනෙකු ගැන සඳහන්ෙව්. එහි 4වන පදයේ සිට 8 දක්වා සඳහන් වන්නේ මෙම ‘දේශපාලන නායකයා’ පිළිබඳවයි. ඔහු හා සම්බන්ධව ‘සාමාන්‍යයෙන් භාවිතා වන’, ඉහත සඳහන් වචනයට වඩා උචිත වන්නේ ‘ව්‍යාජ මෙසියස්’ යන්නයි. මක්නිසාද ඔහු සැබෑ මෙසියස් වහන්සේව ‘අනුකරනය කරමින්’ පැමිණෙන කෙනා හෙයිනි.
එලෙසම එළිදරව් 13:11 සිට වෙනත් නායකයකු පෙන්නුම් කරනු ලැබේ. ඔහු ‘බොරු ප්‍රොපේතවරයා’ නොහොත් ආගමික නායකයා වේ.
සමහර අය, මේ දෙදෙනාම ‘එක් අයෙක්’ ලෙස සිතා සිටින නුමුත්, ඔවුන්ගේ අවසානය පිළිබඳව සඳහන් එළිදරව් 19:19 සහ 20 වන පදවලද, ඔවුන් දෙදෙනෙකු බව ඉතා පැහැදිලිව සඳහන්වේ.
එහෙයින් මෙම ලිපියට අදාල, පැමිණෙන ගෝලීය නායකයා ‘ආගමික නායකයෙකු’ නොව, දේශපාලන නැතහොත් ආණ්ඩු කරන නායකයකු වේ.
එමෙන්ම එළිදරව් 13 හි මුල් කොටසේ පෙන්නුම් කෙරෙන්නේ, මොහුගේ රාජ්‍යය මුහුදෙන් නැගී එන ‘මෘගයෙක්’ ලෙසයි. එළිදරව් 17:15 ප්‍රකාර ‘මුහුද’ සංකේත වන්නේ වර්තමානයේ “ජාත්යයාන්තරය” යන්නටයි. එම මෘගයාට ‘අං 10ක් සහ හිස් 7ක්’ තිබෙන බවද, එහි ලියා තිබේ. “අං දසය” ඉහත සඳහන් “නායකයන් 10 දෙනා” නියයෝජනය කරන අතර, ‘හිස් 7’ එළිදරව් 17:9 සහ 10 සඳහන් “රාජ්‍යයන් 7වේ”. ඒ 10වන පදයේ “රජවරු” ලෙස පරිවර්තනය කර ඇති ‘බසිලෙඋස්’ නැමැති ග්‍රීක් වචනයට, “පාලන තන්ත්රය” යන අදහසද ගැබ්ව ඇත.
එම මෘගයාගේ විස්තරයන්හී, “අඳුන් දිවියෙකු, වලසෙකු සහ සිංහයෙකුගේ” සමානත්වයන් පිළිබඳව එළිදරව් 13:2 සඳහන් කරයි. ඒ වනාහි එළිදරව් 17:9 සහ 10 සඳහන් රාජ්‍යයන් 7න් තුනක්වූ, එම පදයේ සඳහන් ප්‍රකාර පිළිවෙලින් ග්‍රීක, මීදිඕ-පර්සියානු සහ බැබිලෝනීය අධිරාජ්යන්වේ. ඒවා ඉතිහාසයේ බිහිවන අයුරු, ක්‍රි. පූ. 553 නේ පමණ දානියෙල් ලද දර්ශනයන්හී ඔහු දුටු අන්දම, ඔහුගේ ග්‍රන්ථයේ 7:4 සිට 6 දක්වා, ලියා තිබේ. ඒ දෙවනුව පැමිණි මීදිඕ-පර්සියානු අධිරාජ්‍යය බිහිවීමට වසර 12ට පමණ කලිනි.
මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ, පැමිණෙන නායකයා “ගෝලීය රාජ්‍යයක්” පාලනය කරන්නකු බවයි.
එළිදරව් 13:11 වන පදයේ සිට පෙන්නුම් කෙරෙන ‘අනෙක් මෘගයා’, පොළොවෙන් නික්මෙන අතර, ඔහු ‘ආගමික අංශයේ නායක’, බොරු අනාගතවක්තෘ හෝ බොරු ප්‍රොපේතවරයා ලෙස හඳුන්වනු ලබන්නා වේ. නොයෙකුත් හාස්කම් කරමින්, පළමුවන මෘගයාගේ නාමයට අදාල, ‘666 ලකුණ’ ගැනීම අනිවාර්ය කරන්නේද ඔහු විසින් බව, බයිබලයේ එම පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව සඳහන් වේ.
ඉහත සඳහන් ‘ලකුණ’ද ඇතුළුව එම තැනැත්තා පිළිබඳ විස්තර, ඊළඟ ලිපියෙන් කියැවෙනු ඇත.
අනාගතවක්තෘ නාහුම්ගේ පොතේ පළමුවන පරිච්ඡේදයේ, පළමුවන පදයේ සඳහන් වන්නේ, ඔහු දකින දර්ශනය ‘නිනිවය’ නගරය පිළිබඳව බවයි.
එය පුරාතණ අසිරියානු අධිරාජ්‍යයේ අගනුවර විය. තවද යාඃහවේ වහන්සේ විසින් දිවැසිවර යෝනාව යවන්නේද එම නිනිවයටම වේ.
එය ගොඩනැගූවේ ෂෙම්ගේ දෙවන පුත් අෂූර් බව උත්පත්ති 10 වන පරිච්ඡේදයේ, මුල් භාෂාවේ පැහැදිලිව සඳහන් වේ. එනමුත් පරිවර්ථන වල පවතින ‘පැටලිලි සහිත බව’ නිසා, බොහෝ විට ඔහුගේ මෙම ‘අෂූර්’ යන නාමය එහි සැඟවී ඇත. ‘අසිරියාව’ යන නම පැවතෙන්නේද ‘අෂූර්’ යන නමින් වන අතර, ඔහු එය ගොඩනැගුවේ ටයිග්‍රීස් ගඟ බඩයි.
වසර ගණනාවකට පෙර, “මෝසුල්” ලෙස වර්තමානයේ හඳුන්වනු ලබන එම නගරය, ‘අයිසිස්’ (ISIS) ත්‍රස්ත සංවිධානය යටපත් කරගෙන, ටයිග්‍රීස් ගඟ හරහා වේල්ලක් බැඳි ආකාරය මාධ්‍යයෙන් පෙන්නූ සැටි, සමහර අයහට මතක තිබිය හැක.
“නපුර කරන්නාවූද, දෙවියන්වහන්සේට විරුද්ධව ක්‍රියා කරන්නාවූද කෙනෙකු, නිනිවේ නගරයෙන් පැමිණෙන බව”, ඉහත සඳහන් නාහුම්ගේ පොතේ, පළමුවන පරිච්ඡේදයේ නිනිවය පිළිබඳ දර්ශනයේ, 11 වන පදයේ සඳහන් වේ.
එමඟින්, පැමිණෙන ලෝක නායකයාගේ උපත සිදුවන්නේ නිනිවයේ නොහොත් වර්තමාන ‘මෝසුල්’ නගරයේ බව පෙන්නුම් කරනු ලැබේ. එමෙන්ම අනාගතවක්තෘ මීකා 5:5 සහ 6 වන පදවල, “අසිරියානුවෙකුගෙන්, දෙවියන්වහන්සේ, තමන්වහන්සේගේ සෙනඟ බේරා ගන්නා බව” ලියා තිබේ. ඒ සියලු දෙයින් පෙන්නුම් කෙරෙන්නේ, මෙම පැමිණෙන ගෝලීය නායකයා, නිනිවයේ උපත ලබා, ‘අසිරියානුවෙකු’ ලෙස එන බවයි.
ඉහත පෙන්නූ ප්‍රකාර, ඔහු බලයට පැමිණීමට නම්, ප්‍රථමයෙන් එසකියෙල් 38හි සඳහාන් යුද්ධය, ඊට කලින් සිදුවිය යුතුවේ.
එම යුද්ධය පිළිබඳව ඉතාමත් වැදගත් තොරතුරක් එසකියෙල් 38:11 සඳහන්වේ. එය නම්, මෙම නායකයන් තිදෙනාගේ හමුදාව පැමිණෙන කළ, ඊශ්‍රායෙල් ජනයා, කිසිම ආකාරයක ආරක්ෂිත පියවරයන් නොමැතිව, “නිසැකව, නිදැල්ලේ” ජීවත් වන බවයි.
වර්තමාන ඊශ්‍රායලයට නම් එම විස්තරය කිසිසේත් ඔබින්නේ නැත. ඔවුන් නිෂ්පාදනය කර ඇති “ආරක්ෂිත උපකරණ”, ඇමරිකාව ඇතුළුව ලොව වෙන කිසිම රටක නැත.
පිළිවෙළින් ගතහොත්, ප්‍රථමයෙන් මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කල, ගීතාවලිය 83හි ලියා ඇති යුද්ධය සිදුවිය යුතුවේ. ඉන්පසු, “ගෝලීය රාජ්‍යය” ස්ථාපිතවේ.
ඒ සමග, මැදපෙරදිග පමණක් නොව, මුළු ලොව පුරාම ‘සාමකාමි කාලයක්’ පැමිණෙනවා ඇත. එය ඉතා කෙටි තාවකාලික ‘සාමයක්’ බව, එළිදරව් 17:12හේ , එම 10 දෙනා පිළිබඳව, දේව දූතයෙක් “පැයකට” යන වචනය, යොහාන්ට පැවසීමෙන් පැහැදිලිවේ.
එම ‘පැය’ අවසන්වූ කල, එසකියෙල් 38ටේ සඳහන් යුද්ධය හටගනු ඇත.
ඊට ප්‍රථම, ඉහත පෙන්නුම් කල පරිදි, “ගීතාවලිය 83හි” සඳහන් යද්ධය අවසන්වූ කල, ලොව සෑමදෙනා සේම ‘ඊශ්‍රායලයද’, තමන්ට තිබුණාවූ ප්‍රධානතම තර්ජනය ‘නිම වූයේ’ යැයි සිතා, තම ‘ආරක්ෂිත අංශයන්’ ඉවත් කරගනු ඇත.
කලින් සඳහන් කල පරිදි, එසකියෙල් 38:11හේ ලියා ඇති වැදගත් තොරතුර වන්නේ, එහි කියැවෙන යුද්ධය ඇරඹෙන කල, ඊශ්‍රායලය සිටින්නාවූ ‘ව්‍යජ ආරක්ෂිත’ තත්වයයි.
නුමුත් ඊශ්‍රායලයේ “සැබෑ ආරක්ෂක” වන [ගීතාවලිය 121:5], යඃහවේ දෙවිඳුන් විසින් ‘වසංගතයන්, අහසින් ගල් වර්ෂාවන්, ගෙන්දගම් සමග ගිනි සහ භූමිකම්පාවන්’ එවා, එම ත්‍රිවිධ හමුදාව විනාශ කරණ බව එසකියෙල් 38:22හි සඳහන්වේ. එමෙන්ම 39:1-6 දක්වාද, දෙවිඳුන් එම මහත් හමුදාව විනාශ කරණ අන්දම පවසන සේක.
ඒ හමුදාවේ මළකඳන් වළලා ‘භූමිය පවිත්‍ර කිරීමට’, ඉශ්‍රායලයට මාස 7ක් ගතවන බව එසකියෙල් 39:11 සහ 12 පදවල කියැවේ.
“ආරක්ෂිත උපකරණ” නොමැති හෙයින්, පැමිණි ඒ විශාල හමුදාවට “මුහුණදීමට” කිසිදු අයුරක් නොමැතිව සිටියදී, දෙවිඳුන් එම මහත් හමුදාව විනාශ කළත්, මෙම ‘ව්‍යජ පුද්ගලයා’, ඒ දේ සිදුකළේ ‘තමන්’ කියාද, යුදෙව් ජනතාව දැනුදු පුල, පුලා බලාසිටින, බයිබලයේ සඳහන් “යුදෙව් මෙසියස්” තමන් කියාද, ඊශ්‍රායෙල් ජනතාවට පැවසූවිට, ඔවුන් එය එකහෙළා පිළිගෙන, ජයඝෝෂා නගනු ඇත.
මෙම ගෝලීය නායකයා බලයට පැමිණෙන්නේ එලෙසිනි.
ඔහු වසර 7 කට “සාම ගිවිසුමක්” තහවුරු නැතහොත් සනාථ හෝ ස්ථීර කරන බව, මීට වසර 2500ට ඉහත ලියන ලද, දානියෙල් 9:27 හි සඳහන් වේ.
දානියෙල් 9:24 සිට කියවන කල, “සති 70ක කාලසටහනක්” පෙන්නුම් කෙරේ. ඉන් සති 69 ක් තුළ සිදුවිය යුතුව තිබූ, සැබෑ “මෙසියස්\ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසපත්වීම” ඇතුළු කරුණු දැන් සම්පූර්ණවී හමාරය.
“අවසාන සතිය” ලෙස සමහර අය හඳුන්වන්නේද, මෙම පැමිණෙන ලෝක නායකයා විසින් ‘සාම ගිවිසුම’ සනාථ කරන “එම වසර 7” වේ.
‘10’ දශකය ලෙසද, ‘12’ දුසිම ලෙසද, ‘100’ ශතකය ලෙස සහ ‘1000’ සහශ්‍රය ලෙස හැඳින්වීම වර්තමානයේද කෙරෙන දෙයකි. එහෙත් ‘7’ හැඳින්වීමට එවැනි ‘වචනයක්’, පුරාතනෙය් පවා නොතිබුණු හෙයින්, බයිබලයේ “සතිය” යන වචනය, ඒ සඳහා භාවිතා කෙරේ.
ලෝකයේ ඕනෑම ‘සාම ගිවිසුමක්’ සනාථ කරනු ලබන්නේ, අදාල නායකයන් සමගවේ.
එලෙසම පැමිණෙන ගෝලීය නායකයාටද, මෙම ‘සාම ගිවිසුම’ සනාථ කිරීමට සිදුවන්නේ, සිටියාවූ නායකයන් දස දෙනාගෙන්, ඉතිරිව සිටින නායකයන් ‘සත් දෙනා’ සමග බව, පැහැදිලි කරුණකි.
තවද, එම පැමිණි හමුදාවේ යුද්ධායුධ, ඉශ්‍රායලය විසින් “වසර 7 ක්” පුරාවට, ‘ගිනි පත්තුකිරීම සඳහා භාවිතා කරන’ බව එසකියෙල් 39:9 හි සඳහන් වේ. මක්නිසාද එම කාලය වන විට ලෝකයේ ‘ඛණිජ තෙල්’ නොමැති තත්වයක් උදාවෙනවා ඇත. වර්තමානයේද, එවැනි ‘ඛණිජ තෙල්’ හිඟ තාවයක්, ලංකාවේ පමණක් නොව, මුළු ලොව පුරාම ඇති වෙමින් පවතින අතර, මෙහි කියැවෙන ‘කාලය වන විට’ සම්පූර්ණයෙන්ම නොමැති තත්වයක් උද්ගතවේ.
එම පදෙය් කියැවෙන්නේ එම “අවසාන වසර 7 පුරාවටම” වසන මිනිසුන්ගෙන් බහුතරයක්ම කරන්නාවූ දෙයයි. ඒ සියල්ල දානියෙල් 9:27 සඳහන් ‘සතිය’ හා බැදේ.
තවද, එම පැමිණෙන නායකයා ‘දේව අපහාස වචන කියන’ බව දානියෙල් 7:8 හා 25 වන පදවල සඳහන් වන අතර, දෙවියන් වහන්සේ විසින් ඔහුව “විනිෂ්චය කරන ආකාරය” 7:11 සහ 26 වන පදවල ලියා තිබේ.
‘ආණුඩුකරණ’ සහ ‘ආගමීක’ නායකයන් දෙදෙනාටම අයත් වන්නේ ‘එක හා සමාන’ විනිෂ්චයක් හෙයින්, ඊළඟ ලිපියේ ඒ පිළිබඳව කරුණු, කාරණා දක්වනු ලැබේ.
මෙම ලිපියේ විග්රහ කරනු ලබන්නේ, “එම විනිෂ්චයට” පෙර සිදුවීමට නියමිත කාරණාවන් වේ.
සෙකරියා 11:15 හා 16යේ, ‘අඥාන එඬේරෙකු’ පිළිබඳව සඳහන් වන අතර, ඔහු තම බැටළු රැළ රැකගන්නවා වෙනුවට, තමන්ගේ උවමනාවන් උදෙසා ආත්මාර්ථකාමීව, තම රැළේ බටළුවන්ව උපයෝගී කරගන්නා බව කියැවේ. ඉන්පසු 17 වන පදයේ, “කඩුවක් ඔහුගේ දකුණු අතට සහ දකුණු ඇසට පහර දෙන” බව සහ ඔහුගේ එම අත වියැලී (අප්‍රාණික වී), ඇස අන්ධ වන බව සඳහන්වේ.
එළිදරව් 13 වන පරිච්ඡේදයේ, මෙම ‘මෙසියස් වහන්සේ අනුකරණය කරන්නාට’ මාරාන්තික පහරක් වදින බව ලියා තිබේ. ඉහත පදවල ලියා ඇති ප්‍රකාරයට, ‘ඔහුගේ දකුණු ඇස අන්ධවීම හා අත අප්‍රාණික වීම සිදුවන්නේ’ එම පහරින් වියහැකිය.
එළිදරව් පොතෙන් උපුටා දැක්වූ පද කිහිපයක් හැරෙන්නට, මේතාක් මෙම ලිපියේ, ‘පැමිණෙන ගෝලීය නායකයා’ පිළිබඳව පෙන්වන ලද්දේ, බයිබලයේ ‘පරණ ගිවිසුම’ නැමැති කොටසේ අඩංගු පදවලිනි.
ක්‍රිස්තුස් වහන්සේගේ ‘පළමු පැමිණීමෙන්’ පසුව ලියන ලද, “අලුත් ගිවිසුම” නැමැති කොටසේද, මෙම පැමිණෙන ‘ව්‍යජ පුද්ගලයා’ ගැන තොරතුරු ඇත.
2 තෙසලෝනික 2:3 හි පාවුළු අපොස්තුළුවරයා, මෙම පුද්ගලයාව හඳුන්වන්නේ “විනාශයේ පුත්‍රයා වන පාපයේ මනුෂ්‍යයා” ලෙසයි.
තවද, දානියෙල් 11:36-39 දක්වා සඳහන් ආකාරයට ඔහු, අන් සියලු දෙවිවරුන්ට වඩා තමාව උසස් කරගන්නා බවත්, අලුතින් යෙරුසලමේ ඉදි කරනු ලබන ‘දේව මාලිගාවේ’ වාඩිවී හිඳ , ‘තමා දෙවියන්’ බව පවසන සැටිත්, පාවුළු 2 තෙසලෝනික 2:4 වැඩිදුරටත් සඳහන් කරයි.
මෙහිදී කිව යුතු තවත් වැදගත් කරුණක් වන්නේ, මේවන විට එම ‘දේව මාලිගාව’ ඉදිකිරීමට අවශ්‍ය සෑමදෙයක්ම සාදා සම්පූර්ණ කර ඇති බවයි. යෙරුසලමේ ‘දේව මාළිගා ආයතනය’ නැමැති, ඉංග්‍රීසි බසින් “ටෙම්පල් ඉන්ස්ටිටියුට්” (Temple Institute) නමින් හැඳින්වෙන ස්ථානයට යන ඕනෑම කෙනෙකු හට, ඒ සියල්ල නැරඹිය හැක.
යඃහවේ දෙවිඳුන්ගේ අණ ප්‍රකාර, මෝසෙස් සෑදුවාවූ ‘කූඩාරම් මණ්ඩපයේ’ සහ ඉන් ඉක්බිතිව සළමොන් රජු ඉදිකළ ‘දේව මැළිගාවේ’ “අතීශුද්ධ ස්ථානයේ” තිබුණාවූ “ගිවිසුම් පෙට්ටිය” හා සමාන ‘ආකෘතයක්’ ඔවුන් විසින් නිර්මාණය කර ඇත.
එනමුත් එය පෙන්වන කල, එම ආයතනය බාර යුදෙව් කංඩායම පවසන්නේ, “එය සැබෑ එක නොවන මුත්, මෝසෙස්ගේ සේවාව යටතේ සාදන ලද “සැබෑ ගිවිසුම් පෙට්ටිය” සම්භවී, දැනට ‘ඊශ්‍රායලීය පුරාවිද්‍යා අංශය’ යටතේ තිබෙණ හෙයින්, මෙම ‘දේව මාළිගාව’ ඉදිවූ පසු, එහි අතීශුද්ධ ස්ථානයේ, එම ‘සැබෑ ගිවිසුම් පෙට්ටිය’ තැන්පත් කරනු ලබන බවයි”.
මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ, යමෙක් විශ්වාස කලත්, නොකලත්, දේව වචනයේ සඳහන් අනාවැකි, කඩිනමින් සම්පූර්ණ වෙමින් තිබෙන බවයි.
ගීතාවලිය 83 හි සඳහන් යුද්ධය අවසන් වූ පසු, යොහාන් 2:19හි යාඃෂුවා වහන්නේ දුන් ‘ඉඟිය’ ප්‍රකාර, දින 3 කින් එම ‘දේව මාලිගාව’ ස්ථාපිත වනු ඇත.
දානියෙල් අනාගතවක්තෘ පොතේ 9:27 සහ 11:31 ලියා තිබෙන “පාළුකරන පිළිකුල”, යාඃෂුවා වහන්සේ, මතෙව් 24:15 උපුටා දක්වයි. 2 තෙසලෝනික 2:4 හි පාවුළු විස්තර කරන ප්‍රකාරයට, මෙම ගෝලීය නායකයා දේව මාලිගාවේ හිඳගෙන, ‘තමා දෙවියන්’ බව ප්‍රකාශකරන විට, ‘එක් අංශයකින්’ එම අනාවැකිය සම්පූර්ණවේ. ‘අනෙක් අංශය’ එළිදරව් 13 වන පරිච්ඡේදයේ පෙන්නුම් කෙරේ.
‘මොහු’, තමන් විශ්වාස කරගෙන සිටි “සැබෑ මෙසියස්” නොව ‘බොරුකාරයෙක්’ බව, යුදෙව් මිනිසුන් දැනගන්නේ එවිටය.
1 යොහාන් 2:18 සහ 22 හි “විරුද්ධ ක්‍රිස්තුස්” නැමැති වචන සමහර පරිවර්තනවල දැකිය හැක. 18 වන පදයේ ‘එක් අයකුට’ වැඩි ගණනාවක් “ක්‍රිස්තුස්වරු” ලෙස සඳහන් වීමෙන් පෙන්නුම් කෙරේ. 22කේ ‘එක්’ අයෙකු ගැන පෙන්නුම් කිරීමක් දැකිය හැක. ඒ කෙසේ වෙතත්, බහුතරයක් අතර ප්‍රචලිත “අන්තඃ-ක්‍රිස්තු” නැමැති වචනය පැමිණෙන්නේ මෙම පදවලිනි. එනමුත්, ‘මෙම නමින්’ ඔහු හඳුන්වන වෙනත් කිසිඳු ස්ථානයක්, බයිබලයේ නැත.
සාක්ෂිකරුවන් දෙදෙනෙක් මාස 42 ක් පුරාවට යෙරුසලමේ “දේව සේවයේ” යෙදෙන බව, එළිදරව් 11:3-6 දක්වා සඳහන්වේ. මෙම මාස 42 ඇතුළත ඔවුන් දෙදෙනාට කිසිඳු හානියක් කිරීමට මෙම ව්‍යාජ මෙසියස් ඇතුළු කිසිවෙකුට නොහැකි වේ. ඔවුණ්ට හානිකිරීමට පැමිණෙන ඕනෑම කෙනෙක්, මේ දෙදෙනාගේ ‘කටින් නික්මෙන ගින්නෙන්’ විනාශ කිරීමට ඔවුන්ට බලය ඇති බවත්, යම් පලාතකට වැසි නොලැබෙන්නට සලස් වන්නට සහ ජලය ‘ලේ බවට’ හැරවීමටද ඔවුන්ට බලය තිබෙන බවත්, එහි 5 සහ 6 වැනි පදවල ලියා තිබේ.
එම මාස 42 ක සම්පූර්ණවූ පසු, ‘පාතාලයෙන් නැගී එන මෘගයා මෙම දෙදෙනාව මරණ බව’ 11:7 හි සඳහන්ව ඇත. ඒ අනුව ‘බොහෝ විට’ ගෝලීය නායකයාට මාරාන්තික පහර වදින්නේ මෙම මාස 42 අවසානයේ වියහැක. එවිට ‘පාතාලයෙන් ආ’ මෘගයාගේද සහය ඇතුව, එම නායකයා, මෙම සාක්ෂිකරුවන් දෙදෙනා මරණයට පත්කරනවා වියහැක.
ඔවුන්ගේ මළකඳන් වැළලීමට ඉඩ නොදෙමින් යෙරුසලමේ වීදි වල “දින තුනහමාරක්” ප්‍රදර්ශනය කරන බවත්, ඒ කාලය පුරාවට ලොව වසන සියලු මනුෂ්‍යය වර්ගයන්ම ඒවා ‘නරඹමින්’, තෑගි පවා හුවමාරු කරගනිමින් ‘ප්‍රීතිවන බවත්’, මීට වසර 1900ට පෙර විසූ යොහාන් අපෝස්තුළුවරයා එළිදරව් 11:8 සිට 10 දක්වා ලියා ඇත.
ඒ ඉතිහාසය පුරාවටම හාස්‍යයට ලක්වූ දේව වචනයේ කොටසකි. බයිබල් විරෝධි අය, ‘මේදේ සිදුවන්නේ කෙසේද?’ කියා සරදම් කළහ. ඔවුන්ගේ තර්කය වූයේ, “අප වසන ඕනෑම පලාතක, වෙනත් පාරක සිදුවන දෙයක්, එම ස්ථානයට ගොස් මිස දැකගත නොහැකියි”.
“එසේනම්, යෙරුසලමේ පාරවල් වල තිබෙන මළකඳන් දෙකක් ‘මුලු ලොවම මනුෂ්‍යයන්’ දකින්නේ කෙසේදැයි?’ යන්න විය.
මෑතක් වනතුරුම, එය සාධාරණ තර්කයක්ව තිබුණි.
නුමුත් වර්තමානයේ ඇති තාක්ෂණයේ දියුණුව හේතුවෙන්, ‘මුළු ලොව පුරාම’ සිදුවන දේවල්, තමන් සිටින ස්ථානයේම සිට දිනපතා නරඹන අපහට එය ‘සාමාන්‍යය’ දෙයකි.
සර්වබලධාරි දෙවිඳුන් විසින්, 1955 මියගිය ඇල්බට් අයින්ස්ටයින් හට මේ දේවල් පෙන්නුවද, අද අප භාවිතා කරන ‘ලෝක හෝ සමාජ මාධ්‍යය, අන්තර් ජාලය’ වැනි වචන නොතිබුණ හෙයින්, ඔහුට පවා මේ දේවල් විස්තර කිරීම අසීරුවනු ඇත.
එවැනි තත්වයක් තුල, මීට වසර 1900 කට පෙර විසූ, නූගත් යොහාන් වැනි කෙනෙකු හට, එය ඉතාමත් දුෂ්කර කාර්යයක් වන්නට ඇති බවට, කිසිම සැකයක් නැත. ඔහු තමාට හැකි පමණින් තමන් “දුටුදේ” වාර්තා කර තිබෙන හෙයින්, ඒවා නිසියාකාරව ‘තෝරා බේරා ගැනීම’ අපගේ වගකීමවේ.
එනමුත් වැදගත්ම ප්රශ්නය වන්නේ, මීට වසර 70ට කලින් ජීවත්වූ ඇල්බට් අයින්ස්ටයින් වැනි කෙනෙකුගේ මනසටවත්, කිසිම අයුරකින් ඇතුළු වන්නට ඇතැයි සිතාගත නොහැකි, එළිදරව් පොතේ සඳහන් ‘වර්තමාන ලෝකයේ’ සාමාන්‍ය තත්වය, “කිසිම අධ්‍යාපනයක් නොලත් යොහාන් වැනි කෙනෙකු, මීට වසර 1900 පෙරාතුව පවසා සිටින්නේ කෙළෙසද යන්න?” වේ.
එම පැණයට එකම පිළිතුර වන්නේ, “අනාගතය සක්සුදක්සේ පැහැදිලිව දන්නා කෙනෙකු” විසින්, එම පොතේ යොහාන් ලියා ඇතිදෑ, ඔහුට පෙන්වා ඇති බවයි.
එම ග්‍රන්ථය ආරම්භයේදීම ඔහු පවසා සිටින්නේද, ඒ දෙයමවේ.
මෙම ලිපියේ දක්වා ඇති පරිදි, මුළු ලොවටම අධිපතිකම් කරන, ‘ආණ්ඩුකාර’ සහ ‘ආගමික’ නායකයන් දෙදෙනෙකු, නැගී සිටිනු ඇත.
ඔවුන්ගේ පැමිණීම ඉතාමත් කෙටි කලකින් සිදුවිය හැකි බවටද බොහෝ සාක්ෂි ඇත.
ඒවායින් තව සමහරක්ද ඇතුළුව, ඔවුන් දෙදෙනාගේ ‘අවසානය කෙබඳු ලෙස’ වන්නේදැයි, ඉදිරි ලිපියෙන් දක්වනු ඇත.