ඉතිහාසය පුරාවටම විවිධ කාලයන්හී, නොයෙකුත් ‘නාමයන්, මතයන් සහ මාතෘකාවන්’ ඉස්මතුව, මිනිසාගේ අවධානයට භාජනය වී ඇත. ‘පියාඹන පීරිසි, පිටසක්වල ජීවීන්, ලේ උරා බොන ‘පිසාචයින්’ සහ අද්භූත ක්‍රියාවන් සිදුකරන මායාකාරයන් හෝ මායාකාරයින් (Witches)’ යනාදීන්ද, බොහො දෙනාගේ කුතුහලය අවුස්සති. “ඩ්රැකියුලා”, “සැබ්රිනා ද ටීනේජ් විච්” නැමැති චිත්‍රපට කලකට පෙරාතුව ජනප්‍රියව පැවති බවද සමහරුන්ට මතක තිබෙන්නට පුළුවන.
ඉන්පසුව හොලිවුඩ් වලින් නිකුත් කෙරුණු ‘X-Men’, “යුනිවර්සල් සෝල්ජර්” (Universal Soldier) වැනි චිත්‍රපට වලින්ද, යම් ‘සුපිරි බලයන්’ සහිත අද්භූත පුද්ගලයන්’ පෙන්නුම් කෙරුනි. එම සමහර චිත්‍රපට වල දෙබස් වලින්, නිතර ඇසෙන ඉංග්‍රීසි කියමනක් වන්නේ “Those Humans” (මේ මිනිස් වර්ගය) යන්නයි.
එම අය ‘සුපිරි බලයන්’ සහිත අය වූ හෙයින් මෙම කියමනෙන් දැක්වූයේ, “මනුෂ්‍ය වර්ගයා”, ඒ අයට සාපේක්ෂිව ‘පහත් මට්ටමක’ සිටින බවයි.
මේවා ප්‍රබන්ධද? නැතහොත් යම් සත්‍යයක් ගැබ්ව ඇත්ද? යම් සත්‍යයක් ඇත්නම් ඊට “සාධක තිබේද?”
මෙම චිත්‍රපට වලින් වැඩිපුරම බලපෑමක් සිදුවන්නේ බාල පරපුරටයි. ‘හැරී පොටර්’ කථාමාලාව දැන් සිංහල දෙබස් ඇතුව විකාශනය වීමෙන්ද එය පැහැදිලි වේ.
පුරාතන සංස්කෘතීන්හි සඳහන් ‘මිත්‍යා මත’ ලෙස පවසා තිබූ සමහර ‘පුද්ගලයන් සහ සිද්ධීන්’ වර්තමානයේදී ‘සත්‍යතාවන්’ ලෙස විශ්වාසකිරීමට, විශේෂයෙන්ම බාල පරපුර පෙළඹී සිටිති.
මෙම වෙබ් අඩවියේ සාමාන්‍යයෙන් කෙරෙන්නේ, ලෝකයේ සිදුවෙමින් පවතින සමහර සිද්ධීන්, යම් ආකාරයකින් “බයිබලයේ සඳහන්ව තිබෙන කරුණු හා සම්බන්ධව ඇත්දැයි,” ගෙනහැරපෑමයි.
බයිබලයේ මුල් පොත වන “උත්පත්ති” 6 වන පරිච්ඡේදයේ, “අද්භූත සිදුවීමක් “සඳහන්ව තිබේ. තවද, මුලු ලොවම ජලගැල්මකින් විනාශ කිරීමට, “දෙවිඳුන් තීරණය කළේ”, එහි ප්‍රතිඵලයක් හැටියට බව ද සඳහන්ව ඇත.
එවැනි “ජලගැල්මක්” සිදුව ඇති බවට, “සුමේරියන්, අක්කාඩියන් සහ ඊජිප්තු සෙල්ලිපි” වැනි අනෙකුත් පුරාතන ලියවිලි වලද සඳහන්ව තිබේ.
එම ලියවිලි, බයිබලය හා සමානවම ‘පරිවර්තනය හා පිටපත්කිරීම්’ සිදු නොවීම හේතුවෙන්, බහුතරයකට ඒ පිළිබඳ දැනුමක් නොමැත.
‘හර්කියුලිස්’ වැනි බලගතු යෝධයන් සහ ‘ඩයනා’ ලෙස රෝමවරුන් නම් කල අද්භූත කාන්තාවන් සිටි බව, ග්‍රීක සහ අනෙකුත් සාහිත්‍යයන් වල දැක්වේ. එම කාන්තාව පිළිබඳව නිකුත් කෙරුණු “වොන්ඩර් වුමන්” (Wonder Woman) නැමැති චිත්‍රපටයද ඉතා ජනප්‍රිය විය. දුටුගැමුණු රජතුමාගේ කාලයේ ලංකාවේද යෝධයන් සිටි බව ඉතිහාසයේ කියැවේ.
බොහෝ දෙනෙකු දන්නා යෝධයෙකුගේ නමක් වන්නේ, බයිබලයේ සඳහන් “ගොලියත්”ය. එනමුත් සමහර අය නොදන්නා කරුණක් වියහැක්කේ, රෝමවරුන් කරණකොටගෙන ‘ඩයනා’ ලෙස ප්‍රසිද්ධිය ලැබුවේ, බයිබලයේ “ක්‍රියා” පොතේ 19:24 සඳහන් “අර්තේමිස්” බවයි. ඒ ඇයගේ ‘ග්‍රීක’ නමයි. ඇය වෙනුවෙන් ක්‍රි. පූ. 550දී පමණ එපිසි නගරයේ තනා නිම කරනලද ‘දේවාලය’, පුරාතන ලෝකයේ ‘පුදුම 7න්’ එකක් ලෙසට සැළකුණි.
උත්පත්ති 6:4 හි “ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවිඳුන්ගේ පුත්‍රයන්, මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල, ඒ ස්ත්‍රීන් ‘ඔවුන් නිසා බිහිකළාවූ’ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ, බලසම්පන්න මනුෂ්‍යයෝ වූහ” යයි සඳහන්ව ඇත.
‘යෝධයන්’ යයි පරිවර්ථනය වී ඇත්තේ, “නෙෆිලිම්” ලෙස හේබ්‍රෙව් බසින් සඳහන් වන වචනයයි. ඊට පදනම් වන හේබ්‍රෙව් මුල් වචනය ‘නෆාල්’ වන අතර, එහි තේරුම වන්නේ, ‘යම් ස්ථානයකින් පහලට වැටීමයි’.
මෝසෙස් විසින් ‘පොරොන්දු දේශය’ විමසා බැලීමට ඔත්තුකරුවන් 12 දෙනෙකු යැවූ බව ගණන්කථාව පොතේ 13 වන පරිච්ඡෙදයේ සඳහන්වේ. ඒ අයගෙන් 10 දෙනෙකු පැවසූ දේවල් නිසා මුළු ඉශ්රායෙල් සෙනඟම පසුබටවූ සැටිද එහි ලියා ඇත. ඒ 10 දෙනා අවසානයේ පැවසූ දෙය වන්නේ “එහි අප විසින් දක්නා ලද සියල්ලෝම බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෝය” [32]. ඉන්පසුව පරිවර්තනයේ ඇත්තේ, “එහි ‘යෝධයන්’ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වන ‘යෝධයන්’ දුටිමුව” [33] කියායි. නුමුත් ‘යෝධයන්’ යැයි පරිවර්තනය කර ඇති එම ස්ථාන දෙකේම හේබ්‍රෙව් බසින් ඇත්තේ “නෙෆිලිම්” යන වචනයයි. තවද, “අප පළඟැටියන් මෙන් අපටම පෙණුනේය. එසේම ඔවුන්ටත් අප පෙණුනේය” කියා එම ඔත්තුකරුවන් පැවසූ බවද, අන්තීම පදයේ ලියා තිබේ.
“ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ, බාෂාන්හි රජවූ ‘ඕග්’ පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය” යයි බයිබලයේ පස් වන පොත වන ද්වීතියකථාව 3:11 හි සඳහන්ව තිබේ. ‘රෙෆායිම්’ යන වචනයද මෙලෙස බයිබලයේ සඳහන්ව ඇත. ඔහුගේ ඇඳේ දිග පළල අඩි 13 ½ ක් සහ 6 ක් හෝ මීටර 4 ක් සහ 2 ක් පමණ වේ. යකඩ වලින් සදා තිබෙන්නට ඇත්තේ, ලී ඇඳකට ඔහුගේ බර දරන්නට නොහැකි නිසාමය.
මෙලෙස මාතෘකාවේ සඳහන් “නම් දෙකේම ආරම්භය ඇත්තේද” බයිබලයේ මය.
ඉහත පදයේ “දෙවිඳුන්ගේ පුත්‍රයන්” ලෙස සඳහන් වන්නේ කවුරුන්ද? යන්න පිළිබඳව නොයෙකුත් මත ඉදිරිපත් කෙරෙනු ලැබේ. අද්භූත ආකාර දේවල් පිළිගැනීමට ‘අකමැති අය’ මේ ‘සාමාන්‍ය මිනිසුන් වර්ගයක්’ ලෙස පෙන්නුම් කිරීමට පෙළඹෙති. ඒ නිසාම ඔවුන්, මේ අය ‘සෙත් ගේ පුත්‍රයන්’ බවටද කියා සිටිති.
එනමුත් සෙත් ගේ පුත්‍ර වූ ඒනොෂ් යන නමේ අර්ථය වන්නේ “අසරණයා” යන්නයි. එයින්ම ඔහුගෙන් ‘බලගතු පුද්ගලයන්’ පැමිණි බවට පිළිගැනීම දුෂ්කර වේ. තවත් අය පවසන දෙයක් වන්නේ, ‘දෙවිඳුන්ගේ පුත්‍රයන්’ ලෙස හඳුන්වනු ලබන්නේ “යහපත් මිනිසුන්” බවයි. ‘යහපත් මිනිසුන්’ කරණකොටගෙන, “දෙවිඳුන් විසින් මුළු ලොවම ජලගැල්මකින් විනාශ කිරීමට තරම් දුෂ්ට මිනිසුන් බිහිවූයේ කෙසේදැයි?” යන ප්‍රශ්නයට, ඔවුනට පිළිතුරු නැත.
පුරාතනයේ සිට, සෑම අධිරාජ්යක් පාහේම, යම් දේශයක් අත්පත් කරගත් කල, ජයග්රාහි කංඩායමේ සෙබළුන්, පරාජිත දේශයේ සත්‍රීන් දූෂණය කිරීම, සාමාන්‍ය සිරිතකි. එම සෙබළුන් කිසිසේත් ‘යහපත් අය’ ලෙස නම් හැඳින් විය නොහැක. ඉතිහාසය පුරාවටම එවැනි බොහෝ පරම්පරාවන් බිහිව ඇත. එනමුත්, ඒ ලෙස බිහිවුනු කිසිම සෙනඟක්, ‘දුෂ්ටකම නිසා’, දෙවිඳුන් විසින් විනාශ කල බවට, බයිබලයේ ලියැවී නැත. සොදොම් සහ ගොමෝරා හී සිටියේ ‘එලෙස බිහිවූ සෙනඟක්’ යැයි කියා හෝ, කිසිදු සාධකයක් නැත.
මෙවැනි කරුණු සැළකිල්ලට ගත් කල, එළඹිය හැකි එකම නිගමනය වන්නේ, “නෙෆිලිම්” යනු ‘මිනිසුන් නොවන’ කංඩායමක් බවයි.
ඒ බවට බයිබලයේම “සාධක” තිබේ.
බයිබලය පුරාවටම, එහි සඳහන් කියමන් පිළිබඳව “අර්තකථනයන්” අනෙකුත් ස්ථානවල පෙන්නුම් කෙරෙනු ලැබේ.
යෝබ් 1:6 හි “තවද එක් දවසක ‘දෙවිඳුන්ගේ පුත්‍රයන්’ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ආ කල්හි, සාතන්ද ඔවුන් අතරෙහි ආයේය” යයි සඳහන්ව ඇත.
සදාකාලයට අප තවම එළඹී නැති හෙයින්, ඉහත සඳහන් ආකාරයට “දෙවිඳුන් අභිමුඛයේ මිනිසුන්ට පෙනීසිටීමට” හැකිවන්නේ, මියයාමෙන් පසුවය. එනමුත් එහි සඳහන් වන්නේ ‘මියගිය අය’ ගැන නම් නොවන බව, මනාව පැහැදිලිය.
ඒ වෙනත් “ආත්මික කණ්ඩායමක්” බවද, ‘සාතන් පැමිණෙන්නේ’ මියගිය කිසිවෙකු නිරයට ගෙනයාමට නොවන බවද එම පරිච්ඡේදය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ.
එලෙස එම අය, ‘ආත්මික ලෝකයේ සිටින්නන්’ බව මනාව පෙන්නුම් කෙරේ. බයිබලයට ඇතුලත්කර නොමැති යම් “පුරාතන ග්රන්ථයන්” ඇත. ඒවායින් සමහරක් හඳුන්වන්නේ “ඇපෝක්රීෆා” නමිනි. එලෙස ගොනුවුනු පොතක් ලියා ඇත්තේ, ආදම් සිට සත්වෙනියා වන “ඒනොක්” විසිනි. එම පොතේ කියමන් සියයක්ටත් වඩා, බයිබලෙය් “නව ගිවිසුම” යන අංශයේ නොයෙකුත් ස්ථාන වල සඳහන්ව තිබෙන බව, “මළ මුහුද අසළ තිබී හමුවුණු” ලියවිලි අධ්‍යයනය කිරීමේදී සොයාගෙන ඇත. එම ග්‍රන්ථය ප්‍රකාර, “උත්පත්ති 6” හි සඳහන් “නෙෆිලිම්” යන්නන්ව, හඳුන්වනු ලැබන්නේ ‘මුරදේවතාවන්’(Watchers) ලෙසයි.
පරිවර්තන දෝෂ හේතුවෙන්, උත්පත්ති 6 හි සඳහන් යම් දේවල් නිසි ආකාරව පෙන්නුම් නොකෙරේ. එහෙයින් එම පින්තූරය සැකෙවින් පහත දැක්වේ.
මනුෂ්‍යයන් ‘බෝවන’ බවත්, සත්වයන් සහ ගස්කොලන්ද එලෙස බෝවන බවත් මෙම මුරදේවතාවන් දුටුහ. එනමුත්, ඔවුනට එළෙස බෝවීමට හැකියාවක් නොමැති විය. තවද, මිනිසුන් සහ සතුන් අතර, උපත් සිදුවන්නේ ස්ත්‍රී පක්ෂයෙන් බවද, ඒ අය දැක්කෝය. එහෙයින්, ස්ත්‍රීන් සමග එකතුවීමට ‘මගක්’ ඇත්නම්, ‘තමන්ටත් බෝවීමට අවස්ථාව උදාවේයැයි’ යන නිගමනයට එළඹුනහ.
එනමුත් ප්‍රශ්නයක් වූයේ, ඔවුන් පළමුවෙන් පිරිමින් තුළට “ඇතුලු විය” යුතු වීමයි. ඕනෑම ‘ආත්මයකට’, පුරුෂ හෝ ස්ත්‍රී කෙනෙකු තුලට ‘ඇතුලුවීම සඳහා’ යම් අවකාශයක් අවශ්‍ය වන බව, එම අංශයේ “සේවා කරණ” හෝ නිරතව සිටින අය දන්නා රහසකි. එම අවකාශයද යම් කොට්ඨාසයක ඇති බව ඔවුනට දක්නට ලැබුනි.
උත්පත්ති 1:29 යේ සඳහන් ප්‍රකාර, ජලගැල්මට ප්‍රථම, දෙවිඳුන් මිනිස් වර්ගයාගේ ආහාරය උදෙසා දානය කළේ “පැළෑටි සහ පලතුරුය”
කායින්, ආබෙල් මැරූ කල, එම “ලේ උරාගත් පොළව”, ගොවියෙකුව සිටි කායින් හට ‘ඵලදාව නොදෙන’ බව දෙවිඳුන් පවසා සිටිසේක (උත්පත්ති 4:10-12). එමනිසා, ඔහු සහ ඔහුගේ දරුවන් හට, ‘දඩයම්කර මස් අනුභවකිරීමට සිදුවිය’. ඔවුන් නොදැන සිටියේ, එලෙස “මරණු ලබන සතුන්ගේ ලේ, ප්‍රථමයෙන් පොළවට ගලායන්නට සලස්වා” එම මස් අනුභව කලයුතු බවයි.
එහෙයින්‘ලේ සහිතව මස් අනුභවකිරීම’ හේතුකොටගෙන, එම මුරදේවතාවන් හට, කායින්ගෙන් පැවත එන්නන් තුළට ඇතුල්වීමට අවකාශය ලැබුනි. වර්තමානයේද යම් මායා වැඩ සිදුකරන අය, සතුන්ගේ ලේ පානයකරන සැටි, සමහර අවස්ථාවන්හිදී දැකගතහැක. එමෙන්ම ඒ ආකාරයෙන් ‘මිනිස් ලේ පානයකරන්නන්’ (Vampires), දැනුදු සිටින බවටද කරුණු කාරණා ඇත.
ඉහත සඳහන් නොයෙකුත් චිත්‍රපට නිෂ්පාදනය කෙරෙන ‘හොලිවුඩ් නුවරද’, එවැනිම කුඩාදරුවන්ගේ ලේ බොන අය පිළිබඳව, “මෙල් ගිබ්සන් සහ ජිම් කැවිලේසි” යන ප්‍රසිද්ධ නළුවෝද ප්‍රකාශ කිරීමෙන් පසු, ඔවුනට බොහෝ චිත්‍රපටවල රඟපෑම අහිමිවුණි.
“Sound of Freedom” නැමැති චිත්‍රපටය, කුඩා ලමුන් ජාවාරම්කිරීම පිළිබඳව සොයා බැලූ විමර්ශණ නිළධාරියෙකුගේ සැබෑ අත්දැකීම් පිළිබඳවවේ. එම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ඇරඹුණු පසු, විවිධ ආකාරයේ බාධකයන් පැමිණියත්, කෙසේ හෝ අවසන් කරගත් නුමුත්, වසර දසයක් පමණ කාලයක් තුල එළිදැක්වීමට නොහැකිවූණි. මෙම වසරේ ජූලි මස, ඇමරිකාවේ සමහර සිනමාහල් වල පෙන්නුම් කිරීමට ලැබුණත්, Netflix සහ අනෙකුත් ප්‍රධානතම විකාශන මාධ්‍යයන්, එම චිත්‍රපටය පෙන්වීමට තවමත් පසුබසිති. එය හුදෙක් ‘මනඃකල්පිත කථාවක්’ හෝ යම් සත්‍යයන්ගෙන් තොර එකක් නම්, “Transformers” වැනි නොයෙකුත් අන්දමේ ‘අද්භූත කථාවන්’ පවා චිත්‍රපට හරහා ප්‍රචාරය කිරීමේ නිරලිතව සිටින ඇමරිකානු චිත්‍රපට ක්ෂේත්රය, “මෙම චිත්‍රපටය එළිදැක්වීම සඳහා පමණක් පසුබටවන්නේ කුමන හේතුවක් නිසාදැයිද?” විමතියට කරුණකි.
මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ, “සාමාන්‍ය මිනිසුන් නොවන” ‘වෙනත් කණ්ඩායමක්’, අප අතර සිටිත්දෝ? යන්නයි.
දෙවියන්වහන්සේ මෝසෙස් කරණකොටගෙන විශ්මිත ක්‍රියා කරමින් ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් පිටතට ගෙනා ආකාරය බයිබලයේ සඳහන් වේ. ඵාරාවෝගේ හමුදාව ඔවුන් පිටුපස ලුහුබැඳ එද්දී, ඉදිරියෙන් තිබූ රතු මුහුද පවා දෙබෑ කර, එම සෙනඟ එගොඩට ගෙනා පසු, ඵාරාවෝගේ හමුදාව එහි ගිලෙන්නට සැලැස්වූ සැටිද ඉශ්රායෙල් සෙනඟ දුටුහ. එකල මුළුලොවම බලවතා ලෙස සලකනු ලැබූ ඊජිප්තුව, එලෙස අවමානයට භාජනය කළසේක.
දෙවිඳුන්ගේ එවැනි බලගතු ක්‍රියාවන් දුටු එම සෙනඟ, මාස හතරක් ඇතුලත, ඔත්තුකාරයන් දසදෙනෙකුගේ කියමන් අසා, පොරොන්දු දේශයට ඇතුලුවීමට මැළිවුනේ මන්දැයි? උභතෝකෝටික ප්රශ්නයකි.
එහෙත් ගණන්කථාව පොතේ 13 වන පරිච්ඡෙදයේ 32 සහ 33 වන පදවල සඳහන් වන්නේ, මිසර දේශයේ ඔවුන් දැක පුරුදු නොමැති, ‘මිනිස් කණ්ඩායමක්’, එකල කානාන් දේශයේ හිඳ ඇති බවයි. සිංහල බයිබලයේ ‘යෝධයන්’ යැයි පරිවර්තනය කර ඇත්තේ මුල් භාෂාවේ ඇති “නෙෆිලිම්” යන වචනයයි.
ඊට ප්‍රථමද, ආබ්‍රම්ගේ දිනයන්හි “රෙෆායිම්වරු” සිටි බව, උත්පත්ති 14:5 හි සඳහන්වේ. එම පදයේ සඳහන් තවත් නම් දෙකක් වන්නේ “සූසිවරු හා ඒමිවරුය”. සූසිවරු ලෙස සඳහන් වන්නේ මුල් භාෂාවේ ‘සුසී(z)ම්’ යන වචනයයි. එය අම්මොනිවරු භාවිතා කල වචනය වන අතර, මෝවබ්වරු ඒ අයව හැඳින්වූයේ ‘ඒමිවරු’ ලෙසයි.
මෙලෙස, “හම්” ගේ සතරවන පුත්වූ “කානාන්” (උත්පත්ති 10:6) පැමිණ පදිංචි වූ දේශයේ, මෙවැනි යෝධයන් සිටි බවට බයිබලයේම සඳහන්වේ.
එලෙසම, මෝසෙස්ගේ කාලයේ සිටි ‘ඕග්’ සහ අනෙකුත් යෝධයන් ගැන ඉහත පෙන්නුම් කර ඇත.
ඊට වසර 500 කටත් අධීක කලකටත් පසු, ගාද් හි සිටි “ගොලියත්, දාවිත් විසින් මරාදැමූ සැටි”, 1 සාමුවෙල් 17 වන පරිච්ඡේදයේ සඳහන්ය. එපමණකුදු නොව ඉන්පසුවද සිටි ගොලියත්ගේ සහෝදරයන් ඇතුලු යෝධයන්ව, දාවිත්ගේ සොල්දාදුවන් ඝාතනය කළ ආකාරය, 2 සාමුවෙල් 21:15-22 දක්වාද සඳහන්වේ.
මෙලෙස, ජලගැල්මෙන් පසුවද ‘අද්භූතාකාර සහ අසාමාන්‍යය පුද්ගලයන්’ සිටි බවට බයිබලයේම නොයෙකුත් ස්ථාන වල සඳහන්ව ඇත.
“ඒ අය” පසුකාලීනව නැතිවී ගියාද නැතහොත් ඔවුන්ගෙන් පැවත එන්නන් තවමත් සිටීද? හොලිවුඩ් වල ක්‍රියාකාරිත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ, ඒහා සමාන “යම් අය” තවමත් සිටින බවයි.
“Truth is stranger than fiction” යන ඉංග්‍රීසි කියමන, “සැබෑව, මිථ්‍යාවට වඩා අරුමපුදුමයි” ලෙස පරිවර්ථනය කළහැක. ‘මියගියා’ ලෙස පෙන්නුම් කෙරෙන සමහර අය, “ජීවතුන් අතර පසුවත් සිටින සැටි”, නොයෙකුත් චිත්‍රපටවලද පෙන්වා තිබේ.
වර්තමාන මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන්නාවූ ‘තොරතුරු’ පිළිගැනීමට අද බොහෝ දෙනා මැලිව සිටින්නේ, එදිනෙදා කෙරෙන ක්‍රියාවන් ප්‍රකාශකිරීමේදී පවා, ‘සත්‍ය වසන්වී’ තිබෙන නිසාය. එය එලෙසම සිදුවන බව යෙසායා 5:20 හි ලියා තිබේ.
“ක්‍රිස්තුස්වහන්සේ නැවත වැඩමකරන බව” එතුමන්ම සඳහන් කළ අතර, එම “ආගමනය ළඟාවන කල” මෙලොව පවතින තත්වය පිළිබඳව, එතුමන්ම පැවසූ දේවල්, මතෙව්, මාර්ක් සහ ලූක් යන ග්රන්ථයන්හි ලියා තිබේ.
එම කාලය ‘නෝවාගේ කාලය’ මෙන් යයි ලූක් 17:26 හා 27හි පවසා, ‘ලොත්ගේ කාලය’ මෙන් යයිද, එතුමන් පවසා වදාළ බව, එහි 28 සහ 29 වන පදවල සදහන් වේ.
දෙවිඳුන් ‘සොදොම් සහ ගොමෝරා’ විනාශ කළේ, විශේෂිතවම එම නගර වල තිබුණු ‘ලිංගික දූෂිතකම නිසා’ බව, උත්පත්ති 18 සහ 19 පරිච්ඡේදවල සඳහන් වේ.
එවැනිම හෝ ඊට වඩා දූෂිත තත්වයන්, දැන් තිබෙන බව ඉතා පැහැදිලිය. ඒ ‘ලොත්ගේ කාලය’ සම්බන්ධවයි.
නුමුත් ‘නෝවාගේ කාලය’ පිළිබඳව අදාල වන්නේ කුමක්ද?
ලූක් 17:27 හි සඳහන් “කමින්, බොමින්, විවාහවීම”, මුළු මිනිස් ඉතිහාසය පුරාවටම තිබෙන දෙයකි. ඒවා දෙවිඳුන්ගේ ප්‍රථම අණපනත් හා සැසෙඳ්. එබැවින් එම සාමාන්‍යය ක්‍රියාවන් වලට වඩා යෝග්‍යය වන්නේ, ‘සිදුවන දේවල් පිළිබඳව කිසිම තැකීමක් නොමැතිව සිටීම’ යන්නයි.
එහෙයින් මෙම ලිපියේ පෙන්නුම් කෙරෙන්නේ, ලූක් 17:26 “නෝවාගේ කාලය” යනුවෙන් ක්‍රිස්තුස්වහන්සේ පවසා වදාළේ, “ජලගැල්මට ප්‍රථම, උත්පත්ති 6 සඳහන් කාලය වැනි කාලයක්”, නැවත වරක් මෙලොව පවතින්නට යන වග බව, සිතා ගැනීම වඩා යෝග්‍යය බවයි.
“නෙෆිලිම් සහ රෙෆායිම් ගෙන් පැවත එන්නන්”, වර්තමානයේ ක්‍රියාශීලීව සිටින බව, විවෘත මනසකින් කරුණුකාරණා සොයා බලන, ඕනෑම කෙනෙකුට පහසුවෙන් දැකගත හැකි දෙයකි.
ඊට ප්‍රධාන හේතුව වන්නේ, මෑතක් වනතුරු “ඔවුන්” රහසිගතව හැසිරී, වර්තමානයේ නිදැල්ලේ ක්‍රියාකරනු ලැබීමයි. නොයෙකුත් චිත්‍රපට මගින්ද ‘යම් අන්දමකට’ ප්රචාරක කටයුතු කෙරෙන බවද පැහැදිලිය.
ලොව ඉදිවෙමින් පවතින ‘ගෝලීය රාජ්‍යය’ පිටුපස සිටින්නේද, එවැනිම පුද්ගලයන් බව, උත්පත්ති 10 හි සඳහන් නිමිරොද්ගේ ජීවිතය පිළිබඳව, පුරාතනයේ ලියා තිබෙන අනෙකුත් ලිපි වලින්ද පැහැදිලි වේ.
මෙලොව සෑම අංශයකින් උද්ගතවී ඇති ‘අර්බූදකාරි තත්වයන්’, තමන්වහන්සේගේ “දෙවෙනි ආගමනයට” ප්‍රථම, ඒ ආකාරයෙන්ම සිදුවන්නට යන බව, ක්‍රිස්තුස්වහන්සේ පවසා වදාළ සේක.
මෙම ලිපියේ පෙන්නුම්කර ඇත්තේ, “නෝවාගේ කාලය” යනුවෙන් එතුමන් පැවසූ කියමනේ, “සැබෑ අරුථ” කුමක් වියහැකිදැයි? යන්නයි.