මීට අවුරුදු 50 කට පෙර “ගෝලීය” යන වචනය සාමාන්‍යයෙන් භාවිතා වුයේ වටකුරු දෙයක් හා සම්බන්ධව පමණි. එනමුත් වර්තමානයේ එයින් අදහස් වන්නේ ‘මුළු ලොව හා සම්බන්ධව’ යන්නයි.
වසර 2500 කට පෙර පැවතිවයාවූ බැබිලෝනියානු අධිරාජ්‍යයේ නායක නෙබුකද්නේසර් රජුට සහ ඔහුගෙන් පසුව පත්වූ අනෙකුත් නායකයන්ට පමණක් නොව, එම අධිරාජ්‍යයට පසු ඉදිවූ, ‘මේද හා පර්සියානු’ අධිරාජ්‍යයේ මුල් නායකයන්ටද උපදේශකයෙකුවූ දානියෙල් නැමැති යුදා ප්‍රඥාවන්තයා, මෙම “ගෝලීය අධිරාජ්‍යය” පිළිබදව ලියා ඇත. ක්‍රි.පූ. 553-550 පමණ කාලයේදී ඔහුට ලැබුණාවූ දර්ශනයන් සඳහන් කරමින්, ඔහුගේ ග්‍රන්ථයේ 7 වන පරිඡේදයේ, මෙලොව ඔහුගෙන් පසුව පවා බිහිවුනාවූ අධිරාජ්‍යයන් පිළිබඳවද ප්‍රකාශ කරයි. එහි 7 සහ 8 වන පදවල මෙලෙස ලියා ඇත.
“ඉන්පසු රාත්‍රියේ දර්ශන වලදී තව මෘගයෙකු දුටිමි. ඌ භයානකව, බලවත්ව, ඉතාම ශක්තිමත්ව සිටියේය. මහත් යකඩ දත් ඌට තිබුනේය. ඌ කා දමා පොඩිකර, ඉතිරි ඒවා උගේ පාද වලින් පෑගුවේය. ඌට පළමුවෙන් සිටි මෘගයන්ට වඩා ඌ වෙනස්ය. හිසේ අං දසයක් තිබුනේය. මා ඒ අං දෙස බලාසිටිද්දී, අං තුනක් ඉවත් කර දමනු ලැබීය. ඇස් සහ මුඛයක් ඇති, උඩඟු වචන ප්‍රකාශ කල ‘අඟක්’ ඉස්මතුවිය.”
ඒ අවස්ථාවේදී දානියෙල් දේව දූතයන්ද දුටු හෙයින්, ඒ එක්කෙනෙකු වෙත ගොස්, එම දර්ශනය පහදා දෙන ලෙස ඉල්ලා සිටියේය. 23 වන සහ 24 වන පදවල එම දූතයාගේ පැහැදිලි කිරීම මෙලෙස සඳහන්ව ඇත. “එම මෘගයා නම් පළමු සියලු රාජ්‍ය වලට වෙනස්වූ, මුළු පොළොව නාස්තිකොට පාගා දමා පොඩිකරන රාජ්‍යයක්ය. ‘අං දසය’ නම් එම රාජ්‍යයේ රජවරු දස දෙනෙක්ය. ඔවුන්ගෙන් තුන්දෙනෙක් ඉවත්වූ පසු, තවත් රජෙක් පැමිණෙන්නේය. ඔහු මහෝත්තම දෙවිඳුන්ට විරුද්ධව ප්‍රකාශන කරන්නේය”
ඉතිහාසයේ ඉදිවූ රෝම සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් පවා, ‘මුළු ලෝකයම’ පාලනය නොකළේය. එවැනි අධිරාජ්‍යයක් දැන් බිහිවෙමින් පවතී. දැනටමත් ඔවුන් මුළු ලොවම, භූගෝලීය වශයෙන් ප්‍රාන්ත හෝ කලාප දසයකට මෙලෙස බෙදා ඇත:-
- කැනඩාව, උතුරු ඇමෙරිකාව සහ කියුබාවද ඇතුළුව බටහිර ඉන්දීය කොදෙව්;
- මුළු දකුණු ඇමරිකාවම එක නායකුට යටත්ව;
- අප්‍රිකානු රටවල් සියල්ලම එක නායකුට යටත්ව;
- මුළු මැදපෙරදිගම එකමුතුව; එහි නායකයා පුරාතනයේ පර්සියාව ලෙස හැඳින්වුනු වර්තමාන ඉරානයෙන් පැමිණේ;
- සියලුම යුරෝපීය රටවල් එකමුතුව; ඔවුන්ගේ නායකයා පැමිණෙන්නේ ජර්මනියෙන් බව එසකියෙල් 38 වන පරිඡේදය අධ්‍යයනය කරන කල පැහැදිලිවේ. එසකියෙල්, දානියෙල්ගේ ජීවිත කාලයේදී බැබිලෝනියාවේ ‘කේබාර්’ ගං ඉවුරේ වාසය කල යුදෙව් අනාගතවක්තෘවරයෙකි. වර්තමාන ජර්මන් නායිකාව ඇන්ජලා මර්කල්, මෙම අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී දේශපාලනයෙන් ඉවත්වන බව නොබෝදා පැවසුවාය. දානියෙල්ගේ දර්ශනයේ පෙන්නුම් කෙරුනේ ‘රජවරුන්’ දස දෙනෙක් හෙයින්, ඇය වැනි බලගතු නායිකාවක් ඉවත්වීමද, මෙම ‘ගෝලීය රාජ්‍යය’ කඩිනමින් බිහිවන බවට, ලකුණකි;
- ජොර්ජියා සිට යුක්රේන් දක්වා සියලුම පුරාන සෝවියට් රාජ්‍යයේ රටවල් එකමුතුව; ඔවුන්ගේ නායකයා රුසියාවේ මොස්කව් නුවරින් පැමිණේ. මෙම නායකයන් තිදෙනා (4,5,6) බිහිවන රටවල් මෙහි සඳහන්කර ඇත්තේ, එසකියෙල් 38 වන පරිඡේදය ආශ්‍රිතව වේ;
- චීනය, ටිබෙට්, මොංගෝලියාව යනාදි සියලුම රටවල් එකමුතුව; බයිබලයේ සෘජුවම සඳහන් නොවුවත්, මෙහි නායකයා චීනයෙන් පැමිණෙන බව ඉතා පැහැදිලිය;
- ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය, භූතානය වැනි රටවල් එකමුතුව;
- සියලුම ආසියානු රටවල් එක නායකුට යටත්ව;
- ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ පැපුවා නිව්ගිනි දූපත් එකමුතුව, අවසාන කලාපයවේ.
ශ්‍රී ලංකාව ඇතුලත් කර ඇත්තේ ‘ආසියානු කලාපයටය’. ලෝකයේ හොඳම තේ නිෂ්පාදනය කිරීමට අපට හැකිවූයේ, ‘හොඳම ජලය’ ලංකා භූමියේ තිබෙන නිසාය. අනාගතයේදී රත්‍රං වලට වඩා වටිනාකමක් පානීය ජලය හට හිමිවන බවට දැනටමත් සළකුණු ඇත. ලංකාව ස්වභාවික සම්පත් වලින්ද බහුල රටකි. පර්සියානු බොක්කෙන් පිටවන, ඛණිජ තෙල් සහ වෙනත් භාණ්ඩ දෙවර්ගයක් ප්‍රවාහනය කරන නෞකාද, ලංකාවට නුදුරුව ගමන්කරති. මෙවැනි කාරණා නිසා මුළු ආසියානු කලාපයේම “ආර්ථික කේන්ද්‍රස්ථානය” ලෙස සලකනු ලැබෙන්නේ ශ්‍රී ලංකාවයි. සීඝ්රයෙන් ඉදිවෙමින් පවතින “කෝප්” නැමති ‘වරාය නගරය’ මීට හොඳම උදාහරණයයි. එය කිසි ලාංකික දේශපාලඥයෙකුගේ අදහසක් නොවන බව නිසි ආකාරව සොයා බලන කල පැහැදිලිවේ.
ලෝකයේ සිදුවෙමින් පවතින බොහෝ දේවල් පිටුපස, කිසි ජාතික හෝ දේශප්‍රේමී සම්බන්ධතාවයක් නොමැති කණ්ඩායමක් සිටී. ‘ඉලුමිනාටි’ වැනි තව සංගමයන් බොහෝමයක්, ඒ අයගේ නියෝග පිළිපදිති. CIA නැමැති රහස් ඔත්තු සේවාවද එම කල්ලියේ නියෝග, ක්‍රියාත්මක කරයි.
වසර 2500 කට පෙර දානියෙල්ට පෙන්නුම්කල දේ, සර්වබලධාරී දෙවිඳුන්, ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු වූ යොහාන් හට, ඔහුව ඉතාලියට දකුණින් පිහිටි ‘පැට්මොස් දූපතේ’ සිරකර සිටිද්දී, වැඩි විස්තරාත්මකව දර්ශන වලින් පෙන්නුම්කල සේක. ඒ මීට අවුරුදු 2000 කට ප්‍රථම වේ. ඒ පිළිබඳ විස්තර අනාගතයෙදී ඉදිරිපත් කරනු ලැබේ.
මෙම ගෝලීය රාජ්‍යය ස්ථාපිත වීමට පෙර ‘මැදපෙරදිග වර්තමාන තත්වය’ මුළුමනින්ම වෙනස්වනු ඇත.
එය “කෙසේ වන්නේද?” සහ දහදෙනාගෙන් ඉවත්වන ‘නායකයන් තිදෙනා කවුද?’ යන දෑ පිළිබඳව මීළඟ ලිපියේ පළකෙරෙනු ලැබේ.