ආසියාවේ වසන බොහෝ කිතුණු නොවන අය සිතා සිටින්නේ ‘ක්‍රිස්තියානි’ යනු බටහිරින් පැමිණි ‘ආගමක්’ ලෙසය. ඒ වැරදි වැටහීමට බොහෝ විට කිතුණුවන් විසින්ම පෙන්වන්නාවූ ‘පිංතූරය’ තුඩුදී ඇත. ඒ හැරෙන්නට බොහෝ කිතුණු ‘නිකායන්’, ලංකාව ඇතුලු ආසියාතික රටවලට පැමිණියේද, බටහිර අධිරාජ්‍යයන්ගේ ආක්‍රමණයන් හේතුකොටගෙනය. ඉතිහාසය පුරාවට පෘතුගීසීන් විසින් ‘රෝමානු කතෝලික’, ඕලන්ද ජාතිකයන් විසින් ‘ඩච් රිෆෝම්’ යනුවෙන් හඳුන්වන ‘ඕලන්ද නිකාය’, ඉංග්‍රීසීන් විසින් ‘මෙතෝදිස්ත’ සහ ‘එංගලන්ත සභාව’ යන නිකායන් පැතිරවූ අතර, 20 වන ශතවර්ෂයේදී එංගලන්තයේ “විලියම් බූත්” විසින් ආරම්භකළ “ගැළවීමේ හමුදාව” සහ ඇමරිකානු මිෂනාරිවරුන් කරණකොටගෙන “පෙන්තකොස්ත” නිකායන්ද ප්‍රචලිත වූහ. එමෙන්ම ‘යෙහොවාගේ සාක්ෂිකාරයෝ’, ‘අන්තිම දිනවල සාන්තුවරයෝ’ යනාදී ‘කල්ලිද’ ඇමරිකාවෙන් පැමිණියහ. ආරම්භයේදී සඳහන් කළ මතය ආසියානුවන් අතර පැතිර තිබීමට ප්‍රධානතම හේතූන් වන්නේද මෙවැනි දේවල්ය.
නුමුත් සත්‍ය නම්, වර්තමානයේ ‘ආගමක්’ ලෙස නම් දරා තිබෙන මෙම “ව්‍යාපෘතිය හෝ ලබ්ධිය” ‘ඇරඹුණේ’ මැද පෙරදිග පිහිටි ඊශ්‍රායලයෙන් වීමයි. කුඩා අවදියේදී, හෙරොද් රජගේ ‘දෑඅවුරුදු දරුවන් මැරීමේ’ නියෝගයට පෙර මිසරයට ගෙනයෑම හැරෙන්නට, ක්‍රිස්තුස් වහන්සේ ඊශ්‍රායෙලයෙන් පිට ගමන් කළේ නැත. එතුමන්ගේ මුළු සේවාවම ඊශ්‍රායෙල් දේශය තුළ පමණක්ම කළසේක.
බයිබලයේ සඳහන් ප්‍රකාර අදටත් “සති මංගල්‍යය” ලෙස යුදෙව් මිනිසුන් හඳුන්වන, ග්‍රීක් භාෂාව ආශ්‍රිතව “පෙන්තකොස්ත” යැයි කිතුණුවන් අතර ප්‍රචලිත “මංගල්‍යය දින”, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රධානතම අනුගාමිකයෙකුවූ පේතෘස් නැමැති යුදෙව් මිනිසා, දෙවිඳුන්ගේ ආත්මයාණන් වහන්සේගෙන් පූර්ණව, ඊශ්‍රායලයේ අගනුවරවූ යෙරුසලමේ කළ දේශනයකින්, අද “ක්‍රිස්තියානි” ලෙස හඳුන්වනු ලබන මෙම ‘පෙරමුණ හෝ ලබ්ධිය’ ව්‍යාප්තවීම ඇරඹුනු බව, බයිබලයේ ‘අලුත් ගිවිසුමේ ලියවිලි’ ලෙස හඳුන්වනු ලබන කොටසේ 5 වන පොතවූ “ක්‍රියා පොතේ” දෙවන පරිච්ඡේදයේ දැකගත හැක. එම සිද්ධිය ඇතුළුව මෙම “පෙරමුණේ” ඉදිරි ආගමනය පිළිබඳව සියලු දෑ ද එම පොතේ ලියා තිබේ.
එම ග්‍රන්ථයේ 9:2, 18:25 සහ 26, 19:9 සහ 23, 22:4, 24:14 සහ 22 යන පදවල මෙම ‘ව්‍යාපෘතිය’ එවකට හැඳින්වූ ‘නාමය’ සඳහන්ව ඇත. එය “මාර්ගය”, නම්වූ ‘ලබ්ධිය’ ලෙස සඳහන් වන අතර හේබ්‍රෙව් බසින් “ඩෙරෙක්” සහ ග්‍රීක් බසින් ‘හොඩොස්’ වේ. කිතුණුවන් විසින් සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන සිංහල බයිබලයේ, ඉහත සඳහන් අන්තිම පද දෙකේ – 24:14 සහ 22කේ් – එම ‘මාර්ගය’ නැමැති නාමය තද කළු පාටින්ද සඳහන්වී ඇති අයුරු දැකගත හැකිය.
ක්‍රිස්තුස් වහන්සේ තම අපෝස්තුළුවරුන් සමග ගතකළ අවසාන රාත්‍රියේ, ඔවුන්ට ආදර්ශයක් ලෙස ඔවුන්ගේ පාද සෝදා ‘අවසන් වරට ඔවුන් සමග පාස්කු මංගල්‍යය පවත්වා’ [ලූක් 22:8,11,15] ගෙත්සමෙන උද්‍යානයට යාමට ප්‍රථම වදාළ බොහෝ කියමන්, යොහාන් ශුභාරංචියේ නැතහොත් ජුවාම් සුවිශේෂයේ 13 වන පරිච්ඡේදයේ සිට 16 වන පරිච්ඡේදය දක්වා ලියැවී ඇති අතර, එතුමන් ඔවුන් සමග කළ “අන්තිම යාච්ඤාවද” 17 වන පරිච්ඡේදයේ දැකගත හැකිවේ.
එම කාලය තුලදී “මාර්ගයත්, සත්‍යයත්, ජීවනයත්, මම වෙමි” යි එතුමන් වදාළ බව යොහාන් 14:6 හි ලියා තිබේ. ඒ අවස්ථාවේදී එතුමන් සමග සිටි අපෝස්තුළුවරුන්, පසුව ‘එම නමින්ම’, “එතුමන්ගේ ජීවිත කාලයේදී ඇරඹුනු මෙම ව්‍යාපෘතිය” ඉදිරියට ගෙන යාම ඉතාමත් සුදුසු යැයි සිතන්නට ඇත.
තවද ‘මාර්ගය’ ලෙසින් පරිවර්තනය කර ඇති, හේබ්‍රෙව් බසින් “ඩෙරෙක්” වන වචනයේ ගැඹුර අතී මහත්ය. ඒ පිළිබඳව ඉදිරි ලිපියකින් විස්තර කෙරෙනු ඇත.
එතුමන්ගේ අනුගාමිකයන්ව ප්‍රථමයෙන්ම ‘ක්‍රිස්තියානිකාරයන්’ ලෙස හඳුන්වනු ලැබුවේ, මධ්‍යධරණී මුහුදට කිලෝමීටර 25 ක් පමණ ඇතුලතින්, එවකට සිරියාව තුල පිහිටි “අන්තියෝකියේදී” බව ක්‍රියා පොතේ 11:26 හි සඳහන්වේ. එකල එසේ ඔවුන්ව හැඳින්වූයේ ‘සරදමටද’ යන්න අදටත් පැහැදිලි නැත. ඊට හේතුව වන්නේ, එම නාමය මගින් ‘ඇදහිලිවතුන් තමන්ව හඳුන්වනවා’ වෙනුවට, ඇදහිලිවතුන් නොවන අය, ‘ඔවුන්ව හැඳින්වීමට’ එම නාමය භාවිතා කිරීමයි. ක්‍රියා 11:26 නිසියාකාරව අධ්‍යනය කරන කල එය මනාව පැහැදිලිවේ. නමුත් මෙම විෂය හා සම්බන්ධව වැදගත් කරුණ වන්නේ, ඒ වනවිට මෙම ‘ව්‍යාපෘතිය’ ඇරඹී වසර 10 කටත් වඩා කාලයක් ගතවී තිබීමයි.
එකල ඊශ්‍රායලයේ තවත් ‘ලබ්ධි’ තිබුණහ. ඒවායින් ප්‍රධානතම දෙකකට අයත්වූ “ඵරිසිවරුන් සහ සද්දුසිවරුන්” බයිබලයේ සඳහන්වේ. ඒ දෙගොල්ලන් සහ “මාර්ගය” නමින් හැඳින්වූ මෙම ලබ්ධිය අතර තිබූ ප්‍රධානතම වෙනස වූයේ, “අනාගතවක්තෘන් විසින් පවසා තිබූ ‘මෙසියස්’ (ග්‍රීක බසින් ක්‍රිස්තුස්)” තමන් අනුගමනය කරන “යාඃෂුවා” (හේබ්‍රෙව් නාමය) බව එම අනුගාමිකයන් විසින් පවසා සිටීමයි. එයද අලුත් ප්‍රකාශයක් නොවන බව ක්‍රියා 5:34-37 දක්වා, ගමාලියෙල් නැමැති ව්යවස්ථාචාර්ය වරයා පවසා සිටි දෙයින් පෙන්නුම් කෙරේ. නුමුත් එම පද වල ඔහුම කියා සිටින ප්‍රකාර, එසේ පැමිණි ‘අනෙකුත් නායකයන්ගේ‘ අභාවයන්ගෙන් පසු, එම ‘පෙරමුණු’ සිඳී ගොස් ඇත.
“මාර්ගය” යනුවෙන් හැඳින්වුණු මෙම ලබ්ධිය සහ අනිත් එම ‘කල්ලින්’ අතර ප්‍රධානතම වෙනස් කම් දෙකක් තිබුණි. ඉන් පළමුවැන්න නම්, මෙම “යාඃෂුවා” කුරුසපත්කර මියගොස් දින තුනකට පසු “නැවත මරණින් නැගී සිට දවස් 40ක් තම ගෝලයන්ට දර්ශණය වෙමින් ‘දේව රාජ්‍යය’ පිළිබඳ තව බොහෝදේ උගන්වා”, ලූක් 24:50-51 හා ක්‍රියා 1:9හි සඳහන් ප්‍රකාර, අනුගාමිකයන් බලා සිටියදීම ‘ස්වර්ගයට වැඩම කිරීමයි’.
දෙවැන්න නම්, ඉන් දින 10 කට පසු, ඉහත සඳහන් කළ පරිදි ශුද්ධාත්මයාණන් වහන්සේගේ පැමිණීම සිදුවී, පේතෘස් විසින් “එතුමන්ගේ බලයෙන් පිරී” කළ දේශනය හේතුකොටගෙන, මෙම “ලබ්ධිය හෝ පෙරමුණ” සිඳී යනවා වෙනුවට, “බලගතු ලෙස ඉදිරියට ආගමනය කිරීමයි”.
මෙය නොරිස්සූ යුදෙව් බලධාරීන්, ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තුළුවරුන් හට නොයෙකුත් තහංචි දැමූහ.
එනමුත් “ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් පිරී සිටි ඔවූහූ” , ඉමහත් පීඩා මධ්‍යයේ තමන්ගේ සේවාව පෙරටුවට ගෙන ගියහ. ඒ දේවල් “ක්‍රියා පොතේ” ලියැවී ඇති අතර, කලින් සඳහන් කල ප්‍රකාර, ගමාලියෙල් නැමැති පුද්ගලයා ක්‍රියා 5:39 හි සඳහන් පරිදි, “මෙම අයට විරුද්ධව යෑම, දෙවිඳුන් හට විරුද්ධව නැගී සිටීමක් පවා විය හැක” යැයි තම සගයන්ට කල ‘අනතුරු හැඟවීම’, “කෙතරම් සැබෑදැයිද” පෙන්නුම් කෙරේ.
මෙම ලිපිය කියවන බොහෝ දෙනෙකුට ඇතිවිය හැකි ප්රශ්නය වන්නේ, තමන් හට පුරුදු ‘ආගම’ නැමැති වචනය වෙනුවට ‘පෙරමුණ, ලබ්ධිය හෝ ව්‍යාපෘතිය’ යන්නන් භාවිතා කරන්නේ මන්දැයි? කියා වියහැක.
ඒ පිළිබඳව පහත දැක්වෙන කරුණු පෙන්නුම් කල යුතුව තිබේ.
බයිබලය පුරාවටම, “පැරණි සහ නව ගිවිසුම්” ලෙස හඳුන්වනු ලබන කොට්ටාශ දෙකේම, කිසිදු ස්ථානයක ‘ආගම’ නැමැති වචනය මුල් බසින් සඳහන් නොවේ. මැවුම්කාර දෙවිඳුන් මෝසෙස් තුළින් ප්රදානය කළේ ‘ආගමක්’ නොව “උපදෙස් මාලාවක්” බව, එම පොත් නිසියාකාරව අධ්‍යයනය කරණකල, මනාව පැහැදිළිවේ. පරිවර්තන වලද, ‘පැරණි ගිවිසුම’ නැමැති කොටසේ ‘ආගම’ නැමැති වචනය දැකගත නොහැකි වීමෙන්ම, එය සනාථවේ.
“ක්‍රියා 25:19 සහ 26:5” යන ස්ථාන 2කේ ‘ආගම’ නැමැති වචනය සිංහල බයිබලයේ දැකගත හැක. නුමුත් ඉංග්‍රීසි බසින් පුරාතනයේ පර්වර්තනය කරන ලද බයිබල්වල (KJV) “ක්‍රියා 25:19යේ”, සඳහන් වන්නේ ‘මිථ්‍ය මතයන්’ නැමැති අරුත ඇති “සුපර්ස්ටිෂන්” නැමැති වචනයයි. තවද එම වචනය පවසන්නේද, රෝම ආණ්ඩුකාර පෙස්තුස් බව, එහි 19 වන පදයේ සිට කියවන කල දැකගත හැක. රෝමවරු බොහෝ දෙවිවරුන් ගෙන් පිරි ‘ආගමක්’ ඇදහූ අය වන අතර, ‘ඔවුන්ගේ දැනුම ප්‍රකාර’ අනෙක් සෑමදෙනාමත් ‘ආගම්’ අදහන්නෝ යයි සිතා සිටියහ. එහෙයින් ඔහුගේ එම කියමන ‘කිතුණු අනුගාමිකයන්ගේ වචනයක්’ ලෙස සැළකිය නොහැක. ඉංග්‍රීසි බසින් ඉහත සඳහන් පරිදි “සුපර්ස්ටිෂන්” නැමැති වචනය භාවිතා වීමෙන්ම එය තහවුරුවේ.
ක්‍රියා 26:5හේ සිංහලෙන් සහ ඉංග්‍රීසි දෙබසින්ම ආගම/‘රිලීජන්’ නැමැති වචන භාවිතා වූවත්, මුල් බසින් ඇති “ත්රේස්කිආ” නැමැති ග්‍රීක් වචනයේ අරුත “භක්තිය” හෝ “ලැදියාව” යන්නයි. යාකොබ් 1:26 සහ 27 යන පදවල, දෙවරක්ම ‘එම ග්‍රීක් වචනයම’, “භක්තිය” ලෙස පරිවර්තනය කර ඇති හෙයින්ම, එය මනාව ඔප්පුවේ.
ඒ සැමට අමතරව ඉතාමත් වැදගත් කරුණ වන්නේ, කිසිදු ශුභාරංචියක නැතහොත් සුවිශේෂයක, ‘ආගම’ නැමැති වචනය එක වරක් හෝ සඳහන් නොවීමයි.
එයින් පෙන්නුම් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ, එතුමන්ගේ දේශනා සහ ඉගැන්වීම් වලදීද, ‘ආගම’ නැමැති ‘වචනය’ කිසිසේත් භාවිතා කර නොමැති බවයි.
එතුමන්ගේ මෙළොව වැඩම කිරීමට ප්‍රථම, වසර 1000ක කාලයක් පුරාවටම (ක්‍රි. පූ. 1400 සිට ක්‍රි. පූ. 400 පමණ දක්වා), නොයෙකුත් අනාගතවක්තෘන් වදාළ අනාවැකි බහුලවම පෙන්නුමකර සිටින්නේ “මෙසියස්” යනු, දාවිත් රජුටගේ පරම්පරාවෙන් පැමිණෙන ශ්‍රේෂ්ඨතම “රජ කෙනෙකු” බවයි. එතුමන් නොයෙකුත් “දුක්වේදනා වන්ට භාජනයවී දිවිපුදන බව”, ගීතාවලිය 22 සහ යෙසායා 53 වැනි පරිච්ඡේදවල පැහැදිලිව දැකගත හැකිවූවත්, ‘ආගමීක නායකයකු’ ලෙස නම්, කිසිසේත් එම අනාවැකිවලින් පෙන්නුම් නොකෙරේ.
තවද උතුරු ඊශ්‍රායලයේ ගලීලයේ මුහුද ආසන්නව පිහිටි නාසරෙත් නුවර විසූ, දෙවිඳුන් විසින් එතුමන්ගේ මව වීමට තෝරාගන්නා ලද කන්‍යාව වෙත යවන ලද ගාබ්‍රියෙල් නැමැති දේවදූතයා, ඈහට පවසා සිටියේද, “ඇයගේ කුසයට වැඩම කරන්නාවූ තැණැන්වහන්සේ හට, දෙවියන් වහන්සේ ‘දාවිත් රජුගේ සිංහාසනය’ දානය කරන බවත්, එහි වැඩහිඳ, එතුමන් ‘යාකොබ්ගේ වංශය’ කෙරෙහි සදහටම රජකරන බවත්” යැයි, ලූක් 1:32 සහ 33 යන පදවල ඉතාමත් අනර්ඝ ලෙස ලියා තිබේ. එතුමන් කිසිදු ‘ආගමක්’ අරඹන්නට යන වගක්, ගාබ්‍රියෙල් දූතයා ඈහට පැවසූ බවක්, කිසිසේත් සඳහන් නොවේ.
මේ හා සමානව මෙම පැහැදිලි කිරීමට “හේතුව මන්දැයි?” සමහර අය සිතන අතර, ඉතින් ඇති “වෙනස කුමක්දැයි?”, තවත් සමහර අය සිතනවා විය හැක.
දුම්රියක් “පීලී පැන්න කල කුමක් සිදුවේදැයි?”, කවුරුත් හොඳාකාරව දනිති. එහෙයින් ඒහා සමාන දෙයක් මෙම “කිතුණු ව්‍යපෘතියටත්” සිදුවී ඇතිබව, පෙන්වාදිය යුතුව ඇත.
ඒ සියල්ල මෙම ලිපියේ දැක්වුවහොත්, මෙය ඉතා දිගු එකක් වන හෙයින්, මීළඟ ලිපියේ ඒ පිළිබඳව තොරතුරු හොවා දක්වනු ලැබේ.
එහෙත් මෙම ලිපියට අදාල එක වැදගත් කරුණක් පෙන්වාදීම යෝග්‍යවේ.
රෝම අධිරාජ්‍යය, මෙලොව පහලවූ බලගතුම එකක් වන්නේය. එහෙත් සමාජයේ ‘පහලම මට්ටමේ’ යැයි සැළකෙන නූගත් අතළොස්සකින් ඇරඹුණු “මාර්ගය” නැමැති ලබ්ධිය, එම බලගතු අධිරාජ්‍යයට අභියෝග්යයක් වූවා පමණක් නොව, අවසානයේදී එම අධිරාජ්‍යය ඊට නතුවීමද සිදුවුනි.
එනමුත් ඉහත සඳහන් “පීලී පැනීමෙන්” පසු, වර්තමානයේ ඉතාමත් උගත් ප්රභූවරයන්ගෙන් සමන්විත, සමාජයේ ඉහලම අදියරයේ සිටින්නන්ගෙන් පරිපූර්නවූ එම ‘පෙරමුණ’, බල රහිත ‘කිතුණු ආගමක්’ බවට පත්ව තිබෙන බව, අවංකව විග්රහ කරන්නේ නම්, ශෝකයෙන් වුවත් පිළිගත යුතු සත්‍යතාවයකි.
එතුමන්ම යෙසායා 46:10 යේ පවසන ප්‍රකාර, සියල්ලම “ආරම්භයේ සිට දන්නාවූ සර්බලධාරි දෙවිඳුන්”, තම සේවක පාවුළු අපෝස්තුළුවරයා තුලින්, “අවසාන කාලය” පිළිබඳ විස්තරයක් දෙවැනි තිමොති 3 වන පරිච්ඡේදයේ දක්වා ඇත. එහි 5 වන පදයේ ලියා ඇත්තේ, එම කාලයේදී බොහෝ අය “දේවභක්තියේ වේශය දරන නුමුත්, එහි ‘බලය එපා කළ’ අයව සිටින්නෝය” කියායි.
එතැනද, ‘ආගම’ නැමැති වචනය භාවිතා නොවන්නේ, මුළු බයිබලය පුරාවටම මුල් බසින්, ‘ආගම’ යන වචනය නොමැති හෙයිනි.
එමෙන්ම අප දැන් ජීවත්ව සිටින්නේ “අවසාන කාලයේ” බවට නම්, බයිබලය හදාරන ඕනෑම කෙනෙක් ඉතා හොඳින් දන්නා දෙයකි.