පසුගිය ඔක්තෝබර් 7 වැනිදා උදෑසන, දකුණු ඊශ්‍රායලයේ ජනතාව “යුදෙව් සංහාරයෙන්” පසු සිදුවූ ඉතාම දරුණු හා බියකරු අත්දැකීමට මුහුණ දුන්හ.
පසුගිය ශතවර්ෂවලදීද, අරාබිවරුන් නොයෙක් අවස්ථාවන්හීදී, මැද පෙරදිග යුදෙව්වන් ඝාතන සිදු කලහ. නමුත් ක්‍රමක්‍රමයෙන් දැකගන්නට ලැබුණු පරිදි, මෙම උදෑසන සිදු වූ දෙය සමඟ, ඒ කිසිවක් සැසඳිය නොහැක.
අතීතයේ ‘හමාස් සංවිධානය’, ඊශ්‍රායලයට එරෙහිව ත්‍රස්ත ක්‍රියා සිදු කළ සෑම අවස්ථාවකම, ඊශ්‍රායල රජයේ ප්‍රතිචාර නම් කර තිබුණේ ‘මෙහෙයුම්’ යනුවෙනි. මෙවර හමාස්, PIJ සහ ඊට සම්බන්ධ වෙනත් පාර් ශවයන්ගේ ක්‍රියාකාරකම් බොහෝ පිළිකුල් සහගත බැවින්, රජය ප්‍රකාශ කළේ “ඔවුන් යුද්ධයක යෙදී සිටින” බවයි.
‘මෙහෙයුම්’ යන්නෙන් අදහස් කරණු ලැබුවේ, ඒවා ‘සතුරා දමනය කිරීමට’ ගන්නා ලද තාවකාලික පියවරයන් බවටයි. නමුත් ‘යුද්ධය’ යනු සතුරා විනාශ කිරීමයි. මෙවර ඊශ්‍රායල රජය සහ ඔවුන්ගේ ‘ආරක්ෂක මණ්ඩලය’ දිගින් දිගටම පවසා සිටින්නේද ඒබවයි..
වසර 2005දී, ඊශ්‍රායලයේ දිවංගත අගමැති ඒරියල් ෂැරොන්, එහි එතෙක් විසූ ‘යුදෙව් ජනතාව’ බලහත්කාරයෙන් ඉවත්කර, “ගාසා තීරය” ඒකපාර්ශ්විකව, “පලස්තීන බලධාරීන්ට” භාර දුන්නේය.
2006දී, ප්‍රථම සහ එකම වතාවට, ගාසා තීරයේ පැවති මැතිවරණයෙන්, ‘හමාස් සංවිධානය’ ජයග්‍රහණය කළේය. පසුව 2007දී, හමාස් සංවිධානය, පරාජයවූ පලස්තීන අධිකාරියේ ‘ෆාටා සාමාජිකයින්’, ගාසා තිරයෙන් නෙරපා හරිමින්, එහි මුළු පාලනය තමන් සතු කරගත්හ.
1978 වන වසරේදී, ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත්, ඊශ්‍රායලය සමග “සාම ගිවිසුමක්” ඇතිකර ගත්තේය. එවකට ඊශ්‍රායලයේ අගමැතිවූ මෙනාඛම් බෙගින් සමග ඇතිකරගත් එම සාම ගිවිසුම හඳුන්වණු ලැබුවේ “කෑම්ප් ඩේවිඩ් ගිවිසුම්” ලෙසිනි. එය හෙළාදැක්ක ඊජිප්තුවේ “මුස්ලිම් සහෝදරත්වය” (Muslim Brotherhood) නැමැති ත්‍රස්ත කල්ලිය, 1981 ඔක්තෝබර් 6දා, අන්වර් සදාත්, ඝාතනය කළහ.
1987දී, ‘හමාස් සංවිධානය’ ආරම්භ කරන ලද්දේ, එම ඊජිප්තු ත්‍රස්ත කල්ලියේ ‘අංකුරයක්‘ ලෙසිනි. හමාස් සංවිධානයේ ‘ප්රඥප්තිය’ තුළ පැහැදිලිවම සඳහන් කර ඇත්තේ, ඔවුන්ගේ අරමුණ “ඊශ්‍රායලය විනාශ කර දැමීම” බවයි.
PLO ‘ප්රඥප්තියේ’ ද එම සටන් පාඨය ඇතත්, ඔවුන් “ඔස්ලෝ ගිවිසුම” අත්සන් කිරීමෙන් ඊශ්‍රායලය සමඟ ‘සාමයක්’ ඇති කර ගත්හ. ‘පළමු ගිවිසුම’ 1993 දී එවකට ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ අධීක්ෂණය යටතේ “වොෂින්ටන් DC” හිදී සහ ‘ඔස්ලෝ II ගිවිසුම’ 1995 දී ඊජිප්තුවේ “ටාබා” හි අත්සන් කරන ලදී. නමුත් ‘හමාස් සංවිධානය’ කිමසිදාකවත් ඊශ්‍රායලය සමඟ ‘සාමාදාන’ නොවන බවට ප්‍රතිඥා දුන්නේය.
එය වර්තමාන ගැටුමට අදාළ කෙටි ඉතිහාසයකි.
ප්රශ්නය වන්නේ, “මෙම සිද්ධීන් සම්බන්ධයෙන් බයිබලයේ කිසියම් සඳහනක් තිබේද?” යන්නයි. පිළිතුර “ඔව්” වේ.
යෙසායා 14:31, යෙරෙමියා 47:4-7, ශෙපනියා 2 4 -7 සහ දේව වචනයේ තවත් බොහෝ ස්ථානවල, ගාසා තීරයට සහ ඒ අවට ප්‍රදේශවලට, “කුමක් සිදුවේද? යන්න” සඳහන් වුවද, සෙකරියා 9 වන පරිච්ඡේදයේ ලියැවී ඇතිදේ කෙරෙහි අවධානය යොමු කිරීම වඩාත් සුදුසු සහ අදාල වේ.
එහි ‘පසුබිම’ අනුව යන කල, පළමුවෙන් එහි 3 සහ 4 පද වල සඳහන් දේ කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.
3 වැනි පදයෙහි තීර් (හෙබ්‍රෙව් භාෂාවෙන් ට්සෝර්) නම්වූ, “ශක්තිමත් සහ සමෘද්ධිමත් නගරයක්” ගැන කථා කෙරෙන අතර, එය ‘වරාය නගරයක්’ වූ බැවින් එය යටපත් කර, ‘මුහුදට හෙළන’ ආකාරය 4 වැනි පදයේ සඳහන් වේ.
සෙකරියා එසේ පවසා වසර 100ට පමණ පසු, ක්‍රි.පූ. 332 දී, ඇලෙක්සැන්ඩර් රජ විසින් එම ප්‍රදේශය යටත් කරගත් කල, අනාවැකියේ ‘එම කොටස’ සම්පූර්ණ විය. ඔහු විසින් තීර් වටලා පැරණි නගරය කඩා ඉවත් කර, සුන්බුන් යොදාගෙන මුහුද හරහා මගක් ඉදි කළේය.
නමුත් 4වන පදයේ අවසාන කොටස වන, “එය ගින්නෙන් විනාශවන්නේය” යන්නෙන්, එම අනාවැකියේ ‘ඉදිරියේ සම්පූර්ණවීමක්‘ පෙන්නුම් කෙරේ. ඒදේ මෙම වර්තමාන ගැටුමේදී ‘සිදුවිය හැකි‘ බවට, නොයෙකුත් ලකුණු, දිස් වෙමින් පවතී.
සෙකරියා 9:3 සහ 4 හි සඳහන් ප්‍රදේශය, නූතන “ලෙබනනය” බව, පළමුවෙන් පෙන්නුම් කරදිය යුතුවේ. ඉහත සඳහන් අනාවැකි කොටසෙහි සඳහන් වන්නේ, “එය ගින්නෙන් ගිල දමනු ලබන්නේය” හෝ “ගින්නෙන් විනාශ වන්නේය” යනුවෙනි.
ගාසා තීරය නූතන ඊශ්‍රායලයේ දකුණේ, බටහිර දෙසින් පිහිටා ඇති අතර, ලෙබනනය ඊශ්‍රායලයට උතුරින් පිහිටා ඇත.“හිස්බුල්ලා සංවිධානය” විසින් ලෙබනනය වක්‍ර ලෙස පාලනය කරනු ලබන අතර, ඉරානය විසින් හිස්බුල්ලා වෙත සෘජුවම අවි ආයුධ සහ සම්පත්, සිරියාව හරහා සපයනු ලැබේ. එබැවින් ඔවුන් ලෙබනනයේ පිහිටි, ඉරානයේ ‘ප්‍රධාන නියෝජනය’ වේ.
මුලදී ඊශ්‍රායලය අවධානය යොමු කළේ, ඔක්තෝබර් 7වන දින, ගාසා තීරයේ සිට, ගොඩබිම සහ මුහුද හරහා සහ යම් ආකාරයේ සැහැල්ලු ගුවන් යානා (Gliders) භාවිතයෙන්, ගුවනින් පවා දකුණු ඊශ්‍රායලයට පැමිණ, එම බිහිසුණු ඝාතන සිදුකල ත්රස්තවාදීන් තුරන් කිරීම පිළිබඳවයි. මේ වන විට සති 2ට පවා ආසන්න කලක් ගතවී ඇතිමුත්, ඊශ්‍රායලයේ බලධාරීන් පවසා සිටින්නේ, “හමාස් ත්‍රස්ත කල්ලිය, සදහටම නැතිකර දමන බවයි”.
ඊශ්‍රායලයට උතුරින් ඇතුළුවී, යම් විනාශකාරි ක්‍රියා සිදුකිරීමට තැත් කළ ඇතැම් ත්රස්තවාදීන්, ඊශ්‍රායල හමුදා විසින් ඝාතනය කරන ලද බව, කලින් පැවසුණි. . ඔවුන් ‘පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ)’ නම් කණ්ඩායමට අයත් ත්රස්තවාදීන් බව ප්‍රකාශ වූ අතර, ඔවුනට උවද, හිස්බුල්ලා සංවිධානයේ අනුදැනුමකින් තොරව, ඊශ්‍රායලයේ උතුරේ කිසිදු ත්‍රස්තව ක්‍රියාවක් සිදුකළ නොහැකි බව, කවුරුත් දන්නා කරුණකි.
ඊශ්‍රායලයේ “ජාතික සේවය” ලෙස සියලුම පිරිමි සහ ගැහැණු ළමයින්, වයස අවුරුදු 18 සම්පූර්ණ වන විට, පිළිවෙළින් වසර 3 සහ 2 ක කලක්, හමුදාවේ සේවය කිරීම අනිවාර්ය වේ. ජර්මනියේ “ජාතික සේවාව” 2001දී නතර කෙරුණු අතර, කිසිඳු ආක්රමණාකාරි තර්ජනයකට මුහුණ නොදෙන ස්විස්ටර්ලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල, “ජාතික සේවාව” දැනුදු පවතී. බොහෝ විට එසේ කෙරෙන්නේ, තරුණවියේදී එම ජීවිතවල, ‘විනය ස්ථාපිත කිරීම’ සඳහා එය මහඟු රුකුලක් වන නිසා විය හැකිය.
ඊශ්‍රායලයේ පුරවැසියන්, අනිවාර්ය කාලපරිච්ඡේදයෙන් පසුවත්, සෑම වසරක් පාසා සීමිත කලක්, හමුදාවේ සේවය කළයුතුවේ. හදිසි අවස්ථාවකදී ඔවුන් සියල්ලන්ම නැවත කැඳවනු ලබන අතර, එය හඳුන්වනු ලබන්නේ “සේවයෙහි යෙදවීම” (Mobilization) යනුවෙනි.
පසුගිය කාලයේ ඊශ්‍රායලය ප්‍රධාන වශයෙන් දේශපාලනික ලෙස බෙදී සිටි බැවින් මෑත වකවානුවේ, හදිසි අවස්ථාවකදී, “සේවයේ යෙදීම සඳහා කැඳවීම්” කරන කල, බොහෝ දෙනෙක් කීකරු නොවන බවටද, යම් කතාබහක් ඇති විය.
ඊශ්‍රායෙලයේ සතුරන් ද එසේ සිතන්නට ඇත. නමුත් පසුගිය දා සිදුවූ හමාස් ප්‍රහාරය, සිතාගත නොහැකි ආකාරයෙන් ඊශ්‍රායලය එක්සේසත් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර “විශේෂ අවස්ථා සේවාවට” කැඳවූ කල, හමුදා සෙබලුන් 300,000 පැමිණියහ. තවත් බොහෝ දෙනෙක් ‘සූදානම්ව’ද සිටිති.
ඊශ්‍රායලයේ උතුරු දෙසට තවත් ‘මිසයිල ප්‍රහාර’ එල්ලවූ බැවින්, පසුගිය 8 වැනි ඉරිදා අලුයම, ලෙබනනයේ හිස්බුල්ලා බලකොටු පවතින බවට සඳහන් ඇතැම් ප්‍රදේශවලට, ඊශ්‍රායෙල් හෙලිකොප්ටර් විසින් ප්‍රහාර එල්ල කරන ලදි.
එය අදාළ වන්නේ සෙකරියා 9:4 අවසානයේ සඳහන් “එය ගින්නෙන් විනාශවන්නේය” යන කොටසටයි.
වර්තමාන අර්බූදය හේතුවෙන්, ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කිරීමට සූදානම් වන අතර, උතුරේ හිස්බුල්ලා සංවිධානය කෙරෙහි ද අවධානය යොමු කරගෙන සිටී.
එය ඉහත සඳහන් ලෙස, සෙකරියා 9:5 අවසානයේ පවසා ඇති අනාවැකිය ඉටුවීමට, මග පෑදීමක් විය හැක.
එනම්, “එය ගින්නෙන් විනාශවන්නේය” යන කොටසටයි. එය සිදුවන්නේ, හුදෙක් ඊශ්‍රායලයේ ප්‍රහාරයකින් ‘පමණක්ද’, නැතහොත් වර්තමානයේ මධ්ය්යරණි මුහුදට එළඹ සිටින ඇමරිකාණු යුධ නැවක් කරණකොටගෙනද, නැතහොත් ඒ ‘දෙගොල්ලන්ගේම’ ප්‍රහාර එකතුවකින්ද යන්න, අප දැනට නොදන්නා දෙයකි.
ඒ කෙසේ වෙතත්, එහි ප්‍රතිඵලයක් ලෙස “ගාසාත් ඒ දැක තද වේදනා විඳින්නීය; ගාසාවෙන් රජ නැතිවී යන්නේය”, යන අනාවැකිය, එකල සම්පූර්ණ වනු ඇත.
සෙකරියා 9:6 “මම පිලිස්තිවරුන්ගේ ‘උඩඟුකම‘ සිඳ දමන්නෙමි” කියා දෙවියන් වහන්සේ පවසන බව, ලියැවී ඇත.
යෙරෙමියා 47:4 හි සඳහන් වන්නේ “සියලු උපකාරකාරයන් තීර් සහ සීදොන් (නූතන ලෙබනනය) වලින් සිඳදමා, සියළු පිලිස්තිවරුන් නාස්ති කිරීමට පැමිණෙන දවස නිසාය”, කියායි.
යෙරෙමියා 47:5 හේ ලියැවී ඇත්තේ,“ගාසා තීරයට මුඩුකම පැමිණෙන්නේය” කියායි. එයින් අදහස් වන්නේ, “ගාසා තීරයෙන්, ඊශ්‍රායෙල්හි සියලු සතුරන් ‘නාස්තිකර දමනු’ ලබන” බවයි.
ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යංශය සහ වර්තමානයේ පිහිටුවනු ලැබූ ‘හදිසි ආරක්ෂක මණ්ඩලය’ පවසා සිටින්නේද ඒ දේමය. ශෙපනියා 2 4 -7 ද ලියා ඇත්තේ , “ගාසා තීරය විනාශ වන” බවයි.
ඉහත සැකැවින් පෙන්නුම් කරදී ඇත්තේ, “වර්තමාන තත්වය පිළිබඳව, බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?”, යන්නයි.