වර්තමාන ලෝකයේ සිදුවෙමින් පවතින දේවල් නිසා බහුතරයක් කම්පණයටත්, ව්‍යාකූලත්වයටත් පත්ව සිටිති. කිසිම දෙයක් සැලසුම් කරගත නොහැකි බවක් පෙනෙන හෙයින්, මතුවට ‘කුමක් වේදැයි?’ අවිනිෂ්චිතවද සිටිති.
මෙම තත්වය මේ ආකාරයෙන්ම දේව වචනයේ වසර 2000 කට පෙර ලියා ඇතැයි කිවහොත් බොහෝ දෙනෙකු මවිත වීමටද ඉඩ ඇත. ලූක් ශුභාරංචියේ 21:25 හි “ලෝකයට පැමිණෙන වියවුල් නිසා පොලොවේ වසන්නන්ට දුක් වේදනා සිදුවන” බව ක්‍රිස්තුස් වහන්සේ වදාළ සේකැයි ලියා ඇත. එහි ඊළඟ පදයේ “මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්ත වන බව සහ ලෝකයට පැමිණෙන දේ ගැන බියවන්නට” යන බවද එතුමන් පැවසුවේයයි සඳහන්ව ඇත. වර්තමානයේ සිදුවන මෙවැනි තව බොහෝ දේද ප්‍රකාශකරමින්, අනාගතයේ සිදුවන්නට යන දේවල්ද, එතුමන් පවසා ඇත. එපමණකුදු නොව, එතුමන් මෙලොව වැඩම කිරීමට ප්‍රථම පවා සිටි අනෙකුත් අනාගතවක්තෘන්ද, ඒ හා සමාන අනාවැකි පවසා තිබේ.