කිතුණු ව්‍යාපෘතියේ ආරම්භය

ආසියාවේ වසන බොහෝ කිතුණු නොවන අය සිතා සිටින්නේ ‘ක්‍රිස්තියානි’ යනු බටහිරින් පැමිණි ‘ආගමක්’ ලෙසය. ඒ වැරදි වැටහීමට බොහෝ විට කිතුණුවන් විසින්ම පෙන්වන්නාවූ ‘පිංතූරය’ තුඩුදී ඇත. ඒ හැරෙන්නට බොහෝ කිතුණු ‘නිකායන්’, ලංකාව ඇතුලු ආසියාතික රටවලට පැමිණියේද, බටහිර අධිරාජ්‍යයන්ගේ ආක්‍රමණයන් හේතුකොටගෙනය. ඉතිහාසය පුරාවට පෘතුගීසීන් විසින් ‘රෝමානු කතෝලික’, ඕලන්ද ජාතිකයන් විසින් ‘ඩච් රිෆෝම්’ යනුවෙන් හඳුන්වන ‘ඕලන්ද නිකාය’, ඉංග්‍රීසීන්…

සාම ගිවිසුම්

ඉතිහාසය ප්‍රකාර ක්‍රි.පූ. 2100 ගණන් සිට නොයෙකුත් පාර්ශවයන් සාම ගිවිසුම් වලට එළඔ ඇත. “සාම ගිවිසුම” යන්න අර්ථ දැක්වෙන්නේ, “යුධ වැදී සිටින දෙපාර්ශවයක් (රටවල් හෝ ආණ්ඩු වැනි)  අතර, එම යුද්ධය අවසන් කෙරෙන නීත්‍යානුකූල ගිවිසුමක්” ලෙසය. පළමුවෙන් සටන් විරාමයකට එළඹී, පසුකාලීනව ‘සාම ගිවිසුමක්’ කරණකොටගෙන නොයෙකුත් කොන්දේසි පැනවීම සිදුකෙරේ. එවැනි ගිවිසුම් තුල, පහත දැක්වෙන කොන්දේසි 3 පොදුවේ දක්නට ලැබේ.…

භූමිය අත්පත්කර ගැනීම

ඕනෑම භාෂාවක වචනයන්ගේ අර්ථයන්, කාලාන්තරයක් යන කල වෙනස් වන බව කා හට වුවත් දැකගතහැකි දෙයකි. ජාත්‍යාන්තර භාෂාවක් වන ඉංග්‍රීසිහී එය බහුලව දැකිය හැකි දෙයක් හෙයින් පහත සඳහන් උදාහරණයන් එය මනාව පෙන්නුම් කරයි. උදාහරණ: අතීතයේ ඉංග්‍රීසි බසින් ‘ගේ’ (Gay) ලෙස අර්ථවත් කළේ ‘විනෝදකාමී’ යන අදහසයි. නමුත් වර්තමානයේ ‘ගේ’ (Gay) ලෙස භාවිතා වන්නේ ‘සමලිංගික’ වෙනුවෙනි. එලෙසම අතීතයේ…

නැවත පැමිණීම

විසිර ගිය යුදෙව් ජනතාවගේ මුඛයන්ගෙන් නිරතුරුව නික්මුණ කියමන වූයේ “හා’ෂානා හා’බාආහ බ’යෙරුෂලායිම්” යන්නයි.  එහි අරුත “ලබන වසරේ යෙරුසලමේදී” වේ. නොයෙකුත් අන්දමේ පීඩාවන් හට භාජනය වීම හේතුවෙන් 1850ස් ගණන් සිට, තමන්ගේ ආදිපීතෘන් හට දෙවිඳුන් පොරොන්දුවූ දේශයට “නැවත පැමිණීම” යුදෙව් මිනිසුන් ඇරඹූහ. ඊට ප්‍රථම පවා එහි පැමිණි යුදෙව් මිනිසුන් වූහ. එනමුත් ලිඛිත වාර්තා බහුලව ඇත්තේ, එතැන් පටන් පැමිණි…

විසිර ගිය යුදෙව් මිනිසුන් හට මුහුණ පෑමට සිදුවූ අත්දැකීම්

යුදෙව් මිනිසුන්, රෝම අධිරාජ්‍යය මගින් ක්‍රි. ව. 70දී සහ 135දී තමන්ගේ දේශයෙන්  පිටමං කලපසු මුළු  ලොව පුරා විසිර ගියහ. එනමුත් පදිංචිවූ සෑම රටකම ඔවූහූ  ‘යුදෙව් විරෝධි ක්‍රියාවන්ට’ මුහුණ පෑහ. බොහෝ අවස්ථාවන්හිදී, ශතවර්ෂ ගණනාවක් පවා පදිංචිව සිටි ප්‍රදේශ හෝ රටවලින් පළවා හරිනු ලැබූහ. උදාහරණයක් ලෙස ක්‍රි.ව. 1290 දී පළමුවන එඩ්වඩ් රජ, “සියලුම යුදෙව් මිනිසුන්” එංගලන්තයෙන් පලවා…

මෙතරම් අවධානයක් යොමු වීමට ඉශ්‍රායලයට ඇති විශේෂත්වය කුමක් විය හැකිද?

මැද පෙරදිග පිහිටි කුඩාම රට වන ඉශ්‍රායලය වෙත, මුළු ලෝකයේම අවධානය උපරිම ලෙස, ‘දීර්ඝ කලකට’ යොමුවී තිබීමම පුදුමයට කරුණකි. සිංගප්පූරුව වැනි කුඩා රටක සිදුවන දේ හෝ දූපත් සමූහයකින් සමන්විත වූ ‘ත්‍රස්තවාදී ක්‍රියාද’ කෙරෙන පිලීපීනය වැනි රාජ්‍යයකට පවා, මේ හා සමාන දිගු කාලින අවධානයක්, ජාත්‍යන්තර වශයෙන් කිසි කලෙකත් යොමුවූයේ නැත. තව උදාහරණයක් ගතහොත්, කොවිඩ් උවදුරට ප්‍රථම, ආසියාවේ බලවතුක වන ඉන්දියාව, කාෂ්මීර දේශයට යම් බලපෑම් කළේය. ඉන්දියාව එසේ කලේ කාශ්මීරයෙන් ‘එක රොකට්’ එකක් වත්, ඉන්දියාවේ කිසිම නගරයක් වෙත…

ගෝලීය ජලගැල්ම

පැරණිම ලිඛිත භාෂාවන් ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ ක්‍රි.පූ. 2000-3000 අතර ලියැවී ඇතැයි විශ්වාස කරන “අක්කාඩියන් සහ සුමේරියන්” ලියවිලි වේ. අක්කාඩියන්, අසිරියානු අධිරාජ්‍යයේ භාෂාව විය. එනමුත් පසුකාලීනව බැබිලෝනියානු අධිරාජ්‍යය ස්ථාපිත වූ පසු ඔවුන්ගේ භාෂාවවූ “පුරාතන ඇරමැයික්” භාවිතාවීම ඇරඹුනි. එම ලියවිලි වල “ලෝකය මැවීම සහ පෘථිවිය වසාගත් ජලගැල්මක්” සිදුවූ බව සඳහන් ඇත. එමෙන්ම ලිඛිත ඊජිප්තු භාෂාවේ ආරම්භය…

මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භය

ලෝක ඉතිහාසය අනුව ප්‍රථම ශිෂ්ඨාචාරය “මෙසපොතේමියාවෙන්” වේ. එම වචනයේ තේරුම ‘ගංගා දෙක අතර’ යන්නයි. එම ගංගා දෙක වර්තමාන ඉරාක සහ ඉරාන ප්‍රදේශයන්හි පිහිටි “ප්‍රාත් සහ ටීග්‍රිස්” වේ. දේව වචනය අනුවද එය එසේමය. බයිබලයේ එම ප්‍රදේශය උදෙසා ව්‍යවහාර වන්නේ “ෂීනාර්” යන නාමයයි. යෝෂුවා 10:13 හි සඳහන් යාෂාර් නැමති තැනැත්තා විසින් ලියා ඇති පොත ප්‍රකාර, ෂීනාර් යන…