පැමිණෙන සූර්යග්‍රහණය ඇමරිකාවට කෙළෙස බලපායිද?

මේ ශතවසරේ මුල් වකවානුවේම ඇමරිකාව පුරා ‘සූර්යග්‍රහණයන්’  දෙකක් සිදුවන බව දැන් කවුරුත් දන්නා කරුණකි. පළමුවැන්න 2017 අගෝස්තු මස 21 වන දින සිදු වූ අතර, දෙවැන්න 2024 අප්‍රේල් මස 8 වන දින සිදුවනු ඇත.   මෙම සූර්යග්‍රහණ දෙක ඇමරිකාවේ යෝධ “X සලකුණක්” ද ඇති කරයි. එයින් අදහස් කළ හැක්කේ කුමක්ද? ඉශ්‍රායෙල් දෙවිඳුන් ඇමරිකාවට මෙයින් කුමක් පවසනවා…

ඊශ්‍රායලය මුහුණ දෙන වත්මන් ගැටුම

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා උදෑසන, දකුණු ඊශ්‍රායලයේ ජනතාව “යුදෙව් සංහාරයෙන්” පසු සිදුවූ ඉතාම දරුණු හා බියකරු අත්දැකීමට මුහුණ දුන්හ. පසුගිය ශතවර්ෂවලදීද, අරාබිවරුන් නොයෙක් අවස්ථාවන්හීදී, මැද පෙරදිග යුදෙව්වන් ඝාතන සිදු කලහ. නමුත් ක්‍රමක්‍රමයෙන් දැකගන්නට ලැබුණු පරිදි,  මෙම උදෑසන සිදු වූ දෙය සමඟ,  ඒ කිසිවක් සැසඳිය නොහැක. අතීතයේ ‘හමාස් සංවිධානය’, ඊශ්‍රායලයට එරෙහිව ත්‍රස්ත ක්‍රියා සිදු කළ සෑම…

නෙෆිලිම් හෝ රෙෆායිම් යනු කවුරුන්ද?

ඉතිහාසය පුරාවටම විවිධ කාලයන්හී, නොයෙකුත් ‘නාමයන්, මතයන් සහ මාතෘකාවන්’ ඉස්මතුව, මිනිසාගේ අවධානයට භාජනය වී ඇත. ‘පියාඹන පීරිසි, පිටසක්වල ජීවීන්, ලේ උරා බොන ‘පිසාචයින්’ සහ අද්භූත ක්‍රියාවන් සිදුකරන මායාකාරයන් හෝ මායාකාරයින් (Witches)’ යනාදීන්ද, බොහො දෙනාගේ කුතුහලය අවුස්සති. “ඩ්‍රැකියුලා”, “සැබ්රිනා ද ටීනේජ් විච්” නැමැති චිත්‍රපට කලකට පෙරාතුව ජනප්‍රියව පැවති බවද සමහරුන්ට මතක තිබෙන්නට පුළුවන. ඉන්පසුව හොලිවුඩ් වලින්…

ලඟදීම මැදපෙරදිග ඇවිලේවිද?

මුලු ලෝකයේම අවධානය නැවතත් මැදපෙරදිග දෙසට යොමුව තිබෙන බව නොරහසකි. ඇමරිකාවේ බලය හීනවෙමින් පවතින අතර චීනය මහත් ලෙස බලසම්පන්න වන බවද මනාව පෙනේ. එමෙන්ම දුගී රටක් ලෙස සැලකුනු ඉන්දියාවද, එංගලන්තය අභිබවා පස් වන ආර්ථික බලවතා බවට පත්ව ඇත. මෙලෙස මුලු ලෝකයම මහත් පෙරලිකාර තත්වයකට පත්  වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත. කිසිම බලගතු රාජ්‍යයක්, තවත් රාජ්‍යයකට,…

පැමිණෙන ගෝලීය ආණ්ඩුකාර නායකයා

මෙම වෙබ් අඩවියේ “පැමිණෙන්ට තිබෙන දේවල්” අංශයේ පළමුවන ලිපි දෙකෙන් පෙන්නුම් කෙරුනේ, මැදපෙරදිග මීළඟට සිදුවීමට නියමිත ‘ගීතාවලිය 83 හි සඳහන් යුද්ධය’ සහ ඉන් අනතුරුව ස්ථාපිත වීමට නියමිත, නායකයන් දස දෙනෙකුගෙන් යුත් “ගෝලීය රාජ්‍යය” පිළිබඳවයි. එමෙන්ම එම කොටසේ අවසාන ලිපිය නිම කෙරුණේ, එම ගෝලීය රාජ්‍යයට අයත් නායකයන් දස දෙනාගෙන් ‘තිදෙනෙකු ඉවත්වීම’  පිළිබඳව කෙටියෙන් සඳහන් කිරීමෙනි. එම…

කිතුණු ව්‍යාපෘතියේ ආරම්භය

ආසියාවේ වසන බොහෝ කිතුණු නොවන අය සිතා සිටින්නේ ‘ක්‍රිස්තියානි’ යනු බටහිරින් පැමිණි ‘ආගමක්’ ලෙසය. ඒ වැරදි වැටහීමට බොහෝ විට කිතුණුවන් විසින්ම පෙන්වන්නාවූ ‘පිංතූරය’ තුඩුදී ඇත. ඒ හැරෙන්නට බොහෝ කිතුණු ‘නිකායන්’, ලංකාව ඇතුලු ආසියාතික රටවලට පැමිණියේද, බටහිර අධිරාජ්‍යයන්ගේ ආක්‍රමණයන් හේතුකොටගෙනය. ඉතිහාසය පුරාවට පෘතුගීසීන් විසින් ‘රෝමානු කතෝලික’, ඕලන්ද ජාතිකයන් විසින් ‘ඩච් රිෆෝම්’ යනුවෙන් හඳුන්වන ‘ඕලන්ද නිකාය’, ඉංග්‍රීසීන්…

පැමිණෙන මැද පෙරදිග යුද්ධ

බයිබලයේ මෙන්ම මිනිස් ඉතිහාසයේ සඳහන් ප්‍රකාර, මැදපෙරදිග ආරම්භ වූ මිනිස් ශිෂ්ඨාචාරය, ලෝකයේ වෙනත් දිශාවන් වෙත ගලා ගොස්, නැවතත් “මැදපෙරදිගටම” පැමිණ තිබෙන ආකාරය, මාධ්‍යයේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති වලින්ම පැහැදිලි වේ. විටින් විට ඇෆ්ගනිස්ථානය වැනි ස්ථාන වල සිදුවන දේවල් මෙන්ම, නොයෙකුත් ආකාරයේ ස්වභාවික විපත් පිළිබඳව අවධානය යොමු වුවත්, නැවත වරක් මැදපෙරදිග සහ ඉශ්‍රායලය කෙරෙහි අවධානය වැඩිපුර යොමුවී…

ලොව පුරා ආර්ථිකය මත ඉමහත් බලපෑමක් කරන නගරය

වර්තමාන ලෝකයේ ඇති රටවල් “සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින හා සංවර්ධනය නොවූ (දිළිඳු)” රටවල් ලෙස වර්ගීකරණය කෙරේ. එසේ නැතහොත් “පළමුවන ලෝකයේ, දෙවන ලෝකයේ හා තුන්වන ලෝකයේ රටවල්” ලෙස හඳුන්වනු ලැබේ. එසේ කෙරෙන්නේ රටක තිබෙන්නාවූ ‘ආර්ථික ස්ථාවරය’ මත වේ. එම ආර්ථික ස්ථාවරය නිගමනය කරනු ලබන්නේ, ඕනෑම රටක  “දළ දේශීය නිෂ්පාදිතය” (GDP) මගිනි. කලින් රටක “දළ ජාතික නිෂ්පාදනය”…

සාම ගිවිසුම්

ඉතිහාසය ප්‍රකාර ක්‍රි.පූ. 2100 ගණන් සිට නොයෙකුත් පාර්ශවයන් සාම ගිවිසුම් වලට එළඔ ඇත. “සාම ගිවිසුම” යන්න අර්ථ දැක්වෙන්නේ, “යුධ වැදී සිටින දෙපාර්ශවයක් (රටවල් හෝ ආණ්ඩු වැනි)  අතර, එම යුද්ධය අවසන් කෙරෙන නීත්‍යානුකූල ගිවිසුමක්” ලෙසය. පළමුවෙන් සටන් විරාමයකට එළඹී, පසුකාලීනව ‘සාම ගිවිසුමක්’ කරණකොටගෙන නොයෙකුත් කොන්දේසි පැනවීම සිදුකෙරේ. එවැනි ගිවිසුම් තුල, පහත දැක්වෙන කොන්දේසි 3 පොදුවේ දක්නට ලැබේ.…

භූමිය අත්පත්කර ගැනීම

ඕනෑම භාෂාවක වචනයන්ගේ අර්ථයන්, කාලාන්තරයක් යන කල වෙනස් වන බව කා හට වුවත් දැකගතහැකි දෙයකි. ජාත්‍යාන්තර භාෂාවක් වන ඉංග්‍රීසිහී එය බහුලව දැකිය හැකි දෙයක් හෙයින් පහත සඳහන් උදාහරණයන් එය මනාව පෙන්නුම් කරයි. උදාහරණ: අතීතයේ ඉංග්‍රීසි බසින් ‘ගේ’ (Gay) ලෙස අර්ථවත් කළේ ‘විනෝදකාමී’ යන අදහසයි. නමුත් වර්තමානයේ ‘ගේ’ (Gay) ලෙස භාවිතා වන්නේ ‘සමලිංගික’ වෙනුවෙනි. එලෙසම අතීතයේ…