ඊශ්‍රායලය මුහුණ දෙන වත්මන් ගැටුම

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා උදෑසන, දකුණු ඊශ්‍රායලයේ ජනතාව “යුදෙව් සංහාරයෙන්” පසු සිදුවූ ඉතාම දරුණු හා බියකරු අත්දැකීමට මුහුණ දුන්හ. පසුගිය ශතවර්ෂවලදීද, අරාබිවරුන් නොයෙක් අවස්ථාවන්හීදී, මැද පෙරදිග යුදෙව්වන් ඝාතන සිදු කලහ. නමුත් ක්‍රමක්‍රමයෙන් දැකගන්නට ලැබුණු පරිදි,  මෙම උදෑසන සිදු වූ දෙය සමඟ,  ඒ කිසිවක් සැසඳිය නොහැක. අතීතයේ ‘හමාස් සංවිධානය’, ඊශ්‍රායලයට එරෙහිව ත්‍රස්ත ක්‍රියා සිදු කළ සෑම…

නෙෆිලිම් හෝ රෙෆායිම් යනු කවුරුන්ද?

ඉතිහාසය පුරාවටම විවිධ කාලයන්හී, නොයෙකුත් ‘නාමයන්, මතයන් සහ මාතෘකාවන්’ ඉස්මතුව, මිනිසාගේ අවධානයට භාජනය වී ඇත. ‘පියාඹන පීරිසි, පිටසක්වල ජීවීන්, ලේ උරා බොන ‘පිසාචයින්’ සහ අද්භූත ක්‍රියාවන් සිදුකරන මායාකාරයන් හෝ මායාකාරයින් (Witches)’ යනාදීන්ද, බොහො දෙනාගේ කුතුහලය අවුස්සති. “ඩ්‍රැකියුලා”, “සැබ්රිනා ද ටීනේජ් විච්” නැමැති චිත්‍රපට කලකට පෙරාතුව ජනප්‍රියව පැවති බවද සමහරුන්ට මතක තිබෙන්නට පුළුවන. ඉන්පසුව හොලිවුඩ් වලින්…

ලඟදීම මැදපෙරදිග ඇවිලේවිද?

මුලු ලෝකයේම අවධානය නැවතත් මැදපෙරදිග දෙසට යොමුව තිබෙන බව නොරහසකි. ඇමරිකාවේ බලය හීනවෙමින් පවතින අතර චීනය මහත් ලෙස බලසම්පන්න වන බවද මනාව පෙනේ. එමෙන්ම දුගී රටක් ලෙස සැලකුනු ඉන්දියාවද, එංගලන්තය අභිබවා පස් වන ආර්ථික බලවතා බවට පත්ව ඇත. මෙලෙස මුලු ලෝකයම මහත් පෙරලිකාර තත්වයකට පත්  වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත. කිසිම බලගතු රාජ්‍යයක්, තවත් රාජ්‍යයකට,…