කිතුණු ව්‍යාපෘතියේ ආරම්භය

ආසියාවේ වසන බොහෝ කිතුණු නොවන අය සිතා සිටින්නේ ‘ක්‍රිස්තියානි’ යනු බටහිරින් පැමිණි ‘ආගමක්’ ලෙසය. ඒ වැරදි වැටහීමට බොහෝ විට කිතුණුවන් විසින්ම පෙන්වන්නාවූ ‘පිංතූරය’ තුඩුදී ඇත. ඒ හැරෙන්නට බොහෝ කිතුණු ‘නිකායන්’, ලංකාව ඇතුලු ආසියාතික රටවලට පැමිණියේද, බටහිර අධිරාජ්‍යයන්ගේ ආක්‍රමණයන් හේතුකොටගෙනය. ඉතිහාසය පුරාවට පෘතුගීසීන් විසින් ‘රෝමානු කතෝලික’, ඕලන්ද ජාතිකයන් විසින් ‘ඩච් රිෆෝම්’ යනුවෙන් හඳුන්වන ‘ඕලන්ද නිකාය’, ඉංග්‍රීසීන්…