ලොව පුරා ආර්ථිකය මත ඉමහත් බලපෑමක් කරන නගරය

වර්තමාන ලෝකයේ ඇති රටවල් “සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින හා සංවර්ධනය නොවූ (දිළිඳු)” රටවල් ලෙස වර්ගීකරණය කෙරේ. එසේ නැතහොත් “පළමුවන ලෝකයේ, දෙවන ලෝකයේ හා තුන්වන ලෝකයේ රටවල්” ලෙස හඳුන්වනු ලැබේ. එසේ කෙරෙන්නේ රටක තිබෙන්නාවූ ‘ආර්ථික ස්ථාවරය’ මත වේ. එම ආර්ථික ස්ථාවරය නිගමනය කරනු ලබන්නේ, ඕනෑම රටක  “දළ දේශීය නිෂ්පාදිතය” (GDP) මගිනි. කලින් රටක “දළ ජාතික නිෂ්පාදනය”…