භූමිය අත්පත්කර ගැනීම

ඕනෑම භාෂාවක වචනයන්ගේ අර්ථයන්, කාලාන්තරයක් යන කල වෙනස් වන බව කා හට වුවත් දැකගතහැකි දෙයකි. ජාත්‍යාන්තර භාෂාවක් වන ඉංග්‍රීසිහී එය බහුලව දැකිය හැකි දෙයක් හෙයින් පහත සඳහන් උදාහරණයන් එය මනාව පෙන්නුම් කරයි. උදාහරණ: අතීතයේ ඉංග්‍රීසි බසින් ‘ගේ’ (Gay) ලෙස අර්ථවත් කළේ ‘විනෝදකාමී’ යන අදහසයි. නමුත් වර්තමානයේ ‘ගේ’ (Gay) ලෙස භාවිතා වන්නේ ‘සමලිංගික’ වෙනුවෙනි. එලෙසම අතීතයේ…

නැවත පැමිණීම

විසිර ගිය යුදෙව් ජනතාවගේ මුඛයන්ගෙන් නිරතුරුව නික්මුණ කියමන වූයේ “හා’ෂානා හා’බාආහ බ’යෙරුෂලායිම්” යන්නයි.  එහි අරුත “ලබන වසරේ යෙරුසලමේදී” වේ. නොයෙකුත් අන්දමේ පීඩාවන් හට භාජනය වීම හේතුවෙන් 1850ස් ගණන් සිට, තමන්ගේ ආදිපීතෘන් හට දෙවිඳුන් පොරොන්දුවූ දේශයට “නැවත පැමිණීම” යුදෙව් මිනිසුන් ඇරඹූහ. ඊට ප්‍රථම පවා එහි පැමිණි යුදෙව් මිනිසුන් වූහ. එනමුත් ලිඛිත වාර්තා බහුලව ඇත්තේ, එතැන් පටන් පැමිණි…