මෙතරම් අවධානයක් යොමු වීමට ඉශ්‍රායලයට ඇති විශේෂත්වය කුමක් විය හැකිද?
මැද පෙරදිග පිහිටි කුඩාම රට වන ඉශ්‍රායලය වෙත, මුළු ලෝකයේම අවධානය උපරිම ලෙස, ‘දීර්ඝ කලකට’ යොමුවී තිබීමම පුදුමයට කරුණකි. සිංගප්පූරුව වැනි කුඩා රටක සිදුවන දේ හෝ දූපත් සමූහයකින් සමන්විත වූ ‘ත්‍රස්තවාදී ක්‍රියාද’ කෙරෙන පිලීපීනය වැනි රාජ්‍යයකට පවා, මේ හා සමාන දිගු කාලින අවධානයක්, ජාත්‍යන්තර වශයෙන් කිසි කලෙකත් යොමුවූයේ නැත. තව උදාහරණයක් ගතහොත්, කොවිඩ් උවදුරට ප්‍රථම, ආසියාවේ බලවතුක වන ඉන්දියාව, කාෂ්මීර දේශයට යම් බලපෑම් කළේය. ඉන්දියාව එසේ කලේ කාශ්මීරයෙන් ‘එක රොකට්’ එකක් වත්, ඉන්දියාවේ කිසිම නගරයක් වෙත…